ගුරුකම් සිරාවටම තිබ්බේ ඉස්සර කාලේ .ඔය ගුරුකම් මන්තර වැරදි උන්ට පත් වුණාම උන් ඒවගෙන් අයුතු ප්රයෝජන ගත්ත නිසා ගුරුකම් ඇත්තටම දාන්න ගුරුන්නාන්සේලා ඒව කාටවත් නොදී ඒවත් එක්කම මියැදුණ..දැන් ඉන්නේ හොරු බං.
කළුවර අඳුන කියලා බෙහෙතක් තියෙනවා මනතර මතුරලා හදන්නේ. ඒක ගාගෙන කාටවත් නොපෙනී ගියැකී.. සතුරු ආක්රමණ කාලේ පණිවිඩ ගෙනියන්න..පාවිච්චි කළේ ..අපේ උන් ඕක ගෑනු නාන තැන් වල හැංගිලා ඉන්න පාවිච්චි කලා..
ඇත්ත රාජතරංගනී තෙල ඉස්සර හිඳල තියෙනවා අපේ පන්සලේ. සිල්වත් හාමුදුරු වරු 108නමක් පිරිත් කියන්න ඕනේ ලු ඒ තෙල හිඳින ගමන්. පරම්පරාවෙන් ආපු ඔය තෙල් කුප්පියක් අපේ මුත්තා ගාවත් තිබිලා තියෙනවා. නඩුවකට එහෙම යනකොට නළලේ ගාගෙන ගියාම තමන් සාධාරණයි නම් නඩුකාරයා දපා නේ වැටිලා තීන්දුව දෙනවාලු වාසි වෙන්න. මොන පෙරක දෝරුව ඇල්ලුවත් මොන බොරුව කිවත් වැඩක් නෑලු. අන්න තෙල්..