SL කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔච්චර සැරට කිව්වේ නෑ හැබැයි...
>
>
බෙංගාල බොක්කේ වර්ධනය වන පීඩන අවපාතයේ අලුත්ම තත්වය
BY 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗧𝗶𝗺𝗲𝘀 02 ON NOVEMBER 30, 2020
WhatsAppViberTelegramFacebookTwitter
ඉදිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
ඇතැම් ප්‍රදේශවලට මි.මී 50 පමණ තද වැසි ඇති විය හැකියි.
http://colombotimes.lk/archives/3342