සුව නින්දකට අවසරයි
කලාශූරී ප්‍රවීන රංගන ශිල්පි විජය නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේදී මියයනවිට ඔහුගේ වයස අවුරුදු 72 ක්.
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ විජය නන්දසිරි වඩාත් ප්‍රකට වන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ වේදිකා නාට්‍යයේ මනමේ රජු ලෙස රඟපෑමෙන්.
කුස පබාවතී, සිහබාහු, මහාසාර, රත්නාවලී, නරියා සහ කේජු කෑල්ල, ඒකාධිපති, තාරාවෝ ඉගිලෙති, හුණු වටයේ කථාව ආදී වේදිකා නාට්‍යවලදී ඔහුගේ රංග කුසලතාව කැපී පෙනුනා.
යසඉසුරු, සඳකඩ පහණ, බංගලි වළලූ, සසර සහ රේල් පාර ආදී චිත්‍රපටවල රඟ පෑ විජය නන්දසිරි සිකුරු හතේ චිත්‍රපටයේ කපුවා ලෙස රඟපෑ චරිතයට හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තා.
විජය නන්දසිරි විවාහ වූයේ සුබ සහ යස වේදිකා නාට්‍යයේ ඔහු සමඟ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ දේවිකා මිහිරානි මහත්මිය සමඟයි.
මුළු ලංකාවක්ම හිනැස්සූ ඔබ අප අතරින් වෙන්වීම අදහාගත නොහැකි දුකකි!!! ඔබව අපට සදා අමරණීයයි... ජීවත් නොවිය යුතු අය දිගුකල් ජීවත්වෙන, දිගුකල් සිටිය යුතු මෙවැනි අය ඉක්මනින් අප අතරින් සමුගන්න, මහ කෘර ලෝකයක් බං මේක...

නැවතත් අප අතරම මෙවැනිම පුද්ගලයෙක් වී ඉපදේවා...!!! එතෙක් ඔබට නිවන් සුවම අත්වේවා විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණෙනි...!!!