පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස වැදීම නිසා තරමක් ඇල වී ගොස් තිබෙනවා. එම වත්තට වැටී තිබූ ගස් කොටස වහාම කපා ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව එය කපා අපේ වත්තට අප විසින් දමන ලදී. ඒ ඇල වූ කණුව වෙනුවට කණුවක් යළි අලුතින් ඉදි කිරීමට අවශ්‍ය බව කියලා අපෙන් රු. 20000/- වන්දියක් ඉල්ලුවා. එය ලබා දීමට අප එකඟව සිටින අතර අද දින කතා කොට කීවා කණුව බාස් කෙනෙකුට පෙන්වූ බවත් ඔහුට අනුව ඒ සදහා රු. 35000/- ක පමණ මුදලක් වැයවන බව කී බවත් ඒ නිසා රු . 35000/- මුදලක් අවශ්‍ය බවත් කීවා. එහෙත් අප එකඟ රු. 20000/ වන්දි මුදලක් ලබා දීමට පමණයි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද? දන්නා අය කරුණාකර උදව් කරන්න.
