සුපිරි යාචකයා

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    වෑන් රියයි : ත්‍රී 'රෝද දෙකයි : පැය දෙකට 4000ක් එකතු කරලා...[/COLOR][/SIZE]

    දුම්රිය මැදිරිවල හිගමන් යදිමින් සිටි පුද්ගලයන් දහඅට දෙනකු දුම්රිය ආරක්ෂක හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඊයේ (14) අත්අඩoගුවට ගනු ලැබූ අතර මේ අතරේ ධනවත් යාචකයෙක් ද සිටියේය.

    මෙම ධනවත් හිගන්නාගෙන් ප්‍රශ්න කිරීමේදී දී ඔහුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක පමණ මුදලක් තිබෙන බවත් ඊට අමතරව ඔහු වැන් රථයක සහ ත්‍රිරෝද රථ දෙකක අයිතිකරු බවත් හෙළිවිය..
    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සුපිරි හිගන්නා සන්තකයේ රුපියල් හාරදාහසක මුදලක් තිබී සොයා ගෙන ඇති අතර ඔහු මෙම මුදල එක් රැස් කර ගෙන ඇත්තේ පැයක් පැය දෙකක කාලයක් ඇතුලත යැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචිමාර්ග සදහන් කරයි..

    මෙම සුපිරි යාචකයා සතු ත්‍රිරෝද රථ දෙක කුලී පදනම මත පුද්ගලයන් දෙදෙනකුට ලබා දී එයින්ද ආදායමක් ලබන බව හෙළිවී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි...

    අබාධිත තත්වයේ පසුවන මෙම සුපිරි යාචකය ඔහුට අයත් වැන් රථයෙන් නිවසේ සිට රාගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියපොළට ගොඩවන බවත් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කියා සිටියේය ...

    වැලහැරි ඇදගෙන දුම්රියේ හිගමන් යෙදෙන මොහු නිවසට ගිය පසුව හොද ඇදුම් ඇදගෙන සුබෝපභෝගී ජිවිතයක් ගත කරන්නකු යැයි ද කියති...

    :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මානුෂීයද නැද්ද කියන එක නම් මා දන්නේ නෑ..ඒත් මේ දුම්රියේ හිඟා කන අයගෙන් අනික් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ මලම වදයක් එන්නෙත් එක පෙලට ඉරිදට මේක ගොඩක් වැඩී 99%ක් ම වගේ කරන්නේ බිස්නස් එකක් විදියට..තව එක හිඟන්නෙක් ඉන්නවා..දුර සේවා ලේලන්ඩ් බස් දෙකක් තියෙන තට්‍ටු තුනක සාප්පු සංකීර්ණයක් තියෙන..ගම්පහත් එක්කෙනෙක් ඉන්නවා...ත්‍රීවීල් දෙකකුයි..හොඳ ගෙයකුයි තියෙන කෙනෙක්..ඒ වගෙම සල්ලි ඉල්ලන් එන ගොඩක් ගෑනු කරන්නේ සවසට මනුස්සයට කුඩු ගහන්න කීයක් හරි දෙන එක..අත දරුවන්ව පැය ගානට හිඟා කන්න හයර් කරන සිස්ටම් එකකුත් දැන් තියෙනවා.
    :(:(:(:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar313349_4.gif
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    :yes: