මෙරට දෙවන ගුවන් සේවය වන මිහින් ලංකා සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 94ක අලාභයක් වාර්තා කර ඇතැයි එම සමාගමේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.
2011 වසරේ සමගාමේ මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 3142ක් බවත් එම වසරේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 3597ක් බවත් වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
සමාගමේ ජංගම වගකීම්, ජංගම වත්කම් වලට වඩා රුපියල් මිලියන 1083කින් ඉක්මවා ගොස් ඇතැයිද ඒ අනුව ආයතනය රුපියල් මිලියන 3814ක පමණ ශුද්ධ අගයක් පෙන්නුම් කරන්නේ යැයි ද වාර්තාවේ සඳහන් කර ඇත.
මේ තත්වය තුළ සමාගම ක්‍රියාත්මක තත්වයේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තිබෙන හැකියාව පිළිබඳව සැක සහිත තත්වයක් පෙන්වන බවද වාර්තාවේ සඳහන් වේ.