සුපිරි වෙබ් සීරිස් එකක් බලමු... 🔥

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    මොන මගුලක්ද මේ...මේකනම් මෙලෝරහක් නැතුව ඇති...😂

    හීනෙකින්වත් එහෙම හිතන්න එපා...අම්මටසිරිවෙන වගකීමෙන් කියන්නෙ මේකනම් හෙනම සුපිරියක් අනිවාරෙන් අරන් බලන්න...❤️🔥....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම thriller එකක්...🔥

    - Sithija Prabhashwara

    408296129_2047884162257525_3014701375599117202_n.jpg


    ඉන්දියාවේ Thriller Web Series කියන්නේ දැන් වෙනම level එකක තියෙන දෙයක්. එක හුස්මෙට බලන්න පුලුවන් විදිහේ නියම Story එකක් Dhootha.

    අපි හැමෝම අනාගතේ දැන ගන්න ගොඩක් කැමති අය. හැබැයි ඒ අනාගතේ වෙන කරදර ටික කලින්ම දන්නවනම් අපි ගොඩක් කලබල වෙනවා. ඒකත් පත්තර කෑල්ලකින් කියවලා දැන ගන්නවා කියන්නේ ඇඟත් හිරි වැටෙනවා.

    සාගර් වර්මා තරුණ ටිකක් අහංකාර මාධ්‍යවේදියෙක්. ඔහුගේ ආයතනයේ ප්‍රධාන කතෘ ධූරයට ඔහුව පත් කරන අතර ඒ සඳහා තිබෙන සාදය නිමාවී සාගර් එයාගේ බිරිඳ, දුව, නමක් දාපු නැති "ඒයි" කියන තමන්ගේ බල්ලා එක්කගෙන කාර් එකේ නිවස බලා යනවා. හදිසියේ තෙල් ඉවර වීමත් එක්ක වාහනේ මඟ නවතිනවා. දරුණු වැස්සත් එක්ක කැබ් එකක්වත් වැටෙන්නේ නෑ. ආයතනයෙන් කැබ් එකක් එනතුරු පවුලේ අයට කෑම රැගෙන ඒමට අසල පිහිටි ඩම් ඩම් බාධා කඩයට ගොඩවන සාගරට එහි තිබූ ප්‍රහේලිකාවක් සහිත පත්තර කෑල්ලක් ඇස ගැටේ. එය පිරවීමට අතට ගත්තත් එහි එක් උත්තරයක් හැර අනිත් සියලුම කොටස් පුරවා ඇත. තවදුරටත් බලද්දි ඉතිරි ඉඟියේ ඇත්තේ " 2022-11-9 දින රාත්‍රි 10:45:33 ට ඩම් ඩම් බාධා අවහන්හල ඉදිරිපස සිදු වූ රිය අනතුරෙන් මියගිය, ප්‍රසිද්ධ මාධ්‍යවේදී සාගර් වර්මාගේ බල්ලාගේ නම කුමක්ද?" මෙය කියවා තිගැස්සෙන සාගර් එහි නම යටතේ කොටු 6ක් ඇති බවත්, බල්ලාට තවම නමක් නොදැමූ බවත් නිසා කලබලට පත් වේ. හදිසියේ වතුර එකක් ගැනීමට ඔහුගේ බිරිඳ කාර් එකෙන් බැස ආවත් අදාල වෙලාවේදි ම ටිපර් එකක් පැමිණ කාර් එකේ වැදෙන්නේ ප්‍රහේලිකාව ඇත්තක් කරමින්. කලබලයේ දුවව බේරා ගැනීමට කාර් එක ලඟට දිව ගියත් ඔහුගේ වෙලාවට දියණියත් ඒ මොහොතේ කාර් එකෙන් බැස සිටි නිසා මාරන්තික අනතුරෙන් බේරේ. නමුත් බල්ලා මිය ගොස් සිටී. පසු දිනයේ උදෑසනම තමාගේ දියණිය පැමිණ බල්ලාට නමක් දැමූ බවත් එම නම "හිපපොටේමස්" යනුවෙන් පවසයි. එම නම පත්තරෙ ඇති ප්‍රහේලිකාවට ගැලපේ. පත්තරේ සාපේ සාගර්ට එන්නේ ඇයි?
    එතනින් පසු දිගින් දිගටම පැමිනෙන ප්‍රශ්න වලට සාගර් මුහුණ දෙන්නේ කෙසේද?

    කොටස් 8කින් යුත් මෙම Series එක දෙසැම්බර් 1 දින Amazon Prime හි විකාශනය ඇරඹීය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව Vikram K. Kumar. ඔහුව දන්නෙ නැති උනත් ඒ කාලේ ඔලුව විකාර වෙච්ච Yavarum Nalam (12B), 24 (Soorya), Gang Leader (Nani) වගේ අමුතුම විදිහේ කතා හදපු කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය Naga Chaithnya විසින් සිදු කරන අතර සෙසු චරිතද හුරුපුරුදු රංගන ශිල්පින් සිදු කරයි. මේකේ නාගට වඩා අනිත් අයගේ Acting ගොඩක් දැනුණා. තිර රචනය, සංගීතය ගොඩක් හොඳට තිබ්බා. 18+ උනාට මේකේ අනවශ්‍ය දර්ශන මොකුත් නෑ. ලේ වැගිරීම් ටිකක් තියෙනවා. විනාඩි 40 ගානේ වගේ Episode 8ක් තියෙනවා. හැබැයි කිසිම Episode එකක් Dissapoint වෙන level එකේ නෑ. මේකේ රහ වැටුන අය Suzhal (2022), Vilangu (2022), Vadhandhi (2022), kudi yedamaithe (2021) මේවා හොයලා බලන්න පිස්සු හැදෙනවා. අනිවාර්යෙන් බලන්න මේක ❤️

    - Pasan Dananjaya
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    එලම බලන්න ගන්න ඕන 😍😍

    ප.ලි:-

    නාගා නං කැරිම මෝඩයෙක් හැබැයි අච්චර ලස්සන සූකිරි කෑල්ල සමන්තව ඩිවෝස් කරානෙ 😒
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    එලම බලන්න ගන්න ඕන 😍😍

    ප.ලි:-

    නාගා නං කැරිම මෝඩයෙක් හැබැයි අච්චර ලස්සන සූකිරි කෑල්ල සමන්තව ඩිවෝස් කරානෙ 😒
    Gahanna oona widihata gahuwa bn.

    - naga

    මට මේකෙ අන්තිම (8) එපියෙ ලින්කුවක් එවපන් ලයිට් ආවම බාගන්න.. තුති
    1080p link ekak athi. Light aawahama tamayi ewanna wenne. 😊
    ------ Post added on Dec 9, 2023 at 6:37 PM
     

    gama22

    Well-known member
  • ඕක සුපිරියක් වෙන්න ඇති.. හැබැයි චන්දිගර් සීරිස් එක ලගින්වත් තියන්න බැහැ.

    එනිවේස්, tfs
    අපි ආසාවෙන් බලපු එකක් චන්දිනගර් කෙල්ල. ඒකිගේ මුනියා ආපු දවසේ ඉදන් කතාවට කන කොකා හැඩුවා . බොහොම අමාරුවෙන් හින්දියෙන් බනින ටික සිංහලට හරෝ ගත්තේ subtitles වල. 😥😥