සුභ අනාගතයක් ඇයි ?

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සුභ අනාගතයක් ඇයි ?

    රට පුරාම ඇළවුණු පෝස්ටර් හා යෝධ කටවුට් මීට පෙර නොතිබුණ ද කොයි කාගෙත් ප්‍රාර්ථනය සුභ අනාගතයක් වූ බව හැබෑය.ප්‍රශ්නය කාගේ අනාගතය සුභ වුවත්,මේ රටේ ජනතාවට සුභ දවසක් උදා නොවීමය.වත්මන් ජනාධිපතිතුමාගේ මූලික පාඨය වී ඇත්තේද "සුභ අනාගතයක්" යන්නය.එය අලුත් අදහසක් නොවේ.ජනපතිවරයා 2005 දී මෙරට නායකයා ලෙස ජනතාව විසින් පත් කර ගනු ලැබුවේද අසුභ අනාගතයක් වෙනුවෙන් නොවේ.එදත් ජනතාවට සුභ අනාගතයක් ඕනෑ විය.එහෙත් එසේ පත් කළ ජනාධිපතිවරයා තමාට තව වසර 2ක් තිබියදී ජනතාවට සුභ අනාගතයක් උදා කිරීමට යළි ජනවරමක් ඉල්ලා සිටී.එදා අනාගතයව තිබූ කාලය අද වර්තමානය බවට පත් වී තිබේ.ජනපතිවරයා පවසන්නේ "දැන් ඉතිං රට හදමු" කියාය.නැතිනම් "සුභ අනාගතයක්" කියාය.
    රට හදන්නට එතුමාට වසර දෙකක් ඉතිරිව තිබුණි.එය කළා නමි සුභ අනාගතයක් ගෙන ආ හැකිව තිබුණි.එහෙත් දැන් රට හදන්නට යන්නේ මෙතෙක් කල් රට කාපු නිසාද?(මෙතෙක් කල් යුද්ධ කරපු නිසා නම්,ඉතිරි වසර2 අත හැරියේ මොකටද?) සුභ අනාගතයක් අවශ්‍ය වන්නේ වර්තමානය අසුභ නිසා ද? වර්තමානය අසුභ නම්,අනාගතය සුභ වන්නට වර්තමාන පාලකයාම පත් විය යුතු ද?මේවා ජනතාව සිතිය යුතු ප්‍රශ්නය.එක්කෝ වර්තමානය අසුභ වී ඇති බව ජනාධිපතිවරයාම පිළි ගන්නවා විය හැකිය.නැත්නම් කෙනෙක් සමු ගන්නා විට කරන සුභ පැතුමක් ලෙස මෙය කියනවා විය හැකිය.හැම දේම දැන ගන්න වෙන්නේ ජනවාරි 26 න් පසුවය.
    එදාට පසු මොකක් වුනත්,අපිට තවමත් නොලැබුණු සුභ අනාගතයක බලාපොරොත්තුව ඉටු වුනොත් හොඳය.