If you can listen to Meemure Dhammawansha Thero, That will be great
Oya kattiyage Skype ids awanna, api skype group akak hadamumata kalyana mithrayo na, okkoma papa mithrayo inne
![]()

පින් කරන්නෙ මොකටද බන් කුසල් කරපන් වැනි අදහස් මතු වීම - මේක හරි. පින් කියන්නේ පුන්‍යාභිසංකාර.
පුන්‍යාභිසංකාර = පුන්‍ය + අභිසංකාර
අභිසංකාර කියන්නේ නැවත නැවත ඉපදීම සඳහා හේතුවන කෙලෙස්. ඉතින් ඔබ පින් කර කර හිටියොත් උපරිම උනොත් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් වෙයි. බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකයේවත් බ්‍රහ්ම ලෝකයේවත් යන්න බණ දේශනා කලේ නෑ. එහෙම දේශනා කලේ ජේසුස් වහන්සේ.
ඉතින් එහෙනං මොකක්ද කරන්න ඕනේ?
පින් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි. ඒ කියන්නේ ඒවා තුල රූප රාග, අරූප රාග, මාන වගේ දේවල් තියෙනවා. මේවා නැවත සසර හොඳ උපතක් සඳහා හේතු වෙනවා. සසර ගමන කෙලවර කිරීමට හේතු වෙන්නේ නෑ. එසේනම් ඔබ
පිනක් කල විට එයින් බලාපොරොත්තු විය යුත්තේ මතු මතු නැවත දිව්‍ය ලෝක සැප ලැබෙන්න කියලා නෙවේ. පිනක් කලාම එයින් නිවනම පතන්න හැමවිටම. ඒවගේම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බොහෝ පින් කරනවාට වඩා අසුරක් ගහන් මොහොතක් අනිච්ච සිහි කලොත් ඉතා මහත් ඵල මහානිසංස ලැබෙනවා කියලා. ඉතින් මොකද අපි මෙහෙම කරන්නේ නැත්තේ?
දිව්‍යලෝක තවම සැටලයිට් වලටවත් අහුවෙලා නෑනෙ වැනි අදහස් මතු වීම
- ඔව් ඉතින් අහුවෙලා නෑනේ. දිව්‍ය ලෝක වගේ දේවල් බලන්න සැටලයිට් ඡායාරූප වලට බෑ. ඒකට දිවැස් වඩන්න ඕනේ.
සීලයක් ඔනෙ නෑ ධර්මාවබෝදයට වැනි අදහස් මතුවීම - සෝතාපන්න ආදී මාර්ග ඵල ලබන අයට රකින සීලයක් අවශ්‍ය නෑ. එහෙම බොරු සිල් වතක් අරගෙන රකින එකට තමයි සීලබ්බත් පරාමාස කියන්නේ. සෝතාපන්න හෝ වෙනත් මාර්ගඵල ලාබීන්ට තියෙන්නේ පිහිටපු සීලයක්. ඒ කියන්නේ හිතලා බලන්න, අනාගාමී වෙච්ච කෙනෙක්ට කාම රාග, පටිහ නෑ. ඉතින් එහෙම කෙනෙක් ඒවට අදාල සිල් ඉබේම රැකෙනවා.
ඒවගේම තමයි, පෘතක්ජන පුද්ගලයෙක් කොතරම් අමාරුවෙන් කයෙන් සිල් රැක්කත්, සිතින් පව් කරන එක නවත්තන්න බෑ. හිතන්න කවුරු හරි බැන්නා කියලා. අර පෘතක්ජන සිල් රකින කෙනා කොහොම හරි බනින්නේ නැතිව හිරකරගෙන ඉදියි. නමුත් හිතින් තරහා යන එක නවත්වාගන්න බෑ.
ශ්‍රද්දාවෙන් ඵලක් නැතැයි සිතීම - මාර්ග පල ලාභීන්ට තියෙන්නේ බුදුහාමුදුරුවෝ මෙච්චරක් උසයි, සුදුයි, රැස් විහිදෙනවා වගේ බොරු අමූලිකා සද්දාවක් නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ පිහිටපු ආකාරවතී සද්දාවක්. ඒ කියන්නේ ධර්මය අවබෝධ කිරීමෙන් හා ධර්මය පිළිබඳ සැක දුරු වීමෙන් ඇතිවූ සද්දාවක්.
බුදු රජානන් වහන්සේටත් වඩා ප්‍රඥාව මේරීම - ඔබ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මෙපමණයි කියා දන්නවද?
තවත් දමිත් කාරියවසම් කෙනෙක් බිහිවීම - මම නං තාම රහත් වෙලා නෑ.



niyamai machanawyacrutha patichcha samuppadaya pahadili kara denna.
ඔව්. නිවන් දකින්න කය සුද්ද කරගැනීමේ ක්‍රියාවලියත් ඉතා වැදගත්. එහෙම නැත්තං භාවනා කරනකොට අමාරුයි.
හැමදාම අතේ ගහන්න කියන්නේ ඒකයිවතුර මාරු කරන එකත් වැදගත්..හැමදාම අතේ ගහන්න කියන්නේ ඒකයි
අව්‍යාකුත පටිච්චසමුප්පදය කියන්නේ කෙලෙස් වලින් තොරව බාහිර ලෝකය (පංචස්කන්දය ) තේරුම් ගැනීම සඳහා පමණක් අවශ්‍යව පචිච්චසමුප්පදයයි.
උදාහරණයක් ලෙස ගන්න ඔබ යම්කිසි රූපයක් දැක්කා කියලා (ගසක් ). අව්‍යාකුත පටිච්චසමුප්පාදයෙන් කරන්නේ ඒ ඔබ දුටුවේ ගසක් කියන එක තේරුම් ගැනීමයි. මේ ආකායරට දකින රූපය හඳුනාගැනීම නැවත් නැවත ඉපදීමට හේතුවන කෙලෙස් නෙවෙයි. මේසේ හඳුනාගත් රූපය නැවත අවිද්‍යාවෙන් (කැමැත්ත ඉෂ්ට කරන සාර දෙයක් යැයි ගැනීම ) ගැනීමෙන් නැවත කෙලෙස් සහිත පටිච්චසමුප්පාදය පටන් ගන්නවා. මේ මොහොතේ දුක ඇතිකරන ක්‍රියාවලිය වෙන්නේ මේ අවිද්‍යාවෙන් සංකාර කරන ක්‍රියාවලියයි.
පළමුව අව්‍යාකුතව (කෙලෙස් වලින් තොරව )
සංස්කාර
විඥ්ඥාන
නාම
ඡට්ටායතන
ඵස්ස
වේදනා
භව
ඉන් පසු (කෙලෙස් සහිතව)
අවිද්‍යා
සංස්කාර
විඥ්ඥාන
නාම රූප
සලායතන
ඵස්ස
වේදනා
තන්හා
උපාදාන
භව
ජාති
ජරා
අව්‍යාකුත පටිච්චසමුප්පදය රහතන් වහන්සේලාටත් තියෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදුනොත් පමණක් මේ ක්‍රියාවලියත් නවතිනවා. එසේනම් දුකින් මිදීම සඳහා අප දුරු කල යුත්තේ මේ අවිද්‍යාවයි. සියළු ආස්වාදයක් අනිච්ඡ, දුක්ඛ, අනත්ත ලෙස දකින්නේ මේ සඳහායි.
Bhoma pin, mata oya vachana wala teruma sinhalen denna puluwanda? udaharanak akka? athakota අව්‍යාකුත පටිච්චසමුප්පදය thulinda rahathan wahanse lokaya diha balanne?
ඔව්. රහතන් වහන්සේ ලෝකය දෙස බලන්නේ අව්‍යාකුත පටිච්චසමුප්පාදය තුලින්.
පළමුව අව්‍යාකුතව (කෙලෙස් වලින් තොරව )
සංස්කාර - චිත්තය තැනීම (රූපයට අදාල කුඩා මාත්‍ර කොටස් එකතු කර චිත්තයක් ගොඩනගා ගැනීම)
විඥ්ඥාන - පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය
නාම - මතක සටහන් නිර්මාණය කිරීම (නැවත පසුව ආවර්ජනය කිරීමට )
ඡට්ටායතන - රූපය බලාගැනීමට, අසා ගැනීමට අවශ්‍ය ඉන්ද්‍රිය හය
ඵස්ස - ස්පර්ෂය
වේදනා - සැප, දුක්, උපේක්ෂා වේදනා හඳුනාගැනීම
භව - පෙනෙන බව, ඇසෙන බව ආදිය
ඉන් පසු (කෙලෙස් සහිතව)
අවිද්‍යා - කැමැත්ත ඉෂ්ට කරනවා, සුඛයි, සාරයි ආදී දෘෂ්ටීන්
සංස්කාර - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස චිත්තය තැනීම
විඥ්ඥාන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස පෙනෙන ස්වභාවය, ඇසෙන ස්වභාවය ආදිය
නාම රූප - රාග, ද්වේෂ හෝ මෝහ සහිතව මතක සටහන් (නැවත පසුව ආවර්ජනය කිරීමට ) හා සුද්ධාෂ්ටක ලෙස (Aura ලෙස) රූප නිර්මාණය කිරීම
සලායතන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස බැලීම සඳහා රූපය බලාගැනීමට, අසා ගැනීමට අවශ්‍ය ඉන්ද්‍රිය හය සෑදීම.
ඵස්ස - රාග, ද්වේෂ හෝ මෝහ සහිත ස්පර්ෂය
වේදනා - රාග, ද්වේෂ හෝ මෝහ සහිත වේදනාව
තන්හා - තැන් + හා = රාග, ද්වේෂ හෝ මෝහයෙන් වේදනාවේ ඇලීම.
උපාදාන - රාග, ද්වේෂ හෝ මෝහ ලෙස භව උපදවා ගැනීම.
භව - රාග, ද්වේෂ හෝ මෝහ සහිත පෙනෙන බව, ඇසෙන බව ආදිය.
ජාති - රාග, ද්වේෂ හෝ මෝහ සහිතව ජාතීන්ට බෙදාගැනීමේ දුක. (බලු ජාතිය, පූස් ජාතිය ආදිය )
ජරා - ජරාව ප්‍රතික්ෂේප කිරීමේ දුක ආදිය (ජරාපි දුක්ඛා).
මේ එක චක්‍රයක් යෑම සඳහා ගතවන්නේ ඉතා කෙටි කාල සීමාවක්.

kiawanna hoda poth tikak recommend karapanmata moolika denimakwath ne