සෝලංගආරච්චි- NEW BARATHA?

sulbacin

Member
Mar 7, 2011
24
2
0
සෝලංගආරච්චි- NEW BARATHA?

P_Solangaarachchi.gif

ඊයේ භාරත හා දුමින්ද අතර වෙඩි තබා ගැනීමකට මුල්වූ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 16ක් හිමිවී ඇති අතර ඔවුන් අතුරින් පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රසංග සෝලංගආරච්චි මහතාය.
ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 42, 322 කි.
-----------------------------------​
මේ මැතිවරණ ප්‍රතිඵලයකි .
මෙයින් සතුටු වන්නෝ දැන් * වෙඩි * පුපුරුවනු නිසැකය .
මේ ප්‍රතිඵලය අභ්‍යන්තරයේද * වෙඩි * ඇත . ඒ නම් පුපුරවූ ඒවා නොවේ තැබූ * වෙඩිය *
එයින් භාරත ලක්ෂ්මන් මිය ගියේය . දුමින්ද සදාකාලික රෝගියකු වන ලකුණුය .
බල්ලෙක් බළලෙක් අනතුරකින් මිය ගියද * අනේ අපොයි * කියනා තැන තවමත් හිඳිනා අප . මේ ඝාතනය වූ භාරතට හෝ ඝාතනයට මුල් වූ දුමින්දට ඔවුනගේ * පැටිකිරිය * කියා සාප කරන්නට තරම් මනුෂ්‍යත්වයෙන් ඈතට නොයන්නෙමු .
නමුත් අපේ රටේ ජඩ දේශපාලනය මේ හැම අපරාධයකටම මුල බව පවසන්නටද අප ඒ මනුෂ්‍යත්වය බාධාවක් කර නොගන්නෙමු .
හෙට සෝලංග ආරච්චි මුල්ලේරියාවේ මුල් පුටුව හොබවනු ඇත .එසේම දැන් ඔහුගේ අනාගත සිහිනවලටද බාධාවක් නැත . එනම් භාරතගේ හිස් තැන පුරවන්නටය .
මේ ජඩ දේශපාලනයේ දී * සත්‍යය * වන්නේ එයයි .
මෙම වෙඩි තැබීමේ කතාවේ ඇත්ත තතු දත්තවුන් පැවසූ ලෙසින් සැකවින් ම මෙසේය .
එදින එම ප්‍රදේශයට පැමිණි දුමින්ද තම පාතාල සගයින් සමග ඡන්දය දුන් අයගෙන් මනාප දුන්නේ කාටදැයි ප්‍රශ්ණ කොට ඇත . අසරණ ඡන්ද දායකයෝ මගහැර යන්නට ගියෝය . නමුත් එවේලේ එහි පැමිණි සෝලංග ආරච්චිගේ බිරිය දුමින්ද හා එකටෙක කියා ගත්තේය .
දුමින්ද ට ගැහැණු පිරිමි බේදයක් නැත . ඔහු සෝලංගආරච්චිගේ බිරියගේ කෙහෙවල්ලෙන් අල්ලා පහර දෙන්නට පැන්නේය .
අවට සිටි පිරිස් ඊට විරුද්ධව එන්නට සැරසෙද්දී * ගහපල්ලා මුන්ට * දුමින්ද තම පාතාලයින්ට අණ දුන්නේය .
පාතාලයෝ එය අකුරටම ඉටු කලේය .
ඒ අතර කිසිවකු * සෝලංග ආරච්චිගේ බිරියට දුමින්ද කරනා දේ ගැන දුරකතන ඇමතුමක් දුන්නේය *
එයින් කුපිතව පැමිණෙන භාරතට දුමින්දව හමුවන්නේ දුමින්ද එම පහරදීම් නිමා කොට යන අතරමගදීය .
දුමින්ද ප්‍රථමයෙන්ම භාරතට පහර දුන් බව කියවේ . පසුව * වෙඩි තියාපල්ලා * යනුවෙන් අණ දුන්නේ යැයිද කියැවේ .
දුමින්ද යනු * ගෝඨාභයගේ ගෝල ඇමතිය * ඔහුට වෙඩි යනු සෙල්ලමක් ය .
දෙපිරිසම වෙඩි පිට වෙඩි තියා ගනු ලැබුවේ ඉන් පසුවය .
දුමින්දගේ * වෙඩි කප්පිත්තෝ * වෙඩි පිට වෙඩි තියද්දී බැරිම තැන භාරතගේ ආරක්ෂකයෝ වෙඩි තැබූ බව තතු දුටුවෝ කියති .
වෙඩි වැදුණු භාරතව රෝහලට ගෙනියන්නට පවා දුමින්දගේ ගෝලයෝ අතරමගදී ඉඩ නොදුන් බව ද කියති . පොලීසිය පැමිණ නීතිය වෙනුවට * දොහොත් මුදුන් දී වැඳ * පාතාලයින්ගේ කරුණාව දිනා එයට ඉඩ ලබාදුන් බව දැන් ප්‍රසිද්ධ රහසකි .
දුම්න්ද හා මීට පෙර දිනක අපේ ආරක්ෂක ලේකම්වරයා මේ පදෙසේ සංචාරය කර ඇත්තේ * කුඩු කාරයින් හා පාතාලයින් * පෙරටු කොට බව අතීත කතාවයි .
සෝලංගආරච්චිට පාඩමක් උගන්වන්නට දුමින්දගේ බලවත් ඕනාකමක් තිබූ බව පැහැදිලිය . වෙඩි තබා වෙඩි කා දුමින්ද රෝහල් ගතකලාට පසුවද පාතාලයෝ සෝලංග ආරච්චිව සොයා ඒමේ අනතුරින් බේරුණේ ජනපති එවූ * ගාර්ඩ් එකේ * පිහිටෙන්ය .
ප්‍රථමයෙන් භාරතගේ කොළඹ නිවසටද - ඉන් ප්‍රියදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ගේ නිවසටද පසුව ෆවුසිගේ නිවසටද සෝලංග ආරච්චි පලා ගියේ අපේ ජනපතිටද පාගාලයන් මෙල්ල කිරීමේ තරමේ බලයක් නැති බව පසක් කරමින් බව තතු දන්නෝ පවසයි .
හෙට හෝ අනිද්දා භාරත ගේ අවසන් සමුගැනීම වනු ඇත . දුමින්ද දිට්ඨධම්මවේදනීය කර්මය විඳවන්නේ කිනම් අයුරකින්ද යන්න අපට කිව නොහැකිය .
නමුත් එක් දෙයක් නම් පැහැදිලිවම කිව හැකිය .
මේ හැම අහඹු සිදුවීම් නොවේ . යන්නයි
අපේ ජඩ දේශපාලනයේ එකම පක්ෂයේ වේවා පක්ෂ දෙකේ වේවා . හතුරන්ව සමාදාන කිරීමක් ඇත්තේ නැත . * ලොක්කෝ * කරන්නේ දෙපැත්තටම * උල්පන්දන් * දීමය .
විසෙන් විස නසන්නේ එලෙසය .
මේද ලොක්කන්ගේ වුවමනාවන් වෙනුවෙන් වූ අපරාධයන්ය .
ලොක්කෝ මල්වඩම් හා ශෝක ප්‍රකාශ නිකුත් කරනවා විනා * අවි * හෝ පාතාලයින් දුරු කරන්නේ නැත . ( පාතාලයින් නොවූවද විපක්ෂයේ නම් එම දුරු කිරීම දුරින් දුරු කරනා තරම් බවද කිව යුතුය )
මේ ජඩ පාලන ක්‍රමය හා ජඩ දේශපාලනය මෙතකින් නිමා වන්නේ නම් හෙට හිරු පායන්නේ නැගෙනහිරෙන් වන්නට නොහැකිය .
මෙය මහින්ද ගේ ක්‍රමයක් ම නොවේ . මෙය රනිල් ගේද ක්‍රමයම වනු ඇත .
අවශ්‍ය වන්නේ රනිල්ටද * ගෝඨාභය * වන් ආරක්ෂක ලේකම් වරයෙකු සොයා ගැනීම පමණකි .
 
  • Like
Reactions: Mayan19

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Solanga aarachchi honda man kenek kiyala aranchiy, Miniha sahenna rajaye salli walin weda karala thiye, Ape ewun 100Lhaks dunnoth weda karanne 20Lhaks walatane. Ithuru 80 Sakkuwe. Mona unath honda minisunta jaya wewaa
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලොක්කෝ මල්වඩම් හා ශෝක ප්‍රකාශ නිකුත් කරනවා විනා * අවි * හෝ පාතාලයින් දුරු කරන්නේ නැත .