<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕනම දෙයක් වැඩි පමණින් ඕන.........නැත
    රැග් එක උනත් පමණකටයි මගෙත්.......හිත
    එකපවුලක්ව සමගිව දික්කරන්............අත
    රැග් එක නිසා සිදුවන මෙහෙයකුත්.......ඇත

    රැග් එක නිසා සිදුවන එක ....මෙහෙය
    ගිලෙනා ජෙප්පන්ට වැල් සපයන එකය
    දේශ පාලනේ එහි ඇත්තේ මුල් තැනය
    අවසන බෙදී ගුටි ඇණ ගන්නා ..එකය
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඕනම දෙයක් වැඩි පමණින් ඕන.........නැත
    රැග් එක උනත් පමණකටයි මගෙත්.......හිත
    එකපවුලක්ව සමගිව දික්කරන්............අත
    රැග් එක නිසා සිදුවන මෙහෙයකුත්.......ඇත

    ඔබ හට තේරුනත් රැග දෙන්න පමණකට
    සමහරු ඉන්නෙ ක්‍රෝධය ගෙන ඉදිරියට
    මෙහෙයක් ඇතත් රැග නිස යම් පමණකට
    ජීවත් වෙන්න බැරි නම් ඒ හැම මොකට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ බලහල්ලකෝ මුන්ගේ ...........මෙන්ටැලිටී
    කෝ උඹලා කතා කරන.............. ෂෝශලිටී
    ඔය කතාවෙ නැහැ බන් කිසි ..........ඉන්ටග්‍රීටී
    මුන්ගේ පොඩි රැග් එක වෙයි.......... ෆෙටැලිටී


    හැමෝටම බැරිය හොඳ නරක තෝරා ගන්න
    ඒකයි මේ අවුල විසඳා බැරි ගන්න
    හැමගේ යහපත සලකා අපි ඔන්න
    වෙන විදියක් හොයමු දැන හඳුනා ගන්න

    රැග් එක නිසා සිදුවන එක ....මෙහෙය
    ගිලෙනා ජෙප්පන්ට වැල් සපයන එකය
    දේශ පාලනේ එහි ඇත්තේ මුල් තැනය
    අවසන බෙදී ගුටි ඇණ ගන්නා ..එකය

    දෙන්නෙක් ඇවිත් මඩුවට මාවම.........කනවෝ
    ඒ මදිවට තවත් බුවෙක් සෙට්...........වෙනවෝ
    යුනි එක මොටෑ හරි කෙලියක් මම......යනවෝ
    රැග හරිනැද්ද ආ........ :growl::growl::growl:
    මෙන්න යකුනෙ මෙතනත් මම රැග්....වෙනවෝ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එකෙක් එන්නෙ සරසවියට නළුව.........වගේ
    අනෙත් එකා ඇවිදින්නේ බල්ල..........වගේ
    ඔක්කො ගන්න එක මවකගෙ දරුව.....වගේ
    රැග් එක තමා විසදුම අයියණ්ඩි..........මගේ

    හොඳට ඉන්න එකාට............... ඉරිසියාවේ
    තවත් එකෙක් රැග දී................ මරුසියාවේ
    චින්නු එක වගේලු ..................ආසියාවේ
    මෙහෙ නං එහෙම බෑ බෝල ඒ.... රුසියාවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇද පොලු අතරෙ කොල්ලො කිරි දොවන හැටී
    තැඹිලි ගහේ කල්ලෝ ගෙඩි කඩන .......හැටී
    සෙට් එක ලාච්චුවෙ දා කර අඹන .........හැටී
    සුප් එක හදන හැටි උඹලා දකිනු ..........වටී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රැග ගැන අමාරුව නවකයො හට.........එමටයි
    සින්නෝ වෙද්දි උන්ගේ කට වැසිලා..........යයි
    උන් ඉන් පස්සෙ නව උන්හට රැග්.......එකදෙයි
    උඹල බුරයි දැන් උන් සේරම.............නිහඩයි
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යුනිවසිටියෙ ලමයින් හිටියොත්...........දහසක්
    ඒ හැම ගැනම හැමෝම ලග නැත......රහසක්
    එකිනෙක්කෙනා වෙත දික්කර අත්......දහසක්
    රැකගනු හැටි බලව් ගොහිදින් එක.......දවසක්
    එක එක දේශපාලන සංගම් ...බෙදිලා
    ගුටි ඇණ ගන්නවා උන් පාරට පැනලා
    රහසක් නැතේ කීවේ ඒකද ....කියලා
    ගොහිදින් බලමු යුනියේ පාරට.. වීලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුන්දර කාලෙ රැග් එක ඇති මල්.......සමයයි
    ඒකෙන් පස්සෙ අමාරු ගිනිගත්.........සමයයි
    පලවෙනි රැග් කාලෙ හැමෝම.....කලයුතුමයි
    අවසන් සමය දෙන්නෙ කැමැත්තෙන්..පමණයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ලෙස රැග කරල අවසන් වෙන..........විටදී
    හැමකෙක් හැමකෙකා ගැන ඇත සිත.....පැහැදී
    ඉන්පසු එකෙක්වත් හැලෙන්න ඉඩක්......නොදී
    රැකගෙන ඉන්නවා හැමෝම එකට..........වැදී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රැග බෑ කිව්ව විට උන්ටික අල.........වෙනවා
    උන් ගැන නොබල අනිකන් ගමනේ.....යනවා
    සහෝදර කමෙන් හැමෝම ලං.........වෙනවා
    රැග් එක නිසා පවුලක දරුවන්..........වෙනවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රැග ගැන අමාරුව නවකයො හට.........එමටයි
    සින්නෝ වෙද්දි උන්ගේ කට වැසිලා..........යයි
    උන් ඉන් පස්සෙ නව උන්හට රැග්.......එකදෙයි
    මාස තුනක් ආයෙත් නවකයො යලි.........බුරයි

    සින්නොයි නවකයොයි ගැන කයි වාරු ගසයි
    කොදු කැඩි එකී ගැන උඹ තාමත් .....නිහඩයි
    ජෙප්පන් ගැනද උඹ අද මුනිවතම ......රකියි
    උදලු ප්‍රේමරත්නද උඹ කියලා .........සැකයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිසිවෙකු හටත් දික්කෙරුනොත් එහෙම.......අත
    මේ පැත්තෙන් අත් දහසක් එනව..............ඇත
    බලයට කහින උන්හෙම තිබ්බොතින්..........අත
    එයටද එකාවන් ලෙස බහිනවා................ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සින්නොයි නවකයොයි ගැන කයි වාරු ගසයි
    කොදු කැඩි එකී ගැන උඹ තාමත් .....නිහඩයි
    ජෙප්පන් ගැනද උඹ අද මුනිවතම ......රකියි
    උදලු ප්‍රේමරත්නද උඹ කියලා .........සැකයි

    ජෙප්පන් එපා එය කසාය.................සුදියක්ය
    කැම්පස් ජීවිතේනම් හරි..................මිහිරක්ය
    කොන්දක් කැඩුන එක ඇත්තය...........වරදක්ය
    බේරාගත් කොන්දවල් ගානින්............දහසක්ය
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුන්දර කාලෙ රැග් එක ඇති මල්.......සමයයි
    ඒකෙන් පස්සෙ අමාරු ගිනිගත්.........සමයයි
    පලවෙනි රැග් කාලෙ හැමෝම.....කලයුතුමයි
    අවසන් සමය දෙන්නෙ කැමැත්තෙන්..පමණයි

    සුන්දර කාලෙ රැග් ඇති ඒ මල් .....සමයයි
    සමහර උන්ට අත්වන්නේ පිස්සන් කොටුවයි
    ඇති හැකි එකාගෙන් හොද හැටි .....පළිගයි
    කැමැත්තෙන්ම උන් එනවා .........පුදුමයි


     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මේ ලෙස රැග කරල අවසන් වෙන..........විටදී
    හැමකෙක් හැමකෙකා ගැන ඇත සිත.....පැහැදී
    ඉන්පසු එකෙක්වත් හැලෙන්න ඉඩක්......නොදී
    රැකගෙන ඉන්නවා හැමෝම එකට..........වැදී

    මල්ලියෙ උඹට නම් මේ ගැන මතක ........මදී
    ඉන්පස්සෙයි වලියන්නේ නැතුව .............හොදී
    අලයෝ ජෙප්පයෝ කියලා දෙකට.......... බෙදී
    ජෙප්පොන්ගෙන් බේරෙන්නට සටන් .........වදී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උන් මොර තබන්නෙ උන් ගැන හිතල.....නොවේ
    ඒ මොර තැබිල්ලත් නැතිනම් යුනිද.........නොවේ
    යුනි නැතිවෙන්ට යයි එය ගානක්ද...........නොවේ
    ඒවට කෑ ගසව් අපි නම් නිහඩ..............නොවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කිසිවෙකු හටත් දික්කෙරුනොත් එහෙම.......අත
    මේ පැත්තෙන් අත් දහසක් එනව..............ඇත
    බලයට කහින උන්හෙම තිබ්බොතින්..........අත
    එයටද එකාවන් ලෙස බහිනවා................ඇත
    යුනිව සිටිය ශිෂ්‍යයො පාලනේ කොරන්ට ගිහිල්ලා
    අවුරුද්දෙන් බාගයක් හැමදාම ඔක .........වහලා
    අහිංක දෙමාපියන්ගේ සල්ලි විනාස ......කොරලා
    රටේ ජනතාවගේ මුදලුත් උඹලා නිකම්ම ...කාලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජෙප්පන් එපා එය කසාය.................සුදියක්ය
    කැම්පස් ජීවිතේනම් හරි..................මිහිරක්ය
    කොන්දක් කැඩුන එක ඇත්තය...........වරදක්ය
    බේරාගත් කොන්දවල් ගානින්............දහසක්ය

    ජෙප්පන්ගෙ වදකහ සුදිය ...බීලා
    නවක වදේ මිහිරක්ය .....කියලා
    එකෙක්ගේ හරි කොන්ද ...කඩලා
    වැඩක් ඇද්ද දහසක් කොදු බේරලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අධ්‍යාපනේ කනවා ලුණු ඇඹුල්...........දමා
    අපි ඉන්නවා වාගේ කන් අගුල්............දමා
    මේවා රැකගන්න අළු හෙම ගසා..........දමා
    ජෙප්පෝ,සින්නෝ එයි අලයන් කැලේ....දමා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජෙප්පන්ගෙ වදකහ සුදිය ...බීලා
    නවක වදේ මිහිරක්ය .....කියලා
    එකෙක්ගේ හරි කොන්ද ...කඩලා
    වැඩක් ඇද්ද දහසක් කොදු බේරලා

    රට බේරා ගැනුමට අපි දහසක් දිවි...........දුන්නා
    ඒ ටික නැත්නම් යුද්ධය තවමත්..........කරපින්නා
    ඔබ කියනා ලෙස මට නම් මේ ටික....වැටහෙන්නා
    දිනූ සාමෙ වැඩක් නැතිද වහාම...........පවසන්නා