සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

    ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ජීවත්වීම සඳහා මුදල් හිඟකමින් සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සූදානම් වන බව පසුගිය දින කිහිපයේදී මාධ්‍ය රැසක් වාර්තා කල අතර යහපාලන රජය යටතේ මෙරට ජීවත්ව සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභිනියට ඉතා අභාග්‍යසම්පන්න කිරණමක් අත්වී ඇතැයි යන්න සමාජගත කිරීම සඳහා සූක්ෂම මෙහෙයුමක්ද ක්‍රියාත්මක විය.

    ඇත්තටම සුසන්තිකා අසරණද? අසරණ නම් එසේ වූයේ කෙසේද?

    සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා ගැනීමත් සමඟම ඇයට විශාල මුදල් සම්භාරයක් හිමිවූ අතර විවිධ ආයතන හරහාද ඇය සැලකිය යුතු මුදලක් උපයන ලදි. නමුත් සුසන්තිකා ජයසිංහ සහ ඇගේ සැමියා (දැන් දෙදෙනා වෙන්ව ජීවත් වේ) එක්ව එම මුදල් කිසිදු කළමනාකරනයකින් තොරව වියදම් කිරීමේ ප්‍රතිපල ලෙස ඇයට මෙම ඉරණම අත්වී තිබේ.

    කලකට ඉහතදී ඇය විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම පිලිබඳ උරණ වූ ඇගේ සැමියා ඇයට පහර දී නිවසින්ද එලවා දැමූ අතර ඇය ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබීම ඒ දිනවල රටේ ප්‍රධාන පුවතක්ද විය.

    පසුගිය රජය සමයේදී ක්‍රීඩා අරමුදලෙන් ඇයට දීමනාවක් ගෙවූ අතර ඇය එම දීමනාව ලබාගෙන මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු වලට සහය වූවා මිස ක්‍රීඩාවේ සංවර්ධනයට සිදුකල මෙහෙවරක් නැත.

    යහපාලන රජය යටතේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඇයට රැකියාවක් සූදානම් කර ඊට අදාළ වැටුපක් ලබාදීමට කටයුතු සකස් කලද ඇය එය ප්‍රතික්ෂේප කරමින් සිය පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සිය පදක්කම් වෙන්දේසි කිරීමට සිදුවී ඇති බව පවසමින් රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කර තිබේ.

    ඇය රටට මහත්වූ කීර්තියක් ගෙන ආ බව සැබෑය. නමුත් ඇයට මෙලෙස බොරු ගොතමින් රටට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට අප ඉඩදිය යුතුද?

    Read more: http://harigossip.com/2017/06/04/exclusive-සුසන්තිකා-කරන-අමූලික-බො/#ixzz4j6HVBhbQ
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    I also agreed with you. She earns lots of money and she had a job also. This shouldn't be a national issue.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    ඇයට ලැබුන මුදල් නිසි කළමණාකරන කරා නම් අද එයට මෙහෙම ගිගා කන්න ඕනේ නැහැ. හැමදේම රාජයෙක් කරන්න ඕනේ කියල නීතියක් නැ, රටට දෙයක් කළා එක ඇත්ත එහෙනම් රණවිරුවෝ රටක දෙයක් කළා, පදක්කම දිනපු දවස් වල කොච්චර දේවල් ලැබුනද? කොලබින් ගෙයක් ලැබුන කියලත් ආරංචි උනා. එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ගේ අනාගතේට දෙයක් කර ගන්නේ නැතුව දැන් එක එකාට බැනල වැඩක් නැ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    I also agreed with you. She earns lots of money and she had a job also. This shouldn't be a national issue.

    මෙහෙමයි මචං

    ඔලිම්පික් medal එක දිනුව කියල ජීවිත කාලෙම ඒකෙන් ජීවත් වෙන්න බෑනෙ

    ජීවිතේ ඉතුරු කාලෙ රස්සාවක් කරන්න ඕනෙ

    එහෙනම් world cup එක දිනපු cricketrsල සෙට් එකත් ඇවිල්ල කියන්න එපැයි අපිටත් ජීවිත කාලෙම ජීවත් වෙන්න දීමනාවක් දෙන්න කියල
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Oya gani maha uddachcha ganiyek. Personally danna nisai kiyanne. Oya gani yanakota sapaththu 2 wath tibune na. Warakapola pradeshiya sabhawen salli ekathu karala aran dunne. Kisima kelehigunayak danne nathi ahankara uddachcha ganiyek
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Oya gani maha uddachcha ganiyek. Personally danna nisai kiyanne. Oya gani yanakota sapaththu 2 wath tibune na. Warakapola pradeshiya sabhawen salli ekathu karala aran dunne. Kisima kelehigunayak danne nathi ahankara uddachcha ganiyek

    hmm janme waraddak wage
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඇයට ලැබුන මුදල් නිසි කළමණාකරන කරා නම් අද එයට මෙහෙම ගිගා කන්න ඕනේ නැහැ. හැමදේම රාජයෙක් කරන්න ඕනේ කියල නීතියක් නැ, රටට දෙයක් කළා එක ඇත්ත එහෙනම් රණවිරුවෝ රටක දෙයක් කළා, පදක්කම දිනපු දවස් වල කොච්චර දේවල් ලැබුනද? කොලබින් ගෙයක් ලැබුන කියලත් ආරංචි උනා. එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ගේ අනාගතේට දෙයක් කර ගන්නේ නැතුව දැන් එක එකාට බැනල වැඩක් නැ.

    100% agreed.. Think About Soldiers... ask her to auction it.. that's not a national issue.. there are more and enough national issues to sort..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    දයාසිරිගේ එෆ්බී පේජ් එකේ ඌ ඇඬෙන්නම කියනවා. පදක්කම් දින්නා කියලා නිකමෙක් වෙලා ඉඳලා හරියන්නෙ නෑ. ක්‍රීඩා උපදේශකවරියක් වෙන්නවත් සුදුසුකම් නෑලු. මුකුත්ම බැරි නම් මැහුම් ගෙතුමක් හරි කරන් ඉන්න ඕනේ. පදක්කම් විකුනන කතා කිව්වම අපේ රටේ නමයි කැත වෙන්නෙ.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    මෙහෙමයි මචං

    ඔලිම්පික් medal එක දිනුව කියල ජීවිත කාලෙම ඒකෙන් ජීවත් වෙන්න බෑනෙ

    ජීවිතේ ඉතුරු කාලෙ රස්සාවක් කරන්න ඕනෙ

    එහෙනම් world cup එක දිනපු cricketrsල සෙට් එකත් ඇවිල්ල කියන්න එපැයි අපිටත් ජීවිත කාලෙම ජීවත් වෙන්න දීමනාවක් දෙන්න කියල

    උන්ට කොච්චර avenues තියෙනවද(coaching, umpiring, refreeing etc etc) ජීවත් වෙන්න... athletics and cricket compare කරන්න එපා අපෙ රටෙ.. extremes දෙකක තියෙන්නෙ... yesr 2000 olympics වල අපි දින්නෙත් මෙඩල් 1යි, india දින්නෙත් මෙඩල් 1යි... indian weightlifter කර්නම් මල්ලෙස්වරි අද ඒ රටේ weight lifting academy එකක director.. කර්නම් අරුනම ඉන්දියාවෙ තව කොච්චර olympic මෙඩල්ලිස්ට්ස් ල ඉන්නවද... එත් අපිට ජීවතුන් අතර මෙඩලිස්ට් කෙනෙක් ට ඉන්නෙ සුසන්තිකා විතරඉ!! අපි එයාට සලකන විදිය හරිද
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0

    niyamai machan.....patta ...
    anika me gaani podi kaale indan katta kala olympic medel ekak aragena ithuru tika samanya minihek wage marila yanna nam jiwath wenne eka athi pale mokakda??:nerd::nerd::nerd:
    salli naasthi keranna athi eka hamo athinma wenawa...
     
    ඉතින් සුසංතිකාටත් private coaching බැරිද පටන් ගන්න

    සල්ලිකාරයොන්ගෙ දූල එයි private coaching කර ගන්න සුසන්තිකා කිව්වම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හදවතින් ම ශ්‍රී ලාංකික සුසන්තිකා
    From W3Lanka blog by Ajith Perakum Jayasinghe​

    සුසන්තිකා ගමෙන් බිහි වූ දිරිය කාන්තාවකි. ඇගේ ධෛර්යය නිසා අපට කෙසේ හෝ ඔලිම්පික් පදක්කමක් ගැන ආඩම්බර වන්නට හැකි විය.

    දරු පවුල ජීවත් කිරීම සඳහා ඒ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා පවසා තිබේ.

    සුසන්තිකාට වුණේ මොකක් ද?

    සුසන්තිකාට නිකම් සිට මහජන මුදලින් පඩි ගන්නට ක්‍රීඩා අමාත්‍යාංශය මහජන මුදලින් රු. 60,000ක මාසික මුදලක් ගෙවනු ලැබේ. සුසන්තිකාට ඒ මදි බව පෙනේ.

    මහින්දගේ කාලේ සුසන්තිකාට රු. 80,000ක වැටුපක් සමග වාහනයක් ද දී තිබිණි. එක අතකට එහෙම දුන්නාට කමක් නැත. ඔය අතන, මෙතන ත්‍රීඩාවේ නමින් පවත්වන සංදර්ශනවලට ජනාධිපති උපදේශක කෙනෙකු ලෙස සහභාගි වන්නට ඇයට එයින් හැකි විය.

    සුසන්තිකා පෙන්නන්නට හදන්නේ ලංකාව සුසන්තිකාට ණයයි වගේ වුණාට, සුසන්තිකා ලංකාවේ රජයට ණය ය. තහනම් උත්තේජක සිද්ධිය වෙලාවේ ලංකාවේ රජය ඇය වෙනුවෙන් පෙනී සිටි දැඩි ස්වරූපය හා රජයක් එසේ කරන විට එයට සවන් නො දී සිටින්නට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලට නො හැකි වීම නිසා නො වේ නම් සුසන්තිකා ඔලිම්පික් දුවලා හමාර ය. හමුදාවෙන් පළා ගිය චෝදනාවකට ද සුසන්තිකාට සමාව දුන් බවට මතකයක් තිබේ.

    මේ කතාව මුත්තයියා මුරලිදරන්ට ද අදාළ ය. ශ්‍රී ලංකා රජය හා එවකට නායක අර්ජුන රණතුංග ඔහු වෙනුවෙන් පෙනී සිටි පෙනී සිටීම නො වී නම් මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නකු ලෙස පමණක් ඉතිහාසගත වන්නට ඉඩ තිබිණි.

    ලංකාවේ ක්‍රීඩා බලධාරීන් විසින් ක්‍රීඩාවට කර තිබෙන්නේ ඔන්න ඔය වගේ වැඩ මිසක, ලංකාවේ කිසිම ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමක නැත. ක්‍රිකට් වුණත් වෙනත් රටවල් නො ගහන තාක් කල් තමා ය.

    ලංකාවේ ක්‍රීඩාවේ විනාශය පටන් ගන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙනි. පාසල් ක්‍රීඩා යනු දෙකයි පනහේ සංදර්ශනයි. ඒවායේ ක්‍රීඩාවලට වඩා ඇත්තේ වැඩකට නැති සෝබන ය. උදාහරණයක් ලෙස ගම්වල පාසල් හා කලාප ස්පෝට්මීට් නම් උත්සවවල සංකේතාත්මකව පවත්වන ධාවන තරගවලටවත් බොහෝ විට සියලු නිවාසවලින් සහභාගි වන්නේ නැත. දුවන ළමයින්ට හරියට ඇඳුමක්වත් නැත. ඇතැම් ගැහැණු ළමයින් දුවන්නේ නැටුම් ඇඳුම් ඇඳලා ය. බොහෝ විට, ආරම්භය, අවසානය, යෂ්ටි මාරුව වැනි මූලික තාක්ෂණයන් පවා හරියට ප්‍ර‍දර්ශනය වන්නේ නැත.

    ඒ වුණාට මේවායේ මාර වැදගත්කමක් දෙන්න පට්ට ජෝක් ජවනිකාවක් තිබේ. ඒ ඇතීනා දෙව්දුව වැඩමවීම නම් ජවනිකාවයි. ටිකක් ලස්සන ගැහැනු ළමයකුට ඇතීනා ලෙස කොටහළු මඟුල්වලට අන්දන විදියේ දිග සිලික් සිලික්ම ගවුමක් අන්දා, තව ගැහැණු ළමයින් ටිකක් පිරිවර සේ ඒ අයුරින් ම අන්දා, උන් සේර ම වස කැත වන සේ මේකප් තලි තලි උලා පිට්ටනියට ගොළුබෙලි ගමනින් වඩම්මන මේ ජවනිකාව පාසල් ක්‍රීඩාවල ක්‍රීඩාවලට වඩා වැදගත් වී තිබේ.

    මේ ළඟදී දවසක මා දුටු කලාප ස්පෝට්මීට් එකක ඇතීනා වඩම්මන විට පසුබිම්න් වාදනය කළේ ‘අනෝතත්ත විල නෙළුම නෙළාලා - පීරා වරලස මල් ගවසාලා - නාග ලොවින් බැස නාලිය ගමනින් - වරඟන පිරිවරිනා - එරන්දතිය එනවා' කියා ය.

    ග්‍රීක මිථ්‍යා සාහිත්‍යය අනුව ඇතීනා යුද්ධෝපාය විශේෂඥභාවය හා කුසලතා වැනි කරුණු පිළිබඳ විශේෂ වන දෙවඟනකි. ඇය ලංකාවේ පාසල් ක්‍රීඩාවලට පැමිණ ඇත්තේ අන්ධානුකරණයෙනි. තමන් කරන්නේ කුමක්ද කියාවත් මේ සංකර ක්‍රීඩා නිලධාරියෝ නො දනිති.

    මෙවැනි ස්පෝට්මීට් මිස ලංකාවේ බොහෝ රජයේ පාසල්වල එහෙමට ක්‍රීඩාවක් නැත.

    ජනාධිපති උපදේශක වුණා ය කියා මෙවැනි විසුළුසහගත තත්වයන් වෙනස් කරන්නට උපදෙස් දෙන්නට තරම් දැක්මක්, බුද්ධියක් සුසන්තිකාට නැත.

    සුසන්තිකාට රජය මහජන මුදලින් දුන් දේවල් සුසන්තිකාට දැන් මතකත් නැත. ඇයට දුන් නිවස ඇය සිය සැමියාට ලියා දී ඇති බව ගිය අවුරුද්දේ ඇගේ සැමියා ඇයට පහර දී රෝහල්ගතව සිටියදී ඇය කීවා ය. ඒ දවස්වල ඇයට මෝටර් රථයක් පවා දුන් බව මතක ය.

    සුසන්තිකා විදේශ රටකට ගොස් හොඳ පුහුණුවක් ලබා ගත්තා නම් ඇයට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාරියක වන්නට තිබිණි. එහෙත්, ඇයට අවශ්‍ය වුණේ එය නො වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරිනියක වන්නට ය. එතනිනුත් නතර නො වී දේශපාලනයට ගොස් ක්‍රීඩා ඇමති වන්නට ය. ඒවා වැරදි යයි අපි නො කියමු. එහෙත්, ඔලිම්පික් දිනූ ඇය එහිදී අසාර්ථක ය. ඇයට ලැබුණු වරප්‍ර‍සාද පාවිච්චි කර හෝ ඇය කළ දෙයක් නැත.

    රටට කීර්තියක් අත් කර දුන් අය පමණක් නො ව, ඔය ටෙලි නාට්‍යයක, චිත්‍ර‍ටයක රඟ පෑ අය පවා රජයෙන් ගෙවල්, වැඩ නො කර පඩි ගත හැකි තනතුරු, විශ්‍රාම වැටුප් ආදිය බලාපොරොත්තු වන අරුම පුදුම රටකි මේ සිරි ලංකාව.

    තමන්ට පුළුවන් කාලේ හරිහම්බ කරන සල්ලිවලින් කා, බී, ජොලි කර, අඩු ගානේ සෞඛ්‍යය ගැනවත් නො සිතා කටයුතු කරන ජාතික වස්තු නඩත්තු කරන එක හැර වෙන වැඩ මේ රටේ මහජනතාවට තිබෙනවා ය.

    ජාතික වස්තුවක මූලික ලක්ෂණය විය යුත්තේ වයසට යන විට රටට බරක් නො වන එක ය.

    දැන් මෙය කියූ විට මෙහි පැමිණ දේශපාලකයන් ලබන වරප්‍ර‍සාද ගැන තර්ක කරන අයට අපට කීමට ඇත්තේ ඒවා ද අහෝසි කළ යුතු බවයි. සමස්තයක් ලෙස ම දේශපාලකයන් හා ආණ්ඩුව දුර්වල කළ යුතු ය. රජය විශාල නො කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය. කළ යුතු වන්නේ රජය කාර්යක්ෂම කිරීමයි. රජය කාර්යක්ෂම වන තරමට දේශපාලකයන්ගේ වැදගත්කම වෙනස් වේ
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    දයාසිරිගේ එෆ්බී පේජ් එකේ ඌ ඇඬෙන්නම කියනවා. පදක්කම් දින්නා කියලා නිකමෙක් වෙලා ඉඳලා හරියන්නෙ නෑ. ක්‍රීඩා උපදේශකවරියක් වෙන්නවත් සුදුසුකම් නෑලු. මුකුත්ම බැරි නම් මැහුම් ගෙතුමක් හරි කරන් ඉන්න ඕනේ. පදක්කම් විකුනන කතා කිව්වම අපේ රටේ නමයි කැත වෙන්නෙ.

    දයාසිරි ගේ කටු කන එවුන් දාන එවා කවුද බන් ගනන් ගන්නේ!!! උබ ලෝකේ කොහෙහරි ගිහින් Im from dayasiri jayasekara's country කිව්වොත් කවුරුවත් දන්නවද Im from susanthika Jayasinghe's country කිව්වොත් එකෙක් දෙන්නෙක් හරි උඹව දැන ගනී. අපේ මිනිස්සු චන්දික හතුරුසිංහට හූල්ලනවා සිරාවට බංගලින්ට කෝච් කරනව කියලා සුසන්තිකාවත් කවුරුහරි recruit කරපු දාට ඒකටත් හූල්ල හූල්ල ඉමු
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දයාසිරිගේ එෆ්බී පේජ් එකේ ඌ ඇඬෙන්නම කියනවා. පදක්කම් දින්නා කියලා නිකමෙක් වෙලා ඉඳලා හරියන්නෙ නෑ. ක්‍රීඩා උපදේශකවරියක් වෙන්නවත් සුදුසුකම් නෑලු. මුකුත්ම බැරි නම් මැහුම් ගෙතුමක් හරි කරන් ඉන්න ඕනේ. පදක්කම් විකුනන කතා කිව්වම අපේ රටේ නමයි කැත වෙන්නෙ.

    e katawa nam waradiy machan mata hiten vidiyata.monawa unath eya ratata padakkamak genawane ban.anduwa itin dana ganna ona e minissungen wadak ganna.sudusukam gena katha karanawanam oya inna 225 n wadi hariyak eliye inna ona .susanthikata monwa hari daksha kamak tiyenawane ban .oya 255 ta tiyenne salli baleyi,minissu gonata andanna puluwan hakiyaway vithrayi.

    mata hitena hati tama me kiwwe
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    දයාසිරි ගේ කටු කන එවුන් දාන එවා කවුද බන් ගනන් ගන්නේ!!! උබ ලෝකේ කොහෙහරි ගිහින් Im from dayasiri jayasekara's country කිව්වොත් කවුරුවත් දන්නවද Im from susanthika Jayasinghe's country කිව්වොත් එකෙක් දෙන්නෙක් හරි උඹව දැන ගනී. අපේ මිනිස්සු චන්දික හතුරුසිංහට හූල්ලනවා සිරාවට බංගලින්ට කෝච් කරනව කියලා සුසන්තිකාවත් කවුරුහරි recruit කරපු දාට ඒකටත් හූල්ල හූල්ල ඉමු

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Susanthika eka athakata Jayasuriya wage...
    Patta talented, talent eken rate nama udata genichcha eken godak dewal personnel life ekata earn karagatta...

    wenasa tiyenne Jayasuriya, thamange contributions pennala thamange personnel weradi wahanna giye naha :D

    Susanthikata une, management nathi kama, bolgoda susanthikata supiri geyak tiyanawa :) ehema asset tibilia minissu tax salli walin thawa hamba karaganna eka weradiy :) balapanko cricket gahana aya sanga, mahela dilshan russel, hamba karagatta e kale, dan ewayin jivath wenna dannawa, madi nam thawa business karanawa, nattam russel wage commentate karanawa.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සුසන්තිකා පෙන්නන්නට හදන්නේ ලංකාව සුසන්තිකාට ණයයි වගේ වුණාට, සුසන්තිකා ලංකාවේ රජයට ණය ය. තහනම් උත්තේජක සිද්ධිය වෙලාවේ ලංකාවේ රජය ඇය වෙනුවෙන් පෙනී සිටි දැඩි ස්වරූපය හා රජයක් එසේ කරන විට එයට සවන් නො දී සිටින්නට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලට නො හැකි වීම නිසා නො වේ නම් සුසන්තිකා ඔලිම්පික් දුවලා හමාර ය.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    niyamai machan.....patta ...
    anika me gaani podi kaale indan katta kala olympic medel ekak aragena ithuru tika samanya minihek wage marila yanna nam jiwath wenne eka athi pale mokakda??:nerd::nerd::nerd:
    salli naasthi keranna athi eka hamo athinma wenawa...

    kiyala wedak nae machan!! Susanthikata FB eke banala thiyena hati dakkama hithenawa kochchara kuhaka pakayala tikak da meh rate inne kiyala!!! :yes::yes:

    Ayi ban meh yakku rata kana hatiyata 80k salary + vehicle cabinet eke pass karanne bari??? oka maha gaanakda mun rata kana hatiyata??