Update
ඉදිරි පැය 12 තුළ සුළි කුණාටු තත්වයක්
BY 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗧𝗶𝗺𝗲𝘀 02 ON DECEMBER 1, 2020
WhatsAppViberTelegramFacebookTwitter
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ලංකාවට ආසන්න වී තිබෙනවා.
ඒ අනුව ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතිනවා.
එය ඉදිරි පැය 6 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේ දී ඇතුළු විය හැකියි.
ඒ හේතුවෙන් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
වයඹ පළාතේ තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම දිවයින පුරා අහස වලාකුළු බරව පවතිනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී 30 – 40 පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.
http://colombotimes.lk/archives/3428