සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,330
    7,854
    113
    1697362430181.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕනේ කියන්නේ ඕකයි....

    අද මුන්ට...හෙට පාර්ලිමේන්තුවේ උන්ට...

    මිනිස්සු එකතු වෙලා නීතිය ක්‍රියාත්මක කරන තැනට අරන් ඇවිල්ල...ඊට කලින් ඔය රෙද්ද නියාමනය කරේ නැත්තම් අපේ නායකතුමන්ලට ලොකු දේවල් වලට මුහුණ දෙන්න වෙයි...

    එහෙම නේද ගුපියනේ? :love:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    mu danne nathuwa mugema CCTV eke footage leak wela.. gobba harak businessman la..

    habai ohoma gahanna mona hari loku case ekak wela thiyanawa..
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොලිසිය පවසන්නේ පහරකෑ තරුනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුනේ නැති නමුත් 119 අංකයට ලැබුණ තොරතුරු ඔස්සේ යුවළ අත්අඩංගුවට ගත් බවයි.
    :-)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    polisiyata nithiya kriyathmka karanna paminili onama na
    ඔය නීතිය ක්‍රියාත්මක වෙන්නේ මීඩියා එකට , ඇමතිතුමාට කිව්ව ගමන් නිදහස් වෙනවා ලගදිම, ගුටිකාපු කෙල්ල නම් හිරේ යයි
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    කඳාන සිද්ධිය Update: ගුටි කෑවෙ නෑදෑ අක්කයි අයියයිගෙන්​



    කඳාන KD Express නමැති කුරියර් සේවා ආයතනයක හිමිකරු හා හිමිකාරිය එහි සේවිකාවකට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවේ පසුවන අතර මෙම පහරදීම ඥාති ආරවුලක් බව පැවසේ.
    ආයතනය තුළ දී යුවළ එහි සේවය කරන කාන්තාවකට අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළ සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයින් සම්බන්ධ පොලිසියට ඊයේ තොරතුරු ලැබී එකී යුවළ අත්අඩංගුවට පත්ව තිබූ අතර කසුන් මධුෂංක හා ප්‍රහර්ෂණී අරුණාලි නමැති 36 හැවිරිදි වියේ පසුවන යුවළ කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්විය.

    පහරකෑමට ලක්වු තරුණිය මෙම යුවළගේ ළඟම ඥාතීන් බවත් වසර 3ක පමණ කාලයක සිට මෙකී යුවළ වාසය කරන නිවසේ නැවතී ඒ ආසන්නව පිහිටා ඇති වෙළඳ ආයතනයේ සේවය කළ බවත් පැවසේ. මෙම තරුණිය මීට පෙර කිහිප අවස්ථාවන්හිදීත් ඔවුන්ගේ හිංසනයට ලක්ව ඇති අතර පහර කන අවස්ථාවල එතැනින් පළායන්නට හෝ උත්සාහ නොකර සියල්ල ඉවසා ඥාතීන් යටතේ කරබාගෙන රැකියාවේ යෙදීමේ අවශ්‍යතාව යටතේ සිටි අයෙකු බව පැවසේ.

    සීසීටීවී දර්ශන වලට හසුවූ සිද්ධිය දිනයේත් ඇය ප්‍රතිප්‍රහාර දෙන්නට හෝ එතැනින් ඉවත්ව යන්නට උත්සාහ කරන්නේ නැති අතරම සිද්ධියෙන් පසුව පොලිසියට යාමට හෝ එය දුරදිග ගෙනයාමට උත්සාහයක් දරා නැත.
    කෙසේ වෙතත් මෙකී ආයතනයේ සේවය කරන සේවකයෙකු මෙම අසාධාරණය ඉවසන්නට බැරිව එකී වීඩියෝ ඛන්ඩය අන්තර්ජාලය වෙත යොමු කර තිබූ අතර ඒ අනුව පොලිසියට මෙම සිදුවීම ගැන තොරතුරු ලැබෙන්නේ තෙවැනි පාර්ශ්වයක් ඔස්සේය.
    සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අමානුෂික ලෙස ඔවුන් සේවිකාවට පහරදෙන වීඩියෝවේදී තරුණියට ආයතනයේ හිමිකරු මුලින්ම පහර දෙන අයුරුත් එම අවස්ථාවේ වාඩිවී සිටින බිරියද නැගිට ටිකකින් ඇයට පහර දෙන අතර පසුව අමානුෂික ලෙස ප්ලාස්ටික් පුටු වලින් ඇයට දෙන්නාම එක්ව පහර දෙනු හඳුනාගන්නට ලැබුණි.
    පොලිසිය පවසන්නේ පහරකෑ තරුණය පොලිසියට පැමිණිල්ලක් කර තිබුනේ නැති නමුත් 119 අංකයට ලැබුණ තොරතුරු ඔස්සේ යුවළ අත්අඩංගුවට ගත් බවයි.පහරකෑමට ලක්වු තරුණියගේ ළඟම ඥාතීන් වන ඔවුන් තමන් කන්න බොන්න දී නවාතැන් දී රැකියාව කරන සේවිකාවගේවරදක් සම්බන්ධයෙන් ඇතිවූ කෝපය මත මෙම දේවල් කළ බව කියා තිබේ.
    පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතින්ගේ නිවසේ නැවතී අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් ලැබෙන දේ බෙදාහරින KD Express නමැති කුරියර් සේවාවට සම්බන්ධවී තිබේ.

    පහරකෑමට ලක්වූ තරුණිය පොලිසියට පවසා ඇත්තේ, සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ පොලීසියට පැමිණිලි කරන්නට නොගිය බවත් පසුව, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි බවයි.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අද (15) දින වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
    සිද්ධියට අදාළ පෙර විස්තරය

    deja vu ekak danuna. :unsure:
    got it............... :love2:


    Rajapakshala gawuna thana iwarayi neh, :rofl:
    ------ Post added on Oct 15, 2023 at 4:14 PM