සෙල්ෆියක් කළ හදිය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සෙල්ෆියක් කළ හදිය

    සෙල්ෆියක් කළ හදිය

    image_5dcbbebe07.jpg

    පසුගිය 2017 වසරේ, ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුණු, විශ්ව රූ රැජින තරගාවලිය අතරතුරේ, ඉරාකය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වුණු සුරූපිනිය සාරා ඉඩාන්, ඊශ්‍රායල සුරූපිනිය ඇඩාර් ගැන්ඬේල්ස්මාන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගත්තාය.
    ‘ඉරාක සුරූපිනිය සහ ඊශ්‍රායල සුරූපිනිය සාමය ප්‍රාර්ථනා කරනවා’ යනුවෙන් එම ඡායාරූපයට සටහනක් ද ඇතුළත් විය.
    සාරා ඉඩාන් එම සෙල්ෆි ඡායාරූපය සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළාය. ඒ සමඟ ඇයට ඉරාක වැසියන්ගෙන් දැඩි විරෝධයක් පමණක් නොව මරණ තර්ජන ද එල්ල වීමට පටන් ගත්තේය.
    මරණ තර්ජන දිනෙන් දින උත්සන්න වෙමින් පවතින හෙයින්, අද වනවිට සාරා ඉඩාන් සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ඉරාකයෙන් පලා යෑමට සිදුවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා වේ.
    ඉරාකය සහ ඊශ්‍රායලය අතර කිසිදු ආකාරයක සබඳතා නැත. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සබඳතාවක් ද නැත. සාරා ඉඩාන්, ඊශ්‍රායල සුරූපිනිය ඇඩාර් ගැන්ඬේල්ස්මාන් සමඟ එකට ගත් සෙල්ෆි ඡායාරූපය විරෝධයට හේතුවක් වූයේ ඒ අනුවය.
    (බී.බී.සී.)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි ඕක නිසාඉරාකේ අයට හිනාවුනාට අපිත් ඔය වගේ හේකදි වැඩකරන්නේ ඔහොමම තමයි.