සෙබළියන්ට_ලිංගික_අඩන්තේට්ටම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සෙබළියන්ට_ලිංගික_අඩන්තේට්ටම්

ඇමෙරිකානු රෝහල් නෞකාවේ සෙබළියන්ට ලිංගික අඩන්තේට්ටම්



_101231883_screenshot2018-05-09at12.36.56.png


ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් "මර්සි" නැමැති ජංගම රෝහල් නෞකාව

ශ්‍රී ලංකාවට ලඟා වූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් "මර්සි" ජංගම රෝහල් නෞකාවේ සේවය කරන නාවික සෙබළියන් තිදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට උත්සාහ දැරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.



ත්‍රිකුණාමලය හා ඒ අවට ප්‍රදේශවල පාසල්, රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ පොදු මහජනතාව ඉලක්ක කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, පසුගිය අප්‍රේල් මස 25 වෙනිදා මෙම රෝහල් නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු විය.

මෙය ඉන්දු - ආසියා ශාන්තිකර කලාපීය මානුෂීය ආධාර සහ ආපදා සහන මූලික අරමුණ කර ගත් වාර්ෂික සහයෝගීතා ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන වැඩසටහනකි.
ඔවුන් මැයි 09 වෙනිදා තෙක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැඳී සිටිමින් ප්‍රජා වැඩසටහන් රැසකට දායක වෙමින් සිටියදී එම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සෙබළියන් ඉහත කී ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දී ඇත.

එයින් පළමු සිදුවීම ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකින් ද, අනික් සිදුවීම උප්පුවේලි ප්‍රදේශයේ හෝටලයකින් ද වාර්තා විය. ඉහත කී ස්ථාන දෙකේ දී ඇමෙරිකානු නාවික හමුදා සෙබළියන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බීබීසි සිංහල සේවය කළ විමසීමක දී ශ්‍රී ලංකා පොලිසිය විසින් තහවුරු කරනු ලැබුණි.

ශ්‍රී ලංකාවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි පිරිසකට එවැනි අතවරවලට මුහුණ දීමට සිදුවීම ඉතා අවාසනාවන්ත බව බීබීසියට අදහස් දැක්වූ තානාපති නිලධාරියෙක් පැවසීය.
මෙම නෞකාව සම්පූර්ණ ශල්‍යකර්ම මෙහෙයුම් කාමර දොළහක්, ඇඳන් දහසක්, ඩිජිටල් විකිරණ සේවා වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක් සහ අක්ෂි අංශ රසායනාගාරයකින් සමන්විත වේ.

ඇමෙරිකානු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්ථාන කීපයක රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලැබුණි.

ඊට අමතරව, නෞකාවක 'රොබොටික් තාක්ෂණය' යොදා ගනිමින් 'මුත්තූර්' රෝහලේ වෛද්‍යවරුන් සමග එක්ව ශ්‍රී ලාංකිකයකු සඳහා ප්‍රථම වතාවට සැත්කමක් ද සිදු කරනු ලැබ ඇත.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් මෙම රෝහල් නෞකාව අද (මැයි 9) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

සෙබළියන්ට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන්වලට අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බව පොලිසිය පැවසුවේය.

bbc-blocks-dark.png