සේද_රටාවේ_අබිරහස_හෙළිවේ!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සේද_රටාවේ_අබිරහස_හෙළිවේ!

ඇමසන් වනාන්තරයෙන් මතු වූ ‘සේද රටාවේ’ අබිරහස හෙළිවේ!

පසුගිය වසරේ ජූනි මාසයේ පේරූ රාජ්‍යයේ ඇමසන් වනාන්තර කොටසේ අමුතුම දෙයක් දැක ගන්න ලැබුණා. ඒ කවාකාර සුදු කූඤ්ඤ පේළියක් බඳු ව්‍යුහයක්. මෙය ගුප්ත ‘සේද රටාවක්’ ලෙසයි පෙනුනේ.

සුදු පැහැති කුඩා කොතක් බඳු යමක් වටා වැටක් සිට වූ කලෙක මෙන් පෙනුණු මෙය අබිරහසක් ලෙසයි, මුලින් ම දුටු ට්‍රෝයි ඇලෙක්සැන්ඩර් සිතුවේ. ඔහු ඇමරිකාවේ ජෝර්ජියා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරන්නෙක්.

මේ සුවිශේෂ රටාව ඔහුට දක්නට ලැබුණේ පේරූ රාජ්‍යයේ ටැම්බොපටා (Tambopata) ජාතික වන රක්ෂිතයේ පිහිටි පර්යේෂණායතනයකදියි. එහි නිල් ටාපොලින් කූඩාරම් රෙද්දකයි, ඔහු මුලින් ම තිබෙනු දුටුවේ. ඉන්පසු තවත් එවැන්නක් සෙක්‍රොපියා ගසක තිබෙනු ඔහු දුටුවා. ඔහු ඒ අවස්ථාවේ සිටියේ ටැම්බොපටා විද්‍යා පර්යේෂණායනයේ අධ්‍යයන කටයුතුවල යෙදෙමින්.

මේ සේද රටාව මුලින්ම දුටු ට්‍රෝයි ඇලෙක්සැන්ඩර් ටාපොලීන් රෙද්දේ බැඳ තිබුණු අයුරු ඡායාරූප ගත කොට ඔහු අන්තර් ජාලය හරහා වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ මෙය කුමක්දැයි හඳුනා ගන්නට උදවු ඉල්ලා තිබුණා.

පසුගිය දා මේ අබිරහස අනාවරණය කර ගත්තා ඒ පේරූ ඇමසන් වනාන්තරයට ගිය ලෝක ප‍්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු විසින්. ඔහු නමින් ජෙෆ් ක්‍රෙමර් (Jeff Cremer). පේරූ අගනුවර වූ ලීමා හී වසර අටක් තිස්සේ පදිංචිව සිටින ඇමරිකානු ජාතිකයෙක්. දින අටක් තිස්සේ මේ අබිරහස සොයා ගනු පිණිස ගවේෂණයේ යෙදුණු ඔහුට මේ අබිරහස් ව්‍යුහය කුමක්දැයි සොයා ගන්නට හැකි වුණා.

article-2531107-1A58566000000578-12_634x294.jpg
පසුගිය වසරේ ජූනි මාසයේ දී මුලින් ම දැක ගන්නට ලැබුණු වේලේ, මේ සුදු පැහැති කුඩා කොතක් බඳු යමක් වටා වැටක් සිට වූ කලෙක මෙන් පෙනුණු මේ අබිරහස් ‘සේද රටාව’ දැන් සොයා ගෙන තියෙනවා මේ රඹ පැහැති මකුළුවාගේ වැඩක් බව.

ඔහු එහි ඡායාරූප ගත්තා. ඒවා තමා අද අප ඔබට ඉදිරිපත් කරන්නේ. දින ගණනාවක් ඒ ගැන අවධානයෙන් සිටි ඔහුට දැකගත හැකි වුණා, මෙය එක්තරා මකුළු විශේෂයක් බිත්තර දමන්නට සැකසු තැනක් බව. ඒ ඒ මැද තිබූ බිත්තර පුපුරා මකුළු පැටියකු එළියට එනවා දුටු පසුවයි. ඔහු මකුළුවාත් ඡායාරූපයට නගන්නත් සමත් වුණා.

වනජීවී පර්යේෂකයන්ට පවා ඒ ගැන මුලින් ම සිතා ගන්නට හැකියාවක් තිබුණේ නෑ. ඒ කුමක්ද කියා ජෙෆ් ක්‍රෙමර්ට තේරුම් ගන්නට හැකි වුණේ ඒ තුළින් රඹ පැහැති මකුළු පැටියකු එළියට එනු දැකීමෙන්.

දැන් ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ හා පේරූ පර්යේෂණායතනයේ සිටින ඇරැක්නිඩාවන් පිළිබඳ විශේෂඥයන් හා කීට විද්‍යාඥයන් උත්සාහ කරනවා මේ මකුළුවා අයත් වන්නේ කුමන ගෝත‍්‍රයකට දැයි නිගමනය කරන්න.

ලොව පුරා වනජීවී ඡායාරූප ගැනීමෙහි නිරතවෙමන් ඒ සඳහා සම්මාන රැසක් දිනා ගැනීමට පවා සමත් වූ ජෙෆ් ක්‍රෙමර් තමයි, දැක තියෙන්නේ මේ ‘සේද රටාව’ තුළින් රඹ පැහැති පුංචි මකුළු පැටියකු එළියට එනවා. මේ තවමත් නමක් දමා නැති මකුළුවා ඒ සේද රටාව මැද පුංචි කනුවක් තනා ඒ කනුව මුල බිත්තර දමන බවත්, ඒ්වායේ ආරක්ෂාවට වැටක් තනා ඇති බවත් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වුයේ ඔහුයි.

”අපි මේ සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළා. මේ අබිරහස් සේද රටාව කුමක්ද? එය තනන්නේ කුමන වර්ගයේ සතෙක් විසින් දැයි සොයා ගන්නයි අපට අවශ්‍ය වුණේ. ඒ නිසා මේ ව්‍යුහයන් සොයා ඡායාරූප ගත කරන්න පටන් ගත්තා.” ඔහු පවසනවා.

”මං හිතන්නේ මේ මැද තියෙන කනුව මුල දමන බිත්තරවල ආරක්ෂාවටයි, වටේට ඇති වැට නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම එහි ඇතුළුවන්නට තැත් කරන කූඹින් අල්ලා ගෙන කන්නටත් ඒ මකුළු දෙනට පුළුවන්. අනික් අතට මෙය බිත්තරවල ආරක්ෂාවට කරන වෙස්වලා ගැනීමක් වෙන්නත් පුළුවන්. එවිට දිලීරයක් හෝ ලයිකනයක් හෝ සිතා ඒ බිත්තරවලට හානි කරන්නට එන සතුන් පලවා හරින්නට හැකි වෙනවා ඇති.” ඔහු ඒ ගැන අදහස් දක්වමින් කියනවා.

ඒ වගේම ඔහු ‘වයර්ඞ් කොම්’ (Wired.com) වෙබ් අඩවියට කියා තියෙනවා, මේ ව්‍යුහයක් හතරක්ම ගස්වල තිබෙනු දුටු බව. ඒ හැම එකක් ම සෙන්ටිමීටර් දෙකක පමණ විෂ්කම්භයකින් යුක්ත යැයි ද ඔහු වැඩිදුරටත් කියනවා.

article-2531107-1A58255A00000578-708_634x303.jpg
2013 ජූනි මාසයේ දී මුල්වරට ට්‍රෝයි ඇලෙක්සැන්ඩර් මේ ‘සේද රටාව’ දුටුවේ ඔහු පර්යේෂණ කටයුතුවල නිරතව සිටි පේරූ ඇමසන් වනාන්තරයේ ටැම්බොපටා විද්‍යා පර්යේෂණායනය අසල නිල් පැහැති ටාපොලීන් කුඩාරම් රෙද්දකයි. මෙහි ඇත්තේ ඒ ව්‍යුහයක් ඒ අසල ගසක බැඳ තිබුණු අයුරුයි.

මේ හා සමාන ව්‍යුහයන් මීට කලින් ඡායාරූපයට නඟා තියෙන්නෙ අවස්ථා දෙකකදී විතරයි. ඒත් දකුණු ඇමරිකාවෙදිම පමණයි. ඒ එක්වදෝරයෙන් හා ප‍්‍රංශ ගයානාවෙන්.

article-2531107-1A58254E00000578-744_634x329.jpg
මේ අබිරහස සොයා පේරූ ඇමසන් වනාන්තරයට ගිය වනජීවී ඡායාරූප ශිල්පී ජෙෆ් ක්‍රෙමර් සමත් වුණා ගසක් මත බැඳ තිබූ ඒ සේද රටාව මේ මකුළු විශේෂය විසින් නිර්මාණය කරන්නක් බව සොයා ගන්නට. දැන් විද්‍යාඥයන් උත්සාහ කරනවා මේ මකුළුවා හඳුනා ගන්නට.

article-2412006-1BA041AC000005DC-95_634x645.jpg
මේ සේද රටාව මුලින්ම දුටු ට්‍රෝයි ඇලෙක්සැන්ඩර් ටාපොලීන් රෙද්දේ බැඳ තිබුණු අයුරු ඡායාරූප ගත කොට ඔහු අන්තර් ජාලය හරහා වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ මෙය කුමක්දැයි හඳුනාගන්නට උදවු ඉල්ලා තිබුණා.

article-2412006-1BA041B4000005DC-406_634x428.jpg
තවමත් මේ අපූරු ව්‍යුහය තනන මකුළුවා කවුරුන්දැයි හඳුනා ගෙන නැහැ. ඒ වගේ ම මේ අමුතු ව්‍යුහය ගැනත් තව සොයා ගෙන ස්ථිර කර ගත යුතු දේ තියෙනවා. දැනට අප දන්නේ ක්‍රෙමර් දැක් වූ අදහස් විතරමයි.


විස්තරේ "මල් කැකුළු"