<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තටමමි උදේ සිට තනනට කවක්..............දෙකක්
    නැහැනොවැ එන්නෙ පදවැල් මෙය මාර.......වැඩක්
    කෝ මෙහි ගුරා නැද්දෝ මෙය වන්නෙ........මතක්
    අප ගොඩදාපියෝ අමුණා පට්ට.................කවක්



    ඇත්ත කතාවකි කොල්ලෝ නුබ........කිව්වේ
    කවක් ගොතන්නට බෑ දැන්.........කඩිමුඩියේ
    ඉස්සර නම් තප්පරේට කවි..............කිව්වේ
    මොකද උනේ කවි මඩුවට සස්ලි..........පුතේ
     
    • Like
    Reactions: -Petsha-

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bumpa.jpg

    :);):D:love::love::love::love::love::D;):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කලකට පසුව මඩුවේ තතු ඇස ගැසුණී.. :)
    යන එන ගමන් එබිකම් කරනට සිතුණී.. :nerd:
    සස්ලි අවුරෝ කිවිදුන් දෙපලම පමණී..
    :confused:
    කුමක් වීද පැන්තාවත් නොම පැමිණී.. :dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කලකට පසුව මඩුවේ තතු ඇස ගැසුණී.. :)
    යන එන ගමන් එබිකම් කරනට සිතුණී.. :nerd:
    සස්ලි අවුරෝ කිවිදුන් දෙපලම පමණී..
    :confused:
    කුමක් වීද පැන්තාවත් නොම පැමිණී.. :dull:
    පෝය ඊයේ මුත් අද ඇත සඳ.........පායා
    එලකිරියට කුමරිය ඇවිදින්...........සේයා
    තුන් මසකට අදිකය මා කවි......නොකියා
    එනමුත් කෙලෙස සඟවමි හද බැඳි.....මායා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෝය ඊයේ මුත් අද ඇත සඳ.........පායා
    එලකිරියට කුමරිය ඇවිදින්...........සේයා
    තුන් මසකට අදිකය මා කවි......නොකියා
    එනමුත් කෙලෙස සඟවමි හද බැඳි.....මායා

    පෙටී පැමිණියා එයනම් ලොවෙත්.....නැතී
    හැබැයි රජෝ අරකත් මග එනව.......ඇතී
    පෙටියා සමග ඇඹලයියෙක් සිටිනු......ඇතී
    බලං ලැජ්ජා නහරය ඒකට........නොමැතී
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගොඩ කාලෙකින් කවි මඩුවට ආවේ මම
    ඇයි කට්ටිය නාවේ මේකට .......දිගටම
    කවි ගොතන්ඩ බෑ වගෙ පෙර ..ලෙසටම
    දුක් වෙනවා පැරදුන මැච් එකට..... මම
     
    • Like
    Reactions: -Petsha-

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩ කාලෙකින් කවි මඩුවට ආවේ මම
    ඇයි කට්ටිය නාවේ මේකට .......දිගටම
    කවි ගොතන්ඩ බෑ වගෙ පෙර ..ලෙසටම
    දුක් වෙනවා පැරදුන මැච් එකට..... මම

    අම්මට සිරිය මෙන්න ඇවිත් කොල........රෙද්දා
    කවියක් කියා ඇත ඒකගෙ රෙදි.............පද්දා
    නිහඩ නැතේ මමනම් දානව................සද්දා
    නිහඩ මේ නූලෙ හිමිකරු කල.............වැද්දා
     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෝය ඊයේ මුත් අද ඇත සඳ.........පායා
    එලකිරියට කුමරිය ඇවිදින්...........සේයා
    තුන් මසකට අදිකය මා කවි......නොකියා
    එනමුත් කෙලෙස සඟවමි හද බැඳි.....මායා


    පෝය ඊයේ දින බව නම් සැබෑ....වකී :baffled:
    අහසේ තවම පුරසද ඇත නැහැනේ.. මැකී :dull:
    තුන් මස් කලක් පොල් ගෑවද කියන්.. සකී :oo:
    මෙහි අවුදින් රිසි සේ පද ගෙතුව.... හැකී :frown:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අම්මට සිරිය මෙන්න ඇවිත් කොල........රෙද්දා
    කවියක් කියා ඇත ඒකගෙ රෙදි.............පද්දා
    නිහඩ නැතේ මමනම් දානව................සද්දා
    නිහඩ මේ නූලෙ හිමිකරු කල.............වැද්දා


    මොකද මචෝ අපි ආවම .......නරකද
    සද්ද මොකද ඇයි මගෙ කවි ....නරකද
    සස්ලි මචෝ උඹ මගෙ රෙදි ....ගලවයිද
    කියහන් උඹ කැමති දෙයක් නැත විරෝද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පෝය ඊයේ දින බව නම් සැබෑ....වකී :baffled:
    අහසේ තවම පුරසද ඇත නැහැනේ.. මැකී :dull:
    තුන් මස් කලක් පොල් ගෑවද කියන්.. සකී :oo:
    මෙහි අවුදින් රිසි සේ පද ගෙතුව.... හැකී :frown:
    අහසේ සඳ සැගවේ නැගනියට.........බියෙන්
    ඔබ මුකුලිත වේ මඩුවේ මලක්........ලෙසින්
    පොල් ගානෙමි අවුරුද්දක් ඔබ.....වෙනුවෙන්
    මම එන්නම් සැමදා ඔබෙ බස........සවියෙන්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    පෙටී පැමිණියා එයනම් ලොවෙත්.....නැතී
    හැබැයි රජෝ අරකත් මග එනව.......ඇතී
    පෙටියා සමග ඇඹලයියෙක් සිටිනු......ඇතී
    බලං ලැජ්ජා නහරය ඒකට........නොමැතී



    අම්මට හුඩු මේ බලපන්................සස්ලිට්ටෝ
    ආව පමනි පෙට්ශ කෙල්ල මේ............පැත්තේ
    අමතක වී තිබු පැන්තා යලි..................ආවේ
    උබ කී දෙය ඇත්තකි, මූ...............ඇඹලයෙකී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකද මචෝ අපි ආවම .......නරකද
    සද්ද මොකද ඇයි මගෙ කවි ....නරකද
    සස්ලි මචෝ උඹ මගෙ රෙදි ....ගලවයිද
    කියහන් උඹ කැමති දෙයක් නැත විරෝද

    පිස්සුද කොල්ලො උඹ ආ එක නම්.........මරුනේ
    කොහෙ අප්සට්ද උඹෙ කවි පද වැල........මරුනේ
    මට මල පන්නන්නෙ අපෙ මේ..........පැන්තරනේ
    ඌට උගේ හුය ගැන ගානක්...............නැහැනේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අහසේ සඳ සැගවේ නැගනියට.........බියෙන්
    ඔබ මුකුලිත වේ මඩුවේ මලක්........ලෙසින්
    පොල් ගානෙමි අවුරුද්දක් ඔබ.....වෙනුවෙන්
    මම එන්නම් සැමදා ඔබෙ බස........සවියෙන්

    සද්දේ දමා කවි මඩුවම කර කලෙ‘ලී :cool:
    විද්දේ වදන් හීයෙන් - කර කවට කෙලී :rofl:
    මැද්දේ කිවිදුවන් හා එකලෙස නොසැලී :dull:
    යුද්ධෙ මිසක් සාමෙන් නෑ කිසිම ජොලී
    :frown:
     
    • Like
    Reactions: sasliit

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මට හුඩු මේ බලපන්................සස්ලිට්ටෝ
    ආව පමනි පෙට්ශ කෙල්ල මේ............පැත්තේ
    අමතක වී තිබු පැන්තා යලි..................ආවේ
    උබ කී දෙය ඇත්තකි, මූ...............ඇඹලයෙකී
    ඔන්න කීවා ආපු ගමන්........කතාවක්
    දෙන්නට හිතයි අඹරලා හොද..ඉනාවක්
    පීරගනින් මොලේ අරන්.......පනාවක්
    එය මට අදාලම නොවුවූ.......කතාවක්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සද්දේ දමා කවි මඩුවම කර කලෙ‘ලී :cool:
    විද්දේ වදන් හීයෙන් - කර කවට කෙලී :rofl:
    මැද්දේ කිවිදුවන් හා එකලෙස නොසැලී :dull:
    යුද්ධෙ මිසක් සාමෙන් නෑ කිසිම ජොලී
    :frown:
    :love::love::love::love:පෙට් :love::love::love::love:
    :love::love::love::cool::cool::love::love::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහසේ සඳ සැගවේ නැගනියට.........බියෙන්
    ඔබ මුකුලිත වේ මඩුවේ මලක්........ලෙසින්
    පොල් ගානෙමි අවුරුද්දක් ඔබ.....වෙනුවෙන්
    මම එන්නම් සැමදා ඔබෙ බස........සවියෙන්

    අම්මද බොලේ මෙන්නෝ මේකගෙ..........මානම්
    කොල්ලෙක් හට ලැබිල සූසැටයක්.............මායම්
    අම්මප පුතේ පෙටියා ඉදිරියෙ.................අදනම්
    දියකර හරිනවා උඹෙ චරිතයෙ.................සායම්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සද්දේ දමා කවි මඩුවම කර කලෙ‘ලී :cool:
    විද්දේ වදන් හීයෙන් - කර කවට කෙලී :rofl:
    මැද්දේ කිවිදුවන් හා එකලෙස නොසැලී :dull:
    යුද්ධෙ මිසක් සාමෙන් නෑ කිසිම ජොලී
    :frown:
    යුද්දෙන් අපි දෙන්නා එක පිලකට..........වී
    සද්දෙන් නොව වැඩයෙන් අග තැනපත්....වී
    ගඳයෙන් පිරි අන් කවියන් වෙත.........යාවී
    බඳයෙන් දෙමු කඩුවේ එනවද............හාවී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙන්න බලාපල්ලා මේ වෙච්ච.............වැඩේ:(
    කවි කියනව දෙන්නා දැන් හැටට...........හැටේ:frown:
    පැන්තට ඔනේ ඇය විතරලු කවි...........මඩුවේ:angry:
    අපි කියනා කවි ඌ හට නොම..............රසලූ
    :no:

    මූ ඇත්තටම මෙහෙම කිවුවෙ නෑ හරිද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12255847 said:
    :love::love::love::love:පෙට් :love::love::love::love:
    :love::love::love::cool::cool::love::love::love:

    මොකද උඹට වැඩි වෙලාද දික් කරන්නෙ............හදවත්
    පෙටියා නැගෙණියක් මෙහි දැනගන් එය............උඹවත්
    පැන්තරයට උදේ හවා ඒ ඔවදන....................දුන්නත්
    උගේ ගතිය ඌ නාරියි කෝවෙ දමා................මැකුවත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12255847 said:
    :love::love::love::love:පෙට් :love::love::love::love:
    :love::love::love::cool::cool::love::love::love:
    තෝ මක්කෙයි පෙටීගෙ නම කියවන්නේ
    නැවේ බඳේ හොම්ඹ උඹේ ඔබවන්නේ
    මහසෝනෙකි මම උඹ එය දැනගන්නේ
    බොරුනම් සැසියාගෙන් ගොස් අහගන්නේ