<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මාතෘකාව - සංචාරක ව්‍යාපරයේ හොද නොහොද....

සංචාරකයො දිගටම එනවා.............යනවා
සංස්කෘතිය සදාචාරෙ නැති............වෙනවා
තව පැත්තකින් ආර්ථිකේ..........තරවෙනවා
මේ ගැන වාදෙ අද දින අපි.........අරඹනවා
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මූසලකම ඉරා බෙරය .......වයාගෙන
    හූව තියන් මෙන්න ආවා ...නටාගෙන
    කවියක් කියන් හොද වලියක් දමාගෙන
    තොවිල් නටමු අපි අද දෙහි .කපාගෙන

    දෙහි කැපුවට කවුරුත් නැහැ බෙර .....ගැහුවේ
    මෙතුවක් වෙලා අවතාරේට කෑ .........ගැහුවේ
    ඔබ ආ බව දැක මම අත්පුඩි ...........ගැහුවේ
    කවුරුද අනෙක් කවියන්ගේ කට .......මැහුවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න ඇවිත් එස්.එල්. අපෙ කවි.........කොල්ලා
    කවි වැල් ගලයි දැන් වගෙ සයුරේ.............රැල්ලා
    මගෙත් සිතව බැහැදැන් කරනට.............මෙල්ලා
    කවිමඩුවේ එල්ලෙයි ලෙස.................කූඩැල්ලා

    කිව්වට අනේ තැන්කියු මට ....කොල්ලා
    පැහිලා තිබේ ඔලුවේ මගෙ කෙහෙ රැල්ලා
    එල්ලුනා වගේ හොද කකුලක ..කූඩැල්ලා
    කවි රස බීපියව් එල්ලී නොම වී ..මෙල්ලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාතෘකාව - සංචාරක ව්‍යාපරයේ හොද නොහොද....

    සංචාරකයො දිගටම එනවා.............යනවා
    සංස්කෘතිය සදාචාරෙ නැති............වෙනවා
    තව පැත්තකින් ආර්ථිකේ..........තරවෙනවා
    මේ ගැන වාදෙ අද දින අපි.........අරඹනවා

    මොකක් නමුත් දවසට එක එක .ගානේ
    ටොපික් එකක් මෙහි තියනට ....ඕනේ
    වල් පල් දොඩා අපි හිටියොත් ....හීනේ
    මඩුවට- රටට දෙකටම කෙළවෙනවානේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සංචාරකයො දිගටම එනවා.............යනවා
    සංස්කෘතිය සදාචාරෙ නැති............වෙනවා
    තව පැත්තකින් ආර්ථිකේ..........තරවෙනවා
    මේ ගැන වාදෙ අද දින අපි.........අරඹනවා

    සිරිලක බලනු එනු යයි මම හඬ...... ගාමී
    සංචාරකයෝ මම හැකිලෙස බිලි..... බාමී
    රටේ දියුණුවෙන් මම කිරි පැණි .......නාමී
    චින්තනයට මම හරි ආසයි............ මාමී
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රට කරවන්න නම් මසුරන් ඇතිව .....කැටේ
    පැල කල යුතුය හොද අස්වනු ගෙනෙන ඇටේ
    සමහර දනන් කෑ ගැහුවත් හතර ........වටේ
    සංචාරකයො නම් ආ-ගිය යුතුය ........රටේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාල දිවයිනේ ඇති කෙහෙලක් නෑනෙ බොලව්
    මූදයි වැලියි මාලුයි හැර වෙන තියෙද ....ඉලව්
    නැතිදේ ලගා කර ගෙන දැන් ඊට ........හිලව්
    සංචාරකෙන් උන් නැගි හැටි හොදට..... බලව්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කිව්වට අනේ තැන්කියු මට ....කොල්ලා
    පැහිලා තිබේ ඔලුවේ මගෙ කෙහෙ රැල්ලා
    එල්ලුනා වගේ හොද කකුලක ..කූඩැල්ලා
    කවි රස බීපියව් එල්ලී නොම වී ..මෙල්ලා

    අකලට පැහිල නෑ නොවැ ඔබගේ .......කොන්ඩේ
    කොල්ල වගේ ඩයි කරමුද නෙක්ස්ට්.....මන්ඩේ
    තවමත් යා හැකිය ඔබ හට ඒ............දන්ඩේ
    ඔබ වන් කෙනෙකු වීමයි අරමුණ........ වන්ඩේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සංචාරකයො දිගටම එනවා.............යනවා
    සංස්කෘතිය සදාචාරෙ නැති............වෙනවා
    තව පැත්තකින් ආර්ථිකේ..........තරවෙනවා
    මේ ගැන වාදෙ අද දින අපි.........අරඹනවා

    සිරිලක බලනු එනු යයි මම හඬ...... ගාමී
    සංචාරකයෝ මම හැකිලෙස බිලි..... බාමී
    රටේ දියුණුවෙන් මම කිරි පැණි .......නාමී
    චින්තනයට මම හරි ආසයි............ මාමී
    [/QUOTE]

    රට දියුණුවට උඹ උන් බිලි බාන විට
    අපේ හරක් උන් ගන්නවා .....ඇමට
    එන උන් ටිකත් නවතාලා මේ ..රටට
    කලු පැල්ලමක් ගෑවේ උන් මේ .අපිට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අකලට පැහිල නෑ නොවැ ඔබගේ .......කොන්ඩේ
    කොල්ල වගේ ඩයි කරමුද නෙක්ස්ට්.....මන්ඩේ
    තවමත් යා හැකිය ඔබ හට ඒ............දන්ඩේ
    ඔබ වන් කෙනෙකු වීමයි අරමුණ........ වන්ඩේ

    පැහුනත් කොන්ඩෙ යනවා මම ඒ ....දණ‍්ඩේ
    හේතුව කොල්ලො එක්කයි මම මගෙ ෆුල් ඩේ
    ඩයි කරගන්න බෑ ෆුල් බිසි මම ......මන්ඩේ
    කවියෙකු වෙලා ඔබ දැන් ඉවරයි ....බණ්ඩේ

     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මාල දිවයිනේ ඇති කෙහෙලක් නෑනෙ බොලව්
    මූදයි වැලියි මාලුයි හැර වෙන තියෙද ....ඉලව්
    නැතිදේ ලගා කර ගෙන දැන් ඊට ........හිලව්
    සංචාරකෙන් උන් නැගි හැටි හොදට..... බලව්

    බලහං අයියෙ අද සිංගප්.............. පූරූ
    ටික කලකට පෙර එය කොටුවකි.......ඌරූ
    අපි නැහැල්ලු ලෙවකන්නෙ දත්.........කූරූ
    අපේ රටෙත් ඉන්නවා ගොය්යෝ...... බූරූ
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටොපික් දීපු සස්ලිටා කොහි ..........ගියාද
    සංචාරකයො කැන්දන් එන්නට.......වත්ද
    පිට රට සල්ලි මෙහෙ එන එක හොද නැද්ද
    සාමය ඇතිවෙලා නොවැ නෑනේ ......යුද්ද
     
    • Like
    Reactions: AWRORA

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කප්රුක වගේ සම්පත් කැටිවුන...............රටය
    සුද්දෝ එන්නෙ රටටම වැඩ.............දෙන්නටය
    "පෙර දිග ලෝකෙ බබලන අමුතුම..........ඇටය"
    උන් ගෙන ගිහින් මුතු අප හට දී.............ඇටය
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බලහං අයියෙ අද සිංගප්.............. පූරූ
    ටික කලකට පෙර එය කොටුවකි.......ඌරූ
    අපි නැහැල්ලු ලෙවකන්නෙ දත්.........කූරූ
    අපේ රටෙත් ඉන්නවා ගොය්යෝ...... බූරූ

    සිංගප්පූරුවෙ උන් හැදුවේ එය මේරට වගෙ තනන්නට
    අපි පහු කරලා උන් නැග ඇත දියුණුවෙ අද ....උඩට
    උනේ මොකක් දැයි හොයලා බැලු කල .......ආපසට
    දියුණුව පසෙක දා ඇති බව වැටහේ .............අපට

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේවා දැකල මගෙ ඉහ මොල රත්...........වෙන්නේ
    කවුද යකෝ එලකිරියට වැඩ..................දුන්නේ
    ක්ලවුඩ් ෆ්ලෙයාර් කිය කිය මූ.............තටමන්නේ
    අරළු ටිකක්වත් දීලා....................ගොඩගන්නේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හික්කඩු, ගල්කිස්ස නැතිනම්.............හලාවත
    ආරුගම්බෙ, නාච්චිකුඩා තවත්...............ඇත
    මේවගේ ආර්ථික තත්වය ඉහල...............යත
    අදිනා ඇදුම් නම් ටික ටික කුඩා.............වෙත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යටත් වෙලා සුද්දට ඒ හිටපු...........යුගෙන්
    ගලවා ගත්තේ වීරයො දිවි දීල.........දගෙන්
    සාංචාරකයො ගෙන්වා මේ කරන.....රගෙන්
    වලපල්ලටම යනවා රට මහ.........වේගෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එදා එලව දැමු මේ පර සුද්දො.......කැල
    සල්ලිවලින් අප හට පෙන්නනව.......බල
    ඕන කුණක් කන අපෙ ජාතිය......සිංහල
    සුද්දට රටම දී තොපි පිට රටම.......පල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආර්ථිකේ ලංකාවේ වැඩි..............කරනු
    සංචාරකයිනි අප රට වෙත ඇවිත්.......යනු
    සංස්කෘතිය කපලා සම්බල්.............හදනු
    සාදාචාරෙ සමගින් එය රසට............කනු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුණු ගොඩ ගද නිසයි වහන්නෙ නිල..........මැස්සා
    ඔළුවෙයි කුණු තියන් ඉන්නේ.............පොකිරිස්සා
    ගොඩ සුද්දනේ කර සුද්දන්...................ආරක්සා
    වැසිකිලියටත් යනවද නොහොදා................පස්සා