සූජීව ප්‍රසන්න ආරච්චි " මමයි තාම අගමැති"

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    සූජීව ප්‍රසන්න ආරච්චි ලියන යුගයේ ආදරණීයම නව කතාව...
    " මමයි තාම අගමැති"


    රනිල්ගේ මලානික දෑස් වල පිරිලා තිබ්බෙ කඳුලු... ඒවා එලියට පනින්න ඔන්න මෙන්න දෑස් අග එල්ලිලා තිබුනා..

    ගහක් ගලක් වගෙ හිටපු තිස් වතාවක් විතර පැරදුන කොල්ලෙක් නේද මේ බබෙක් වගෙ අඬන්නෙ කියලා හිතුන නිසාමද කොහෙදො මංගලගේ ඇස් වලත් ලාවට කඳුලු බින්දු දෙකක් දිලිසුනා. රනිල්ගේ ඒ ආදරනිය මූන අද දුකින් බර වෙලා තියන හැටි දැක්කම මංගලට හීල්ලුනා....

    පව් අසරනයා.

    සිරීගේ අතේ එල්ලිලා හුරතල් වෙවී අරලියගහ මන්දිරයේ දෙන්නා එක්ක ආප්ප කකා කෝපි බීපු හැටි රනිල්ට මතක් උනා. වාටි කර වෙලා තිබ්බ ආප්පයක් අතට අරගෙන කරස් ගාලා කඩලා ලුනු මිරිස් යහමින් ගාගෙන පෙරේත කමට කාලා සිරී සූස් සූස් ගානකොට කෝපි වත්කරලා දුන්න හැටි මතක් වෙලා රනිල්ගේ ඇස් වලින් කඳුලු සට සට ගාකා බිමට වැටුනා. ආප්ප තිබ්බොත් දහයට නිදා ගන්න එකත් සිරී කල් දායි.. ඒ තරමටම කොල්ලා ආප්ප වලට පෙරේතයි.

    රනිල් ආසම උනේ්‍ සිරී ගේ ඒ හිනාවට. සිග්නල් ඇඩ් එකේ වගේ දත් පෙන්නලා සිරී හිනා වෙන හැම වෙලේම ඒ හිනාව ඔටුවෙක්ගෙ හිනාවක් වගෙ නේද කියලා කොල්ලට හිතුනා. ඒ හිනාව හරි කපටි පාටයි කියලා මංගලලා , රංජන්ලා කිව්වට ඒ දවස් වල රනිල්ට හිතුනේ මංගලලා ඒහෙම කිව්වෙ ඉරිසියාවට කියලා. ඒවා මතක් වෙනකොට කොල්ලට තවත් දුක හිතුනා.

    සර්....

    කල්පනා කර කර හිටිය රනිල් ගැස්සුනා.ඒ රංජන්ගෙ කටහඬට. රංජගෙ ඇස් වලත් කඳුලු පිරිලා. මේත් ඇමති කෙනෙක් නේද, රනිල් හිතුවෙ එහෙමයි. එතකොට තමා රනිල් දැක්කෙ තමන් දිහාට රන්ජන් දික් කරගෙන ඉන්න කලුපාට ටච් ෆෝන් එක. පොඩි කාලේ සුමනඅම්මගෙ පුතා සෙල්ලමට තියන් හිටියෙත් මේ වගේම සෙල්ලම් ෆෝන් එකක්.. රනිල්ට හිතුනා.

    රන්ජන්ගෙ ඇස් වලත් කඳුලු. ඒ දිහා බලන්න හයියක් නැති නිසාම ඉක්මනට මැරෙනවනම් හොඳයි කියලා රනිල්ට හිතුනා. සිරී එක්ක එකතු වෙලා මහින්දව ගෙදර යවලා අමාත්‍යංශයක් බාරගෙන ෆෝන් එකෙන් කෝල් වලින් මාදය සංදර්ශන දදා හිටිය රන්ජන් නේද මේ ඇස්වල කඳුලු පුරවගෙන ඉන්නෙ කියලා හිතෙද්දි රනිල්ට වාවන්නෙ නැතුව ගියා..

    ෆෝන් එක්ක තියන ආත්මීය බැඳීම නිසාමද කොහෙද රන්ජන් ෆෝන් එකෙන් ලංකාවෙ අගමැති කව්ද කියලා ගූගල් එකෙන් අහලා. කොල්ලා ඒ තරම්ම තමන්ගෙ නායකයට ආදරෙයි.ඒ කොල්ලගෙ හැටි. පන උනත් දෙයි....

    ඇයි රන්ජන්...

    සර්... සර් තමා රටේ අගමැති තාමත්. බොරුනම් මේ..මේ.. අහලා බලන්න ගූගල් එකෙන්.. මේ බලන්න සර්...මේ...

    රන්ජන් පොඩි එකෙක් වගෙ ඇස් වල කඳුලු පුරවගෙන කෑ ගහන හැටි දැක්කම රනිල්ගේ පපුව හෝස් ගාලා පිච්චිලා ගියා....

    මේ බලන්න සර් බොරුනම්..

    'Who is the prime minister of sri lanka?..'

    රන්ජන් පොඩි එකෙක් වගෙ ඇස් වල කඳුලු පුරවගෙන ෆෝන් එකට කොඳුරන හැටි බලාගෙන ඉන්න බැරුව රනිල් බිම බලාගත්තා..

    'ප්‍රයිම් මිනිස්ටර් ඊස් රනිල් වික්‍රමසිංහ...'

    ෆෝන් එකෙන් ආත්මීය කටහඬක් එහෙම කියනවා හීනෙන් වගෙ රනිල්ට ඇහුනා. ඒත් ඒක්කම පොඩි එකෙක් වගේ හුරේ කියාගෙන රන්ජන් , මංගල දෙන්න තමන් ලඟට දුවගෙන එන හැටි එලියට පනින්න දඟලන කදුලු අතරින් රනිල්ට බොඳ වෙලා පෙනුනා......

    නිමි.....



    Whatsapp walin awe.




    kawuda oyi mewwa liyana eka
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව

    You must spread some Reputation around before giving it to Mr.Myself again.​