සුර සැප දෙන සුර
එසේ නම්, ජයසූරිය ක්‍රිකට් ගසා ඇත්තේ, මුදල් උපයා ඇත්තේ, ඡන්ද දිනා ඇත්තේ තවත් දේ කර ඇත්තේ මේ සුර නිසා ය. දක්ෂතාව නිසා නො වේ.
මේ සුර අට ශරීරයේ තැන තැන එල්ලාගෙන සිටින සනත් ජයසූරියගේ ඡායාරූපයක් දක්නින්ට ලැබුණා නම් හරි අපූරු ය.
ජනාධිපතිවරයා ද යන යන තැන රැගෙන යන මොකක්දෝ මෙවැනි දෙයක් ඇත. ඔහුට ද වාසනාව පහළ වන්නට ඇත්තේ එය නිසා ය.
ලංකාවේ අලුත් ධනවතුන් හා බලවතුන් සමග මෙවැනි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මෙහෙවින් සම්බන්ධ ය.
ඔවුන්ට නම් ඒවායින් වාසනාව පෑදී ඇත.
දිළින්දෝ ද මෙම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කරති. ඔවුන් වැඩි දෙනෙකුගේ දිළිඳුකමට හේතුව ද එයයි.
ගම්වල දේවාලවල කපුවෝ මිනිසුන් බියපත් කර අපල දුරු කිරීම සඳහා සෙත් සාන්ති කරවා ගන්නැයි උපදෙස් දෙති. බියපත් මිනිස්සු මේ සෙත් සාන්ති කරවා ගන්නේ දුක සේ ඉපැයූ මුදලිනි. නැතිනම් පොලියට ගත් සල්ලිවලිනි.
ග්‍රාමීය දිළිඳුකමේ සැලකිය යුතු පංගුවක් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා ය. ඔවුන් මන්තර ගුරුකම් පසුපස යන්නේ බොහෝ විට දිළිඳුකම විසින් ඔවුන්ට අත්පත් කර දී තිබෙන කාලකන්නිකම නිසා ය.
එහෙත්, දිළින්දන් තවත් දුප්පත් වන්නේ බලවතුන්ට සුපිරි ධනවතුන් වීමට කෙටි මං සලසන මහජන මුදල් සොරා ගැනීමේ අවස්ථාව විවර කර දෙන රත්තරං සුර වැනි යන්ත්‍ර මන්ත්‍ර නිසා ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ බලගතු සුර කිහිපයක් පසුගිය සතියේදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අතුරුදන්ව තිබේ. රනින් නිම වූ සුර අටක් එසේ අතුරුදන්ව ඇත.
ඉන්දියාවේ පැවැත්වෙන 'ජලක් ඩිලාක් ජා' නැටුම් සංදර්ශනය වෙනුවෙන් පෙර පුහුණුවක යෙදී සිටින අතරතුරදී ජයසූරිය මහතාගේ මෙම සුර කිසිවකු විසින් සොරකම් කර ඇත. ජයසූරිය මහතාට එදින නැටුම් පුහුණුව ලබා දී ඇත්තේ හිටුප කි‍්‍රකට් ක්‍රීඩකයකුවන අකලංක ගනේගම මහතාය.
ජයසූරිය මන්ත්‍රීවරයා නැටුම් පුහුණුවට පෙර තමාගේ ගෙලෙහි හා ඉනෙහි පැලද සිටි සුර සියල්ල එම ක්‍රීඩාංගනයේ සේප්පුවක තබා ඇත. පුහුණුවීමෙන් පසු සොයා බැලීමේදී එම සුර තිබූ ස්ථානයේ නොතිබූ බව ජයසූරිය මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරීන්ට පවසා තිබේ. ජයසූරිය මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමක් මත වහාම එම ස්ථානයට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩයාමක් පැමිණ ඇති නමුත්, සැකකටයුතු කිසිවකු හෝ අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.
ජයසූරිය මහතා 1994 වකවානුවේ සිට 'බලගතු' සුර තුනක්ද මෙහිදී සොරාගෙන තිබේ. එම සුර අතුරුදන්වීම පිළිබඳ ජයසූරිය මහතා දැඩි කම්පනයකින් පසුවන බව වාර්තාවේ.