සේයා_ඝාතකයාට මරණ දඬුවම
කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂණය කර මරාදැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සමන් ජයලත් නමැත්තාට වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ මීගමුව පළාත් බද මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නම් මහත්මියගේ නියෝගයකට අනුවයි.
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 25 වැනිදා සිට අඛණ්ඩව විභාගයට ගැනුනා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. ඒ නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු කොටදෙණියාව පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගැනුනා.
කෙසේ වෙතත් ඔවුන්ගේ ඩී.එන්.ඒ වාර්තා නොගැලපීම නිසා ඔක්තෝබර් මස 3 වැනිදා ඔවුන් එම නඩුවෙන් නිදහස් කෙරුණා.
neth
සේයා ඝාතකයාට මරණ දඬුවම