සුනාමි මතකය 😔

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    හද පාරවන සුනාමි මතකය 😪

    අවුරුදු 16කට කලින් අද වගේ දවසක උදේ පන්තියකට යන්න (සිපාරා) ගාල්ලෙ ටවුන් එකට ඇවිල්ල උන්නෙ ගෙදර ඉදලා.ඒ කාලෙ පෝය දවස් වලත් පන්ති තියන්න පුලුවන්.යන්න ලේස්ති වෙනකොට අම්මත් කීවා මේ පෝය දවසේ මොන පන්තිද ගෙදරට වෙලා ඉන්න කියලා...ඇහුවේ නෑ ඉතින් ගියා..

    යන ගමන් බස් එකේ වීදුරුවෙන් අහස දැක්කා කුරුල්ලන් ඉතා විශාල ප්‍රමානයක් එක පාරම ඉගිල්ලිලා ගියා..එදා හුලගෙත් අමුතුම කියන්න බැරි වෙනසක් තිබුනා.කාලගුණයත් අමුත්තක් දැනුනා.....

    බස් එකෙන් බැහැලා ක්ලාස් එකට යනකොට මගදි යාලුවො දෙන්නෙක් මුන ගැහුනා .. යමු කීවා මොනා හරි කාල එන්න කියලා..උදේට කන්න යාලුවො දෙන්නෙක් එක්ක( Sidath Prasanna Sagith Sankalpa) මුහුදු ගාවම කඩේකට ගියා.(ගාල්ලෙ මහජන පොල)

    කටවල් දෙකක් කන්න උනේ නෑ කකුල ගාවට වතුර ආව..ඊගාව තත්පර 5ක් යන්න කලින් කඩේටත් උඩින් වතුර ආව. .... මුල් වතුර පාර එනකොට හිතුනේ වතුර බටයක් කැඩිලදෝ කියලා..ඊගාවට ජෙට් එකක් වගේ සද්දයක් ඇහුණේ..මහ බිහිසුණු හඩක්...

    බේරෙන්න කියලා කඩේ පිටිපස්සට දිව්වා කඩේ ඇරපු විතරයි නේ..කඩේ පිටිපස්ස දොර වහලා එහෙමම කොටු උනා..වතුර සැරට වහල බිත්ති සේරම කඩන් වැටුණා..එකක් වත් හැබැයි ඇගට නම් වැටුනේ නෑ..වතුර යට කළුම කලු පාටයි..නිකම් මාව සරුන්ගලක ගැට ගහලා වගේ වතුර යට කැරකැවෙන්න ගත්තා.. පස්සෙ අමාරුවෙන් එක පාරක් උඩට ආව. එහෙමම ගහගෙන යද්දී ඔලුවට මීටරයක් වගේ තියෙද්දී ලොකු ලයිට් කනුවක් කඩන් වැවැටුනා.මතක විදියට කෝම හරි 3න් පාරක් උඩට ආවා.. වතුරත් එක්ක පුදුම විදියට ලෑලි ගොඩක් තිබුනේ..ඒ අර කැඩුන කඩවල් වල ලෑලි වෙන්න ඕනෙ..

    එහෙමම ගහ ගෙන ගියා.. මීටර් 200ක් විතර ..ගාල්ලෙ පොලිසියේ වහලේ එල්ලිලා බේරුණේ..හුගක් තුවාලත් උනා ..දත් එහෙම කැඩුනා.. කන එහෙම ඇහෙන එක අඩු උනා කන ඇතුලේ වැලි එහෙම ගිහින්... දැනුත් කනේ නිතරම ලෙඩ එනවා..

    අමතක කරන්න බෑ..තනිකරම බෝම්බයක් ගැහුවා වගේ .. විනාඩි කිහිපයක කලින් මං උන්න තැන කඩවල් සියයක් විතර තියෙන්නෙ ඇති ..ඉතිරිවෙලා තිබ්බේ එක කඩේක එක පැත්තක බිත්තියක් විතරයි.. අමු සොහොනක් වගේ ටවුන් එකම. අඩිය තියන හැම තැනකම මැරුන අය..පොලිසියේ වහලේ ඉදන් බලද්දී වටේම වතුර විතරයි.. වමනේ දෙපාරක් විතර ගියා වහල උඩදී..හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා.. වහල උඩට වැටිලා තිබ්බ කරන්ට් වයර් නූල් බෝලයක් වගේ කරන්ට් එක ස්පාක් වෙනවා.ඉතාමත් පරිස්සමෙන් අඩිය තියලා උඩට ගියේ..දශමයක් එහා මෙහා උනා නම් කරන්ට් එක වැදෙන්න තිබ්බා..වට පිට බැලුවාම මුහුදේ සෑහෙන්න බඩු අනන් මනන් පාවෙනවා.. හැම තැනම මර ලතෝනි සද්ද..

    එකක් කියන්නම් බිහිසුණු බව ගැන තේරුම් ගන්න..ගහ ගෙන යනකොට මං දෙපාරක් හෝ තුන්පාරක් කොහොම හරි වතුරෙන් උඩට ආව..ඒ වෙලාවක දැක්ක සී ටී බී බස් එකක් වතුරට ගහගෙන යනවා..බස් එක පිරෙන්න සෙනග..ඒ සේරම එහෙමම මුහුදට ගියා ගහගෙන..එක්කෙනක් වත් මං හිතන්නෙ බේරුණේ නෑ..

    කොහොම හරි අපි 3න් දෙනා බේරුනා
    .එච්චරම ළඟ ඉදලාත් බේරුණ හැටි හිතා ගන්න අමාරු.. ඒ කඩේ උන්න අනෙක් සියලුම දෙනා නැති උනා කියලයි ආරංචි උනේ...කඩේ අයිති කෙනා කිලෝමීටර් 1කහමාරක වගේ දුරට ගහගෙන ගිහින් තිබුනේ.

    ගෙදර ආවෙත් ඉතාම අමාරුවෙන්.පැය ගනනක් වාහන බර ගානක ගොඩ වෙලා..ඒ වෙද්දී මාව අදුරගන්න බැරි වෙන තරමට වෙනස් වෙලා.. ඒ වතුරේ තිබ්බේ කලු පාට මැලියම් වගේ දෙයක්..පස්සෙ කොන්ඩේ සම්පූර්ණ ගාලම යවන්න උනා...ඒ මැලියම්..

    ලියනවා නම් ලොකු කතාවක්..මේ ඉතාම කෙටි කරලා ලීවේ.. මුලු දවසක කතාවක්..මතක් කරන්න අමාරු ..මතක් වෙන්න වෙන්න එදා ඒ මරලතෝනි සද්ද මට තවමත් ඇහෙනවා..අම්මලා ළමයි නැතිව ලතෝනි දෙනවා..ළමයි අම්මලා සොය සොය.කෑගහන සද්ද තවමත් හිත පාරවනවා...මේ සිද්ධියෙන් පස්සේ මම මුහුද දිහා බලන්නවත් බය උනා..රැල්ල පෑගුවට ඉන් පස්සේ කවදාවත් මුහුදේ නාලා වත් නෑ මේ අද දවස වෙනකම්...😪

    මේ මහා රලෙන් නැති උන හැමටම නිවන් සුව... ආයෙත් කෙදිනක වත් එවන් විපතක් සිදු නොවේවා!!! 🙏🙏🙏🙏

    ප .ලි ..😔😔😔මහවීදිය පාර දෙපැත්තේ සල්ලි හැම තැනම ..කලින් දවසේ නත්තල් නිසා එකතු උන සල්ලි ලාච්චු පිටින් ගහගෙන ඇවිත් පාරට වැටිලා තිබුනා.. තව ඉර එලියට දිලිසි දිලිසි රත්තරං බඩු ගොඩාක් තිබුනා.. හුගක් අය ගන්න ඇති..මම මහන්සියට එකම තැනක තිබ්බ බීම බෝතලයක් බීවා..ඊට අමතරව මං දාපු සපත්තු ඉරිලා අඩිය තුවාල වෙලා පාරේ අඩිය තියන්න බෑ..වීදුරු හැමතැනම වතුරේ ගහගෙන ආපු සෙරෙප්පු දෙකක් දාගත්තා ඇවිදගන්න අමාරු අඩිය තිබ්බ තිබ්බ තැන වීදුරු.. කකුල කිහිප පලකින් කැපිලා නිසා.එච්චරමයි ගත්තේ වෙන කෙනෙක්ගෙ දෙයක්..කියලා..ශර්ට් නම් ඉරිලා ගිහින් තිබ්බේ..කලිසමත් හැමතැනම ඉරිලා ඩෙනිමක් නිසා යන්තමට ඉතුරු උනේ..ආත්මාර්කාමී මිනිස්සු සෑහෙන්න මේකෙන් හොරකම් කරන්න ඇති.. එවලේ මහපාරේ කෝටි ගානක සල්ලි රත්තරං තියෙන්නෙ ඇති...මං ඇස් පනාපිට තිබ්බා සල්ලි මිටි සෑහෙන්න ගොඩක්..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔවු මට උන දේ මේ
    ජීවිතේ බේරුන එක නම් ලොකු දෙයක්..ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකට සුනාමි ආපු එක රෙකෝඩ් වෙලා ටීවි එකේ දැක්ක බස් එහෙම වතුරෙ පාවෙනව. :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    අවංකවම කියනවනං කතාව කියවගෙන යද්දි දුකට වඩා සතුටක් දැනුන. ඒකට හේතුව ඔයාටයි, යාළුවන්ටයි ජීවත්වෙන්න වාසනාව තිබුණ නේද කියල හිතුන එක.

    මටනං සුනාමිය සම්බන්ධ මේවගේ භයානක අත්දැකීම් නෑ. හැබැයි කවදාවත් අමතක නොවෙන මතකයක් තියෙනව.

    එතකොට මට වයස 14යි. අපේ අම්මයි තව නෑදෑයො කට්ටියකුයි වෑන් එකක් කතාකරන් මාතර කිට්ටුව මළගෙදරක ගියා. වෑන් එකේ හිටිය දෙන්නෙකුට විතරයි ෆෝන් තිබුණෙ. සිද්ධිය උන වෙලාවෙ ඒව වැඩ කරේ නෑ. කොහොමහරි කට්ටිය බේරිලා ආව.
    ඒ පැතිවල මිනිස්සු පොල් ගස් වල කොහු ලණු ඇදල පොල් වතු මැදින් කොළඹට එන්න පාරවල් සීමා කරල පෙන්නල තියෙනව. ඒ කැලෑ පාරවල් වලින් තමයි බේරිලා ඇවිත් තියෙන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ එකමුතුකම, හිත හොඳකම හින්ද තමයි අපේ අම්මලාට කරදරයක් නැතුව එන්න පුලුවන් උනේ.

    කෝච්චියෙන් මළගෙදර යන්න හිටිය මාම කෙනෙකුට සුළු ප්‍රමාදයක් හින්ද කෝච්චිය මිස් වෙලා තියෙනව. ඒ කෝච්චිය සුනාමියට අහුවෙලා කියල පස්සෙ ආරංචිවුණා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අපේ මහගෙවල් ගාල්ලෙ. නිවාඩුවට ගියා දෙසැම්බර්. ගිහිං ඉදල 26 උදේ එන්න තිබ්බ එක 25 රෑ ආව මොකක් හරි තාත්තගෙ වැඩකරන තැන ප්‍රශ්නෙකට අපි 26 ආවනං ගොල්‍ රෝඩ් එකේ අපිවත් අහුවෙන්න තිබ්බ
     

    Chathu_95

    Active member
  • Sep 2, 2020
    123
    121
    43
    මිනිස්සු නැති වෙච්ච මිනිසුන්ගේ නම් කියා කියා කගහනවා , මිනි උස්සගෙන ඇවිත් පාරේ දානවා, අපි දන්න දැකල පුරුදු මිනිස්සුන්ගේ මිනිත් තිබ්බා , මතක් වෙද්දීත් තාම ඒ සිද්දි මැවිලා පේනවා වගේ බන්
     
    • Sad
    Reactions: Stimulus mind