පොලිස් ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීම ඊට හේතුව බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.
එසේම පොලිස් ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැල් 2 කට ද මුද්‍රා තැබු බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර නිවාස ආශ්‍රිතව නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල වැඩිවීමක්ද දක්නට ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරත් ප්‍රකාශ කළේ.

.