සුසිරිත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සුසිරිත් ඔබට සුවදායක විශ්‍රාම දිවියක්



susirith.jpg
.

මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා රුහුණු විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම යන ලදි. අප එතුමාට සුභ පතමු. එතුමාගේ සමහර ගෝලබාලයන් මෙන් අතිශයෝක්තියෙන් බොරුවට ගුණ වැයීම පසෙකලා කරුණු දෙකක් පිලිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.


පළවන කාරනය නම් 2012 වසරේදී රුහුණ සරසවියේදී බරපතල ලෙස නවක වධයට ලක්වූ වත්සලා කුමුදුනි නම් සිසුවියට එවකට රුහුණ සරසවියේ උප කුලපතිවූ මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් සාධාරණය ඉටු කලේ නැත​. ඒ පිලිබ්ඳව ගාඩියන් පුවත් පත විසින් වාර්තා කරන ලදි. ( වත්සලා කුමුදුනි ද සිල්වාට යුක්තිය ඉටු කරනු ! මානව අයිතිවාසිකම්, විශේෂාංග, ශ්‍රී ලංකාව July 26, 2012January 24, 2015 ශ්‍රී ලංකා ගාර්ඩියන් January 24, 2015
https://www.slguardian.org/si/archives/1803)


දෙවැන්න නම් එතුමා වැනි උගතෙකු කිසිම හිරිකිතයක් වෘත්තීය අභිමානයක් නොමැතිව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය තිබෙන විමල් වීරවංශ වැනි දේශපාලකයෙකුගේ දෙපතුල් ලඟ වැඳ වැටීමය​.


කෙසේ නමුත් මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් මහතා ඉතිහාසයට එක්වී හමාරය​. ඉතිහාසය විසින් ඔබව විනිශ්චය කරනු ඇත​.


සුසිරිත් ඔබට සුවදායක විශ්‍රාම දිවියක්