සුසානෙට තව ටික දුරයි...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    සුසානෙට තව ටික දුරයි

    මේ ගමන යන්නේ...

    කා නමින්දැයි දන්නේ නුඹ විතරයි

    දන්නේ නුඹ විතරයි...



    මහා සෙනගක් ඇවිත් හිටියත්

    නාවේ නුඹ විතරයි...



    පිඬෙන් පිඬ පස් පිඬු වැටෙද්දී

    දැන් එතැයි හිතුණා...

    මාව යට කළ පස් කන්ද උඩ

    නුඹ හැපෙයි හිතුණා...



    අඳුර බෝ වූ සොහොන් බිම මත

    පහන් දැල්වූවා...

    එකම පහනක් නුඹෙ අතින්

    දැල් වේවි හිතුණා...



    මහා සෙනඟක් ඇවිත් හිටියත්

    නාවේ නුඹ විතරයි...

    දන්නේ නුඹ විතරයි...



    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය : අමිල තේනුවර
    සංගීතය : දර්ශන රුවන් දිසානායක
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    සුපිරි පද රචනයක්, ගායනයක්, සංගීත නිමැවුමක්. ස්තුතියි


    Adoo... patta sinduwak..




    BUMP.......... (y) (y)

    Thank youuuu ♥️ ♥️ ♥️ ♥️ ♥️