සෙරෙප්පු කුට්ටම..

Sigma xx

Junior member
  • Sep 24, 2015
    70
    8
    18
    හඳේ
    සෙරෙප්පු කුට්ටම..

    සියදෝරිස් උදේ පාන්දර නැගිටලා බැලුවා සෙරෙප්පු දෙක දාපු තැනක් හොයාගන්න බෑ. කල්පනා කළා කළා ඒත් මතකෙට එන්නේ නෑ. අන්තිමේදී තීරණය කළා සෙරෙප්පු දෙක අමතක කරලා අලුත් දෙකක් හොයා ගන්න.

    අද පෝය දවස නිසා පන්සලට ගියොත් සෙරෙප්පු කුට්ටමක් උස්සන එක අමාරුකාරියක් නෙමෙයි කියලා හිතපු සියදෝරිස් පන්සල පැත්තට ගෑටුවා.

    පන්සලට යද්දී ලොකු හාමුදුරුවෝ සිල් ගත්ත උපාසක කට්ටියට ධර්මදේශනාවක් කරනවා.
    කවදාවත් නැතුව පන්සලට ආපු සියදෝරිස් දැකපු ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරු නමක් අතේ පණිවිඩයක් යැව්වා ධර්මදේශනාව ඉවර වෙලා ලොකු හාමුදුරුවන්වත් මුණ ගැහිලා යන්න ඉන්න කියලා.

    කර කියා ගන්න දෙයක් නැතිඋන සියදෝරිස් බණ මඩුවේ පැත්තකින් වාඩි උනා.
    බණ කියලා ඉවර උන ලොකු හාමුදුරුවෝ "සියදෝරිස් මොකෝ මේ පන්සල පැත්තේ කවදාවත් නැතුව" කියලා ඇහුවා.

    "ඇත්තම කියනවානම් අපේ හාමුදුරුවනේ මම මෙතනට ආවේ පාපකර්මයක් කරගන්න අදහසින්. ඔබවහන්සේගේ බණ අහලා ඉවර වෙද්දී ඒ අදහස නැති උනා නැත්තන් මම පන්සලෙන් සෙරෙප්පු කුට්ටමක් හොරකං කරන් ගිහින් මෙලහකට."

    "අන්න ඒකයි කියන්නේ සියදොරිසි ධර්මය අහද්දී අපි පවින් ඈත් වෙනවා කියලා මම හිතන්නේ මම අර දෙවෙනි සිල්පදේ විස්තර කරද්දී වෙන්න ඕනා සියදෝරිස්ගේ ඔය අදහස වෙනස් උනේ"

    "අයේ මොකටද බොරු කියන්නේ අපේ හාමුදුරුවනේ තුන් වෙනි සිල්පදේ පැහැදිලි කරද්දී තමා ඊයේ හවස සෙරෙප්පු දෙක ගලවලා ආපු තැන මතක් උනේ".
    :lol::lol:

    ඉස්සුවේ බුකියෙන්...
     
    • Like
    Reactions: djnick

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    giphy.gif
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • උබලට හිනා නේද ? මටත් හිනා ගියා තමයි.මේක ලියපු එකත්, බෞද්ධයෙක් වෙන්න ඇතිනේ, සිල්පද ගැන දන්නේ.ඒත් කුරුසයෙක් හරි හම්බයක් හරි මෙහෙම එකක් ලියලා දැම්මා නම් බලන්න තිබ්බා අපේ එකාලගේ ප්‍රතිචාරේ.නැට්ට උස්සගෙන එන්නේ, ආගම බේරගන්න.එක දෙයක් මතක තියාගනිල්ලා, කවදහරි අපිට කෙලවෙන්නේ, කොහෙවත් යන කුරුසයෝවත් හම්බයෝවත් නිසා නෙවෙයි, අපේම, නමට බෞද්ධයෝ කියන උන් නිසා.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පන්සිල් පද

    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පන්සිල් පද

    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි


    sorry macho , post deleted :):):)