<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නව අවුරුද්දටත් තව දින කිහිපයකි
    කවුරු වුවත් එය පිලිගන්නා සෙයකි
    මෙහිදිත් කිරිබතක් පිසින්න අදහසකි
    සැසියෝ මොකද කියනුයේ මට කියන් සකි
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    අහා! කවි මඩුව තාමත් නැග යනවා
    හැකි හැම විටම එන්නට මට හිත එනවා
    දැනගනු රිසිය මෙහි දැන් මොනවද වෙනවා
    කෙටියෙන් කියන් සකි විස්තර නොපමාවා
     
    • Like
    Reactions: Pink panther
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    සිනහව කඳුල ආලය කැටි කොට තවරා
    රස කවි ගොතා සොහොයුරු පෙම හිතින් දරා
    ඊයේ දිනේ සතුටින් කඩ ඉම සපුරා
    දෙදහස ලොකුද යමු අපි දසදහස කරා !


    :):):):):):):):):):):):):):):):):):)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    උදේ මම ඇවිත් ....ගියා
    තනිව කවි කියා ....ගියා
    තොපි බුදියන ......නියා
    දැනී මට මල පැනලා ගියා

    ඔබ උන් ජාමේ මා හිටියේ නෑ ......දොයියා
    හරස් උනා කාලය ගැසුමට........... කයියා
    දුන් පැසසුමට තුතී පුදනවා මේ.......මයියා
    දවසක අපි හමුවෙමු දෝ ලොකු.....අයියා
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සිනහව කඳුල ආලය කැටි කොට තවරා
    රස කවි ගොතා සොහොයුරු පෙම හිතින් දරා
    ඊයේ දිනේ සතුටින් කඩ ඉම සපුරා
    දෙදහස ලොකුද යමු අපි දසදහස කරා !


    :):):):):):):):):):):):):):):):):):)

    ඔබ නං සිරා කවියෙකි එහි නොම .....රහසක්
    ඔබහට තනිව ලිව හැක කවි දස....... දහසක්
    අද දින අපි සපුරමුදෝ කවි............. සහසක්
    කවියට කවිය ලියමුද නොමගෙන ......වෙහසක්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    නව අවුරුද්දටත් තව දින කිහිපයකි
    කවුරු වුවත් එය පිලිගන්නා සෙයකි
    මෙහිදිත් කිරිබතක් පිසින්න අදහසකි
    සැසියෝ මොකද කියනුයේ මට කියන් සකි

    අවුරුදු පාටියක් පොඩියට .........දාන්න
    බෝතල් ගෙනෙන් එදාට බඩු..... නාන්න
    ගෑනු අතින් කිරි බතකුත්.......... බාන්න
    පෙට්ෂ ගෙනෙන් එදාට පොල් .....ගාන්න
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ජීවත් වෙන්න මිස ලෝකය...........අල්ලන්න
    ආවා නොවෙමි කවි මඩුවට..........රජවෙන්න
    හැකිවේනම් මගේ හදවත............කියවන්න
    සස්ලිට්ටා ඇවිදින් එහෙන්ම්..............ඔන්න

    කොහෙද යකෝ යන්න ගියේ ආව .....ගමන්
    අපි එන බව සිතුවේ නෑ නොවෙද...... තමන්
    කවි කීමට එලි වෙනකන් කදේ ........දමන්
    මම ආවයි කවි මඩුවට නොහැර........ ගිමන්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අපි ළඟ නැහැනේ එක විට වැඩ කරන......... ගුනේ
    එක එක වෙලාවට කවියන් සැපත්.............. වුනේ
    එය රටේ හැටිය දොසක් කිව්වා නොවෙයි....... පනේ
    ලොකු අයියට වුන දේමයි මටත්................ උනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහෙද යකෝ යන්න ගියේ ආව .....ගමන්
    අපි එන බව සිතුවේ නෑ නොවෙද...... තමන්
    කවි කීමට එලි වෙනකන් කදේ ........දමන්
    මම ආවයි කවි මඩුවට නොහැර........ ගිමන්

    අනේ මගෙ කොල්ලනේ........
    31 අත ලගනේ.........
    හැම වෙලේ සෙට් වීමනේ........
    අපේ හැටි දන්නවනේ............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹේ කොඩිය අද ඉහලින් ලෙල දෙනවා
    උඹේ කවිය අද මඩුවේ රජ .....වෙනවා
    බලන විටදි මට එය වැටහී .......යනවා
    ජයක් ලබා ඇති බව නම් ස්ථිර .වෙනවා

    එස්.එල්. ගෙන් මේ වගෙ සහතික............ගන්න
    මටවත් තවම බැරිවුන බව දැන්...............ගන්න
    චා එස් එල් උඹ නම් දින්නා...................ඔන්න
    මමත් දිනක ගමි එය අම්මප...................ඔන්න
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    අනේ මගෙ කොල්ලනේ........
    31 අත ලගනේ.........
    හැම වෙලේ සෙට් වීමනේ........
    අපේ හැටි දන්නවනේ............

    බීල බීල ගහපන් මෙතනට........... මුක්කු
    සුවඳ ගිහින් නෑ තව අම්මගෙ........ කුක්කු
    හරක වගේ බීපන් තව පුන්.......... නක්කු
    ආවයි මෙතන ගස් නගිනා විට .......යක්කු
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එස්.එල්. ගෙන් මේ වගෙ සහතික............ගන්න
    මටවත් තවම බැරිවුන බව දැන්...............ගන්න
    චා එස් එල් උඹ නම් දින්නා...................ඔන්න
    මමත් දිනක ගමි එය අම්මප...................ඔන්න

    හිත පිරෙන්න දුන්නට උඹ මට ..........ලකුණු
    දැනගන් මචං උඹ වෙයි මගේ අත........දකුණු
    කවි ලියන්න මේ කවිපොත මට......... විකුණු
    ඔබේ කවි කම් කිසිදින නොම වෙයි..... මැකුණු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිත පිරෙන්න දුන්නට උඹ මට ..........ලකුණු
    දැනගන් මචං උඹ වෙයි මගේ අත........දකුණු
    කවි ලියන්න මේ කවිපොත මට......... විකුණු
    ඔබේ කවි කම් කිසිදින නොම වෙයි..... මැකුණු

    බැදලා ඉනිමගක් හැකි තරමක්.........උසට
    නැගලා යනු ඉතා අවිහිංසක...........ලෙසට
    හැරිලා පා පහර පිටුපස එන.............අයට
    නොගසා ගියොත් ගමන සුභයි........ඉදිරියට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    බැදලා ඉනිමගක් හැකි තරමක්.........උසට
    නැගලා යනු ඉතා අවිහිංසක...........ලෙසට
    හැරිලා පා පහර පිටුපස එන.............අයට
    නොගසා ගියොත් ගමන සුභයි........ඉදිරියට

    පිළිගමි මචං මා ඔබගේ ඔය.......... ඔවදන්
    අයුක්තියට මා අල්ලා නැහැ........... පන්දන්
    ඔබ කිවූ කවිය අද මාගේ සිත......... රන්දන්
    ඉදිරියටම යමි මම ගයමින් ............සව්දන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිළිගමි මචං මා ඔබගේ ඔය.......... ඔවදන්
    අයුක්තියට මා අල්ලා නැහැ........... පන්දන්
    ඔබ කිවූ කවිය අද මාගේ සිත......... රන්දන්
    ඉදිරියටම යමි මම ගයමින් ............සව්දන්

    එස්.එල් බෝයි නැත අද......පෙනෙනාමනේ
    පැන්තත් නිහඩවී ඇත හුවක්...........නෑනේ
    මූසලකමක් එන්නට පෙර.........කවියන්නේ
    බෙරපදයක් වයව් කොඩිවින......කැපේවිනේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එස්.එල්. ගෙන් මේ වගෙ සහතික............ගන්න
    මටවත් තවම බැරිවුන බව දැන්...............ගන්න
    චා එස් එල් උඹ නම් දින්නා...................ඔන්න
    මමත් දිනක ගමි එය අම්මප...................ඔන්න
    එහෙම සිතක් ඇති කරගත යුතු නෑ ඔබට
    ඔබට ක්‍රෙඩිට් දී ඇත මම නම්..... එමට
    අලුත් එකෙක් කවියෙක් කර ගනු ..උඩට
    නිසා තමයි එළෙසට කීවේ ..........ඌට

    උගේ කවිත් නියමෙට ඌ ගලපනවා
    කවින් අතරෙ දලු දාලා...... පූදිනවා
    අනාගතේ හොද ගමනක් ඌ .යනවා
    උඹට තවත් පිටිවහලක් .....වෙනවා

    අමුතුවෙන්ම උඹට ක්‍රෙඩිට් ඔනැ නැත
    උඹේ ක්‍රෙඩිට් එක කවියෙන් ලියා ඇත
    ඔන්න දුන්නා සහතික උඹෙ හදා හිත
    කවින් අතර සස්ලිස්ට් නම මුලින් ඇත


     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එස්.එල් බෝයි නැත අද......පෙනෙනාමනේ
    පැන්තත් නිහඩවී ඇත හුවක්...........නෑනේ
    මූසලකමක් එන්නට පෙර.........කවියන්නේ
    බෙරපදයක් වයව් කොඩිවින......කැපේවිනේ

    මං හිටියෙත් තනිව පස්ස බිම....... ඇනලා
    එස් එල් බෝයි ඇවිත් ගිහින් මල.... පැනලා
    පැන්තා තාම නෑ මදි මුට ටොකු..... ඇනලා
    පෙට්ෂට හාල් ගරනව වත් දෝ ......මැනලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එස්.එල් බෝයි නැත අද......පෙනෙනාමනේ
    පැන්තත් නිහඩවී ඇත හුවක්...........නෑනේ
    මූසලකමක් එන්නට පෙර.........කවියන්නේ
    බෙරපදයක් වයව් කොඩිවින......කැපේවිනේ

    මූසලකම ඉරා බෙරය .......වයාගෙන
    හූව තියන් මෙන්න ආවා ...නටාගෙන
    කවියක් කියන් හොද වලියක් දමාගෙන
    තොවිල් නටමු අපි අද දෙහි .කපාගෙන
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න ඇවිත් එස්.එල්. අපෙ කවි.........කොල්ලා
    කවි වැල් ගලයි දැන් වගෙ සයුරේ.............රැල්ලා
    මගෙත් සිතව බැහැදැන් කරනට.............මෙල්ලා
    කවිමඩුවේ එල්ලෙයි ලෙස.................කූඩැල්ලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මං හිටියෙත් තනිව පස්ස බිම....... ඇනලා
    එස් එල් බෝයි ඇවිත් ගිහින් මල.... පැනලා
    පැන්තා තාම නෑ මදි මුට ටොකු..... ඇනලා
    පෙට්ෂට හාල් ගරනව වත් දෝ ......මැනලා

    රෑට හාල් ගරනවා පැන්තා... මැනලා
    උදේ ඉතින් කිරනවා රෑ නිදි ...මරලා
    දවල් ඇවිත් රෑ සිදුවුන දේ ....හිතලා
    අඩා වැටෙනවා පැණි හැලියේ වැටිලා