සොබා_දහමේ_මර_උගුල්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සොබා_දහමේ_මර_උගුල්


සොබාදහම කියන්නේ හරිම අපූරු සුන්දර තැනක්. ඒවගේම හරිම අවදානම් තැනක්. අපි මේ කතා කරන්න සූදානම් වන්නේ සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන, මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක ගැන. විලෝපික ශාක කියන්නේ වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ ගොදුරු කර ගෙන ආහාරයට ගන්නා ශාකවලටයි. මාංශභක්ෂක හා ශාක භක්ෂක දෙවර්ගය ම එකක් ලෙස ගෙනයි, මෙසේ හැඳින්වෙන්නේ. ඒ ශාකත් ප‍්‍රභාසංශ්ලේෂණය මගින් තමයි, සාමාන්‍යයෙන් ආහාර නිපදවා ගන්නේ. අතිරේකව අවශ්‍ය පෝෂක කොටස් පහසුවෙන් ලබා ගන්නයි, මේ විදියට විලෝපික හැසිරීමට යන්නේ. ගසක පිළිලයක් වුනත් විලෝපික ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ විදියෙ විලෝපික ශාක විශේෂ 400ක් තරම් ප‍්‍රමාණයක් ලොව පුරා විසිරී තියෙනවා.

මස් කන්න පුරුදු වුණේ ඇයි ?

මාංශ භක්ෂක ශාක හෙවත් කෘමි භක්ෂක ශාක සතුව තියෙනවා, විශේෂ පෝෂණ ක‍්‍රමයක්. අනෙක් ශාක විශේෂ වගේම මේවායේත් පත‍්‍ර කොළ පාටයි. ඒ ඒවායේ ක්ලෝරෝෆිල් හෙවත් හරිතප‍්‍රද අඩංගු නිසයි. හේ නිසා ඒවාට ආහාර පිළියෙළ කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඇයි මේ ශාක මේ විදියට කෘමීන් ආහාරයට ගන්නේ ? කෑම සඳහා ඒ ශාකවලට කෘමීන් අවශ්‍ය වන්නේ ඒවායේ වැඞීමට අත්‍යවශ්‍ය පෝෂකයක් වන නයිට‍්‍රජන් අඩංගු ආහාරවල ඌණතාව සපුරා ගැනීමටයිි. ගොදුරු කර ගන්නා කෘමීන්ගේ සිරුරු ජීර්ණයට පත් කොට අවශ්‍ය සාරයන් උරා ගැනීමයි මෙහි දී සිදුවන්නේ. මාංශ භක්ෂක ශාක වැඩිපුරම වැඩෙන්නේ මඩ වගුරු ආශ‍්‍රිත ප‍්‍රදේශවලයි. සාමාන්‍යයෙන් වගුරු ප‍්‍රදේශවල පසෙහි නයිට‍්‍රජනීය ලවණ ඌණතාවක්, ඒ කියන්නේ හිඟකමක් තියෙනවා. ඒ නිසා කෘමි සතුන් ගොදුරු කරගෙන ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට මෙම ශාක හැඩගැසීම පරිණාමයේ තවත් අපූරු අවස්ථාවක් කියලයි, උද්භිද විද්‍යාඥයින් කියන්නේ.


පොදු ලක්ෂණ හඳුනා ගනිමු

මංශභක්ෂක ශාක කෘමීන් අල්ලා ගැනීම පිණිස අවයවවලින් සමන්විත වෙනවා. මේ අවයව කියලා කියන්නේ පත‍්‍රවලටයි. මෙම ශාක වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. සමහර ශාක කෘමීන් අල්ලා ගැනීමට විශේෂ උපක‍්‍රම යොදා ගන්නවා. අනෙක් ශාක, කෘමීන් ගොදුරු කර ගන්නේ ස්වභාවික පිහිටීම උපකාර කර ගෙනයි.

බාඳුරා මර උගුල

බාඳුරා (pitcher plant)කියන්නේ අපේ රටේ බහුලව දකින්න පුළුවන් මාංශ භක්ෂක ශාකයක්. මේවා වැඩෙන්නේ සෙවණ ඇති මඩ වගුරු බිම්වලයි. බාඳුරා හැඳින්වෙන්නේ නෙපෙන්තස් ඩිස්ටිලාටෝරියා (penthes distillatoria) යන උද්භිද විද්‍යා නාමයෙන්. දුර්වල කඳක් ඇති වැල් ශාකයක් නිසා මෙහි මැද නාරටි දිගින් යුක්තයි. ඒවා වෙනත් වැලක් මෙන් ආධාරකයක එතී වෙළී පිහිටන නිසා මේ ශාකයට සෘජුව පිහිටීමේ ශක්තිය ලැබෙනවා. කෘමීන් අල්ලා ගැනීම සඳහා මෙහි එක් පත‍්‍ර තලයක හැඩය වෙනස් වෙලා ඒ කියන්නේ විකරණය වෙලා කෙණ්ඩියක් (pitcher) එහෙම නැතිනම් මල්ලක් ලෙස සැකසී තියෙනවා. බාඳුරා මල ලෙස හැඳින්වෙන්නේ මේ කෙණ්ඩියයි. ඇත්තටම නම් මෙය මලක් නොවේ. මර උගුලක්. පත‍්‍ර තලය කෙණ්ඩිය වී ඇති අතර පත‍්‍ර නටුව පත‍්‍රයක් මෙන් පළල් වී පිහිටනවා. එය හැඳින්වෙන්නේ පත‍්‍රාභයක් ලෙසයි. මේ කෙණ්ඩිය බොහෝ විට අඟල් 3 ක් පමණ දිගයි. පහළ පළල්. ඉහළ කෙළවර පටුයි.

3.jpg
10311766.jpg

28101735.jpg


කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි

කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ‍්‍ර රෝස පැහැයක් ගන්නවා. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යොදූ උපායක්. කෙණ්ඩියේ මුඛයේ එසේත් නැතිනම් ඉහළ කෙළවරෙහි පියනක් තියෙනවා. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවතිනවා. එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවයි. විවෘත වූ විට පියන සෘජුව පිහිටනවා. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂක්. කෙණ්ඩියට ආකර්ෂණය වී එයට ඇදී එන පුංචි කෘමීන් කෙණ්ඩියේ මුඛයෙහි ඇති දාරයෙහි වසනවා. එය ලිස්සනසුලූයි. ඒ නිසා කෘමීන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටෙනවා. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට හැකි වන්නේ නෑ. කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන් මෙසේ වැටෙන කෘමීන් මිය යනවා. උන්ගේ සිරුරු කොටස් කෙණ්ඩිය තුළම දිරවීමට ලක් වෙනවා. ඉන්පසු ඒවායේ ඇති පෝෂ්‍ය කොටස් කෙණ්ඩිය හරහා ශාකයට උරා ගන්නවා.

කඳුළු හෙළන ඇසක් බඳු කඳුලැස්ස

බාඳුරා ශාක මෙන්ම කඳුලැස්ස (sundew)ශාකයත් තෙතමනය අධික සෙවණ සහිත තැන්වලයි වැඩෙන්නෙ. මෙහි උද්භිද විද්‍යා නාමය ඩ්‍රොසේරා ඉන්ඩිකා (Drosera indica)යි. ‘වීනස් ෆ්ලයි ට‍්‍රැප්’ කියන්නෙත් කඳුලැස්ස පවුලට ම අයත් ශාකයක්. සාමාන්‍යයෙන් බහුලව හමුවන කඳුලැස්ස ශාකය ඉතා කුඩායි. මේ ශාකය බොහෝ විට හමුවන්නේ විලක් හෝ වගුරක් අද්දරයි.

4.jpg

22031535.jpg

10663751.jpg


කඳුලැස්ස ශාකයට පොළොවට ඇළී එකිනෙකට ළං ළං ව පිහිටා ඇති පත‍්‍ර රැසක් හා සෘජුව පිහිටින කඳක් තියෙනවා. මෙසේ පිහිටන පත‍්‍ර සමූහය හැඳින්වෙන්නේ සෙව්වන්දියක් කියායි. මෙහි පත‍්‍රවල පැහැය රතට හුරුයි. දික්වූ නටුවලින් සමන්විතයි. පත‍්‍ර තලය පැතළියි. හැඩය අණ්ඩාකාරයි. මේ පුෂ්ප මංජරිය ශාකයට ඇති විශේෂ ලක්ෂණයක්. පත‍්‍ර තලයේ සහ දාරයේ තියෙනවා, ග‍්‍රාහිකා රාශියක්. පත‍්‍ර දාරය අද්දර තියෙන්නේ දික් වූ ග‍්‍රාහිකා. මැද තියෙන්නේ කෙටි මහත හැඩයෙන් යුත් ග‍්‍රාහිකායි. මේ සෑම ග‍්‍රාහිකාවක්ම කෙළවර වෙන්නේ වටකුරු ග‍්‍රන්ථියකිනුයි.

දිලිසෙන ඇලෙන ද්‍රව බිංදු

මෙහි ඇති ග‍්‍රාහිකා තුඩුවලින් ස‍්‍රාවය වෙන්නේ ඇලෙනසුලූ ද්‍රව බිංදුයි. මෙම ද්‍රව බිංදු මතට හිරු එළිය වැටුණු විට දිලිසීමට පටන් ගන්නවා. මෙයට කඳුලැස්ස යන නම ලැබී ඇත්තේ මෙහි පිහිටීම ඇසක් බඳු නිසාත් මෙය ස‍්‍රාවය කරන ද්‍රව බිංදු කඳුළු මෙන් දිලිසෙන නිසාත්ය. මෙම දිලිසෙන පත‍්‍ර දෙසට ඇදී එන කෘමීන් පත‍්‍රයේ ඇති ද්‍රාවයේ ඇලෙනවා. එමෙන්ම පත‍්‍රයේ ඇති ඇස් පිහාටු බඳු ග‍්‍රාහිකා පත‍්‍රය මැදට නැමී කෘමියා හිර කර ගන්නවා. කුඩා කෘමීන්ට මෙම මර උගුලෙන් බේරී යාමට හැකි වන්නේ නෑ. එහෙත් ඉඳහිට ශක්තිමත් කෘමියකු බේරී යන අවස්ථාත් තියෙනවා. සාමාන්‍යයෙන් මෙම ශාකය ආහාරයට ගන්නේ හෝහපුටුවන්, මැස්සන්, මදුරුවන් වැනි කුඩා සතුන්. මේ සතකු අසුවූ විට දිරවීමට සතියක් විතර ගත වෙනවා.

උත්තේජනය වන ග‍්‍රාහිකා

ග‍්‍රාහිකා මේ අයුරින් නැමෙන්නේ කෘමීන්ගේ පැමිණීම නිසයි. කෘමීන් එහි ස්පර්ශ වන නිසයි. මේ ස්පර්ශ නිසා ඒ ශාකය තුළ උත්තේජනයක් ඇති වෙනවා. රසායනික වෙනස් වීමක් නිසයි, මේ උත්තේජනය ඇති වන්නේ. ග‍්‍රාහිකාවල ග‍්‍රහණයට හසුවී මියයන කෘමියාගේ සිරුර ඉන්පසු ජීර්ණයට පත්වෙනවා. මෙය සිදුවන්නේ ග‍්‍රාහිකාවලින් වෑස්සෙන ජීර්ණ යුෂ හේතුවෙන්. කෘමියාගේ මාංශල කොටස් ජීර්ණය වී ද්‍රාව්‍ය බවට පත්වෙනවා. ඒවා පත‍්‍ර තුළින් ශාකයට උරා ගන්නවා. පසුව දිරවිය නොහැකි ඇට කොටස් පත‍්‍රය මත තිබෙනු දැක ගත හැකියි. කෘමීන් ගොදුරු කර නො ගෙන වුනත් කඳුලැස්ස ශාකයට ජීවත්වෙන්න පුළුවන්. ඒත් මේ අයුරින් මාංශල ආහාර ලැබීම නිසා ශාකය වඩාත් නිරෝගීව වැඩෙනවා.

ජලයේ මතුවන නිල්මොනරැස්ස

නිල්මොනරැස්ස තවත් සතුන් අල්ලා කන ශාකයක්. එය උට්රිකුලාරියා රෙටිකුලාටා (Utricularia reticulata)යන උද්භිද විද්‍යා නාමයෙන් තමයි හැඳින්වෙන්නෙ. මෙය ජලයේ ගිලී වැඩෙන ජලජ ශාකයක්. ජලය මතුපිටට පැමිණෙන්නේ පුෂ්ප මංජරිය විතරයි. අධික ලෙස අතු බෙදීම නිසා මෙය දිස්වෙන්නේ කෙදි රාශියක් ලෙසයි. මෙහි පත‍්‍රද සිහින් කෙඳි ලෙසට බෙදී තිබෙනවා. මේ පත‍්‍ර අතරින් සමහරක් ආශයක් හෙවත් පැසක් ලෙසට විකරණය වී තියෙනවා. ජලයේ පාවෙමින් පැසට පුළුවන් ජලයේ වසන කුඩා කෘමීන් අල්ලා ගන්නට. මේ පැසෙහි පළල් පෙදෙස ශාකයට සවි වී තියෙනවා.

5.jpg

61021976.jpg


සකි‍්‍රය උගුල් දොරක්

පටු කෙළවරෙහි තියෙන්නේ සාමාන්‍ය වශයෙන් වැසී තියෙන උගුල් දොරක්. මේ උගුල් දොර දෙපසෙහි ඇත්තේ රෝම කිහිපයක්. උගුල් දොරෙන් පිටතට විහිදෙන සංවේදී රෝම හතරක් තියෙනවා. කෘමියෙක් මෙම සංවේදී රෝමවල ස්පර්ශ වුණොත් උගුල් දොර සැණෙකින් පැස තුළට විවර වෙනවා. එවිට වේගයෙන් ජලය ආශය තුළට ඇතුළු වෙනවා. එතකොට ජලයේ සිටින කෘමියා ජලයත් සමඟ පැස තුළට ඇදී යනවා. පැය භාගයක පමණ කාලයකට පසු පැස තුළ පිරුණු ජලය හිස් කර පැසට යළි කි‍්‍රයාකාරී වීමේ හැකියාව ලැබෙනවා. කෘමීන්ගේ දිරවීම හා පෝෂණ කොටස් උරා ගැනීම සිදුවන්නේ මේ පැස තුළ දීමයි.

කෘමියකු ස්පර්ශ වීමේ දී කී‍්‍රයාකාරී වන සංවේදී කෙඳි ඇතුළත් ශාකවල ඇති මේ ඇටවුම් හැඳින්වෙන්නේ සකි‍්‍රය උගුල් ලෙසයි. බටර්වර්ත්, බ්ලැඩර්වර්ත්, සන්ඩිව් හෙවත් කඳුලැස්ස පවුලට අයත් වීනස් ෆ්ලයි ට‍්‍රැප් වැනි ශාකවලට ඇත්තේ මෙවැනි උගුල්. ඒවායේ සතුන් අල්ලා ගන්නා යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙනවා. එහෙත් බාඳුරා වැනි ශාකවල පැස අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. ඒවා කෘමීන් ආකර්ෂණය කර ගන්නේ ඒවායේ වර්ණ, සුවඳ, මල් පැණි ආදිය මගිනුයි. උගුලේ කට මත වැසූ කෘමීයා ඉබේම ලිස්සා ඒ තුළට වැටෙනවා. ඒවායේ එසැණ කි‍්‍රයාත්මක වීමක් නැහැ. පැසක් ඇති බොහෝ ශාක අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. සමහර ශාකවල පත‍්‍රවල කෘමීන් ඇලෙනසුලූ ගතියක් තියෙනවා. කෘමියකු මේ පත‍්‍රයක ඇලූණොත් පත‍්‍රය රෝල් වී කෘමියා වෙළා ගන්නවා. පත‍්‍රය තුළින් මතුවන රසායනික දියරයකින් කෘමියා දිය කර උගේ සාරය උරා ගන්නට ශාකයට පුළුවන්.

මේක ගත්තේ මල් කැකුළු බ්ලොග් එකෙන්.මම වැඩිපුර පොටෝ ටිකක් google මාමා ගෙන් ඉල්ලා ගත්තා..මෙන්න තැන ..http://www.malkakulu.com/
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ela machan....:)
09115e597def.gif

Bookmark ekak dhagaththa machn...passe kiyawanna one...:D:D:D
+++rep

elakiri machan,me wage post thawa thawath hoyala danna elakiri eke yaluwanta danuma beda ganna...jaya wewa

Good post

මර උගුලක්


elaaaaa.....
machan kaneru ata kewama merenawalune??? a gena dannawada?
+4
අහල නම් තියෙනවා මචන්

tfs bro......

thanks!!! hamotama...;);););)