සුසානයේ_අවන්හල

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සුසානයේ_අවන්හල

    අත්හැර දැමුණු සොහොන් බිමක තනා ඇති අවන්හලක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ අහමදාබාද් නගරයෙනි.

    ‘නව ලකී අවන්හල‘ නම් වන මෙහි හිමිකරු වන ක්‍රිෂ්ණන් කුට්ටි අවහන්හල ඉදිකිරීමේදී හමුවූ සොහොන් ඉවත් කිරීමට උත්සාහ කර නොමැති අතර ඒ වෙනුවට ඒවා අලංකරණය පිණිස අවන්හලට එක් කරගෙන ඇත.
    අවන්හලේ තැන් තැන්හි පොළොවෙන් ඉහළට නැගුණු සොහොන් දැකිය හැකි අතර ඒවා යකඩ වැට වලින් ආවරණය කර තිබේ.පාරිභෝගිකයින්ට අසුන් පනවා ඇත්තේද ඒවා ආසන්නයේමය.

    කි්‍රෂ්ණන් පවසන ආකාරයට නම් මළවුන් සමග සිට ආහාර ගැනීම ඔහු කරා පැමිණෙන පාරිභෝගිකයින්ට නම් ගණනක් නැත.තම අවන්හල ගැන අසා දැන ගෙන එය සොයා පැමිණෙන්නන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් නම් දැකගත නොහැකි යැයි ඔහු කියයි.

    දිනපතාම අවන්හල විවෘත කිරීමට ප්‍රථමයෙන් එහි සේවකයින් සොහොන් සෝදා පිරිසිදු කර පෙර දිනයේ ඒවා මත තැබි මල් ඉවත් කර අලූත් මලින් ඒවා වසා දැමිීම සිදුකරයි.ජීවත්වන්නවුන්ට මෙන්ම මළවුන්ටද යහපතද සැළසීම තම අපේක්ෂාව බැවින් මෙසේ ඔවුනටද ගරු බුහුමන් දැක්වීමට තමන් කටයුතු කරන බව ක්‍රිෂ්ණන් පවසයි.


    cemetery%20%20Restaurant%2001.jpg


    cemetery%20%20Restaurant%2002.jpg


    cemetery%20%20Restaurant%2003.jpg


    cemetery%20%20Restaurant%2004.jpg


    cemetery%20%20Restaurant%2005.jpg
     
    • Like
    Reactions: c boy and Ridila™

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්දියාවෙ සක්කිලින්ට ඕවා මොනවද බන් මිනී පාවෙලා එන ගගේ නාලා වතුරත් බොන උන්නෙ
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පුළුටු පිචෙන ගදට නිකන් අමුනුෂයෝ වැහි වැහලා ඇති