[FONT="]පහුගිය දිනවල මට පොඩි නිවාඩුවක් ලැබුනා . මම සතියක් විතර අපේ ආච්චිලගේ ගෙදර නවතින්න ගියා ,[/FONT]
[FONT="]ඇත්තටම ලොකු වෙනසක් ,අලුත් අද්දැකීම් ගොඩක් මට ලැබුනා .අපේ සීයා මැරිලා දැන් අවුරුදු 15 විතර වෙනවා . සීයා කියවපු පොත් තාමත් තියෙනවා ඒත් පොත් ගොඩක් දිරලා , කාවෝ කාළා අමාරුවෙන් පොත් කීපයක් කියවගත්තා සමහර පොත් කාවෝ කාපු හැටි දැක්කම දුකත් හිතුනා .[/FONT]
[FONT="]ඒ අතරේ පරණ කවි පොතක් තිබුනා ඒත් මට කලින් කාවෝ පොත කියවලා ඒ අතරේ තිබුන කවි ටිකක් අමාරුවෙන් කියවගත්තා . මට හිතුනා ඔයාලටත් මෙ කවියක් දෙකක් රසවිදින්න අවස්ථාව දෙන්න ඕන කියලා[/FONT]
[FONT="]මෙ කවි පංතියේ කතෘ වරයා ජී. ඩී පෑලිස් අප්පුහාමි කියලා කවි මහත්තයෙක්[/FONT]
[FONT="]ඔහු ජීවත්වෙලා තියෙන්නේ 1847 – 1910 අතර කාලයේ.[/FONT]
[FONT="]කම්මැළිකමට බෙහෙතක් [/FONT]
[FONT="]කම්කැළිකම පිට බුදියා ග න්නේ[/FONT]
[FONT="]කොච්චි මිරිස් තුන් කළදක් ග න්නේ[/FONT]
[FONT="]අඹරා පස්සට වස්ති කර න්නේ[/FONT]
[FONT="]කම්මැළිකම් ඒකෙන් දුරු ව න්නේ[/FONT]
[FONT="]මුදළිකමක් සදහා බුදුදහම හැර දමා කිතුනු දහම වැළදගත් අයකුට[/FONT]
[FONT="]පොරණ අපි බුද් ධං[/FONT]
[FONT="]ඒවා දැන් විරුද් ධං[/FONT]
[FONT="]දැනට අපි සුද් ධං[/FONT]
[FONT="]මතකවත් නැත ස්වස්ති සිද් ධං[/FONT]
[FONT="]මෙ කවියේ කතෘ කව්ද කියලා හොයාගන්න නැහැ මෙහි අදහස මට තේරෙන විදියටනම්[/FONT]
[FONT="]තම ආදරවන්තියගේ වෙන්වීමක් ගැනයි.[/FONT]
[FONT="]බෝ නිමල් ගුණයෙන් දනන් මන දුන් නදන් මගෙ සුන්ද රී[/FONT]
[FONT="]පෑ කම ල් ලිය නීත් තමන් උර මන්දිරේ සව් රූ සි රී[/FONT]
[FONT="]ලෝ විපු ල් ඉසුරක් තවත් මට නෑ වගේ මා පෙම්බ රී[/FONT]
[FONT="]මේ විස ල් දුක මම් කෙසේ උ සුලම්ද? වේවා දෙව් සි රී [/FONT]
[FONT="]මෙ කවි පංතියේත් කතෘ වරයාත් සොයාගන්න නැහැ මොකද පොත් කාවෝ මට කලින් මේ කවි පංතියත් කියවලා , සමහර විට තව කවි මෙ කවි පංතියේ තියෙන්න ඇති.[/FONT]
[FONT="]ගම්බද වනිතාව[/FONT]
[FONT="]ද ඹ ර න් කුඩු දෙලුම් පැහැ කම්මුලට වැටී[/FONT]
[FONT="]ඇදපෙන් වන අයුරු ගජමුතු ඇමුණු සැටී[/FONT]
[FONT="]විලියෙන් බරවූ මැගෙ මල්වර සිනහ කැටී[/FONT]
[FONT="]රැලිග න් වමිනි කට පුරහම පැතිර සිටී[/FONT]
[FONT="]හ ස යු රු නටන හංකිති මල් පිපුන වි ලේ[/FONT]
[FONT="]පි ය යු රු කැකුලු යුග මැගේ නැග දෙලැම දි ලේ[/FONT]
[FONT="]පි ය ක රු කවුද අසතැයි යන බියෙන් තු ලේ[/FONT]
[FONT="]පි ළි තු රු නැතිව ගැට තැඹිලිත් දෙකට පැලේ[/FONT]
[FONT="]ඉ න සිහිනියට බැස ගැස්සෙන ලැම සරලයි[/FONT]
[FONT="]තු න ටිය හැඩ වැටුනෙ පුලුලුකුලෙන් නෙරලයි[/FONT]
[FONT="]නොන මන සැලෙන බද සගවන දිග වරලයි[/FONT]
[FONT="]ද න සනසන මෙබදු ලිය දැකුමත් විරලයි[/FONT]