සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නා විට පරෙස්සම
මෙහෙමත් දේවල් මේ ලෝකේ වෙනවා. මේ වාගේ වාහන ඇද ඇරලා විකුණනවා. අහු වෙන්න එපා, පරෙස්සම් වෙන එක හොඳයි...
... ඉතින් කොහොමද පරෙස්සම් වෙන්න ඕනා?...?
... මේ තියෙන්නේ පෙරළුණ 'නිසාන් පෙට්රල් 4500' වාහනයක ඇද අරින ආකාරයයි. කතිරයක් වගේ තියෙන්නේ පොම්ප වලින් ක්රියාත්මක වන යකඩ පොළු දෙකක්. ඒ කියන්නේ පොම්පය ක්රියාත්මක කරලා ඔය පොළු දිග ඇදෙන ආකාරය අනුව ඇද වුණු බොඩිය කෙළින් කරනවා. මේ පින්තුර සියල්ල බැලුවාම ඔබට පෙනේවි මෙය කරන ආකාරය. ඊළඟට වටේට අප්හොල්ස්ට්රි සවි කරාම කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. දැන් මේ වගේ වාහනයක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම්, කොහොමද පෙරළුණු වාහනයක් කියා දැන ගන්නේ?...?
...අන්න ඒකට තමා කාන්දමක් ගෙන යන්න ඕනා. ඒ කාන්දම වටේ තුනී රබර් පටියක් ඔතලා (නැත්නම් පේන්ට් එක සීරෙනවා.) බොඩියේ සැක හිතෙන තැන් වල අලවමින්, එයට බොඩිය මගින් ඇති ආකර්ෂණය තේරුම් ගන්න බලන්න ඕනා. ඒ වාගේම මේ වගේ පෙරළුණු වාහන කොතරම් ඇද ඇරියත්, පේන්ට් කරන විට කැටලොයි ගහන්න වෙනවා. ඉතින් සමහර තැන් වලට තට්ටු කලාම බොල් සද්දෙත් එනවා. අනෙක් දේ අප්හොල්ස්ට්රි කොතරම් හොඳට කලත්, යම් යම් අවුල් ආකාරයෙන් ඒවා තියේ නම්, එයත් සැක කළ යුතු තැනක්. අනෙක් දේ, වාහනයේ එක රෝදයක්, ගඩොලක් වැනි උස තැනකින් ඉතා හෙමින් ගෙනියන්න. එවිට බොඩියේ ඇතුලෙන් අමුතු සද්ද එනවා නම් එයද සැක කල යුතු වෙනවා. මේ වගේ දේවල් විශාල වාහන වලට පමණක් කරනවා කියා මොහොතකටවත් හිතන්න හොඳ නැහැ. කුඩා වාහන වලටත්, 'ගරාජ් හොරු' මේ වගේ දේවල් කරනවා. පෙරලුනත්, ඒ මුල් තත්වයට වාහනය ගන්න ගරාජ් වලට මේ කතාව අදාළ නැහැ...
...සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නා විට කීප දෙනෙක්ගේ ඇස් වලින් ඒ වාහනය බැලිය යුතු වෙනවා. එවිට විකුණන තැනැත්තාට හොර වැඩ කරන්න අමාරුයි...

Last edited: