සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
කුක්කු බබා;22306168 said:
niyamai kollo aduma system eka kiyak wenawada maseta unit kiyak genarete karanna puluwanda ....1lak ..2lak atara hadanna puluwan system nadda machan contact no eka dahan...

Machan aduma system ekak kiyanne 1KW wage ekak normally generate karanne 120 Units witarai.. Kohomath 275k witara yai hoda inverter ekak dala gahanna..
 

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
සෝලා සිස්ටම් ගැන මම දන්න දේ - 3

සබ්ජෙක්ට් එකේ තව ඉස්සරහට යද්දි තියෙන තවත් මේන් අයිටම් එකක් තමයි පැනල්..

සූර්ය පැනල..

මේකේ කොහොමද හොද පැනල් එකක් තොරගන්නේ...සාමාන්‍යයෙන් ඇත්තටම පැනල් වල නම් එච්චරම කේස් එකක් නෑ චයිනීස් වුනත් ජර්මන් වුනත්..හැබැයි චයිනීස් නම් අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඒක එ් ග්රේඩ් එකේ පැනල් එකක් කියලා..

පැනල් වර්ග 2 යි

polycrystalline and Monocrystalline

ලංකාවේ අපි පාවිච්චි කරන්නේ හුගත් වෙලාවට පොලි.. මොකද ඇත්තම කථාව පොලි එකේ ගාණ මොනෝ එකට සාපේක්ෂව ගාන අඩුයි. වොල්ටේජ් අවුට්පුට් එකේදී දෙකේම එෆිෂන්සි එක ළගින්ම තියෙනවා. මොනෝ ටිකක් ගණන්..

අපි පාවිච්චි කලේ මැක්රොලින්ක් වොට් 315 පැනල්.. දැන් ඔය ගොල්ලන්නට ප්ර්ශ්ණයක් ආවනේ 5 කිලෝ වොට් වලට පැනල් කොච්චර දානවද කියලා.. ඒක බලන්නේ මෙන්න මෙහෙමයි..
අපි හිතමු ඔයාගේ සර්විස් ප්රෝවයිඩර් යුස් කරන්නේ 315 වොට් පැනල් කියලා.. එතකොට ඔයා බලන්න ඔයාගේ රික්වාමන්ට් එකට ඕනේ 5 කිලෝ වොට් සිස්ටම් එකක් නම් 5 කිලෝවොට් = 5000 බෙදීම පැනල් එකේ වොට් ගානෙන්..

5000 / 315 = 15.8

ඒ කියන්නේ ඔයාගේ 5 කිලෝවොට් ඉන්වර්ටර් එකට ඩීසී කරන්ට් එක ඇබ්සෝබ් කරන්න පැනල් 16 ක් දාන්න පුළුවන්.. හිතන්න කිලෝවොට් 10ක සිස්ටම් එකක් කියලා.. ඒකටත් අරවගේමයි 10000/315 = 31.7 ඒ කියන්නේ පැනල් 32ක් දාන්න පුළුවන්..

දැන් හිතෙන්න පුලුවන් පැනල් 16 දාන එකට පැනල් 10 ක් දාලා දුවන්න පුලුවන්ද ඔව් පුලුවන් එතකොට ඔයාගේ 5 කිලෝවොට් සිස්ටම් එකෙන් වැඩ කරන්නේ 3 කිලෝවොට් වගේ ගානක් විතරයි.. එතකොට සිස්ටම් එකේ පර්පස් එක ෆේල්..

ආහ් අනිත් එක සාමාන්‍යයෙන් ඔය පැනල් වොල්ටේජ් එක කීයේ විතර ඉදන් එනවාද

සාමාන්‍යයෙන් වොට් 200 විතර ඉදන් වොට් 400 විතර වෙනකන් වගේ පැනල්ස් තියෙනවා.. වොට් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පැනල් එකේ උස පළල බර වැඩි වෙන බවත් මතක තියා ගන්න ඕනේ..

සාමාන්‍යයෙන් ෆිල්ඩ් එකේ හොද බ්රෑන්ඩ් නේම් කීපයක් තමයි,

Jinko Solar
Renesola
SunTech
Trina Solar
Yingli

dishanwis අහලා තිබ්බා සීයීබී එකෙන් මුදල් ගෙවන ආකාරය සම්බන්ධව..

මෙන්න මෙහෙයි ඒ වැඩේ වෙන්නේ..

සෝලා සිස්ටම් එක ගෙදර සෙටප් කරලා ඉවරවුනාම අපි ඒ කියන්නේ සෝලා ප්රෝවයිඩර් හදන්න ඕනේ ඩොකියුමන්ට් සෙට් එකක්..

ඉන්ජිනියර් සර්ටිෆිකේෂන් සෙට් එකක්
පැනල් ඉන්වර්ටර් ඩේටා ෂිට්ස්
සීයීබී නෙට් අකවුන්ටින් ඇප්ලිකේෂන් විත් කන්සියුමර් සිග්නේචර් (මෙන්න මේකේ කස්ටගේ බැන්ක් අකවුන්ට් නම්බරෙයි බැන්ක් අකවුන්ට් බ්රාන්ච් එකයි බැන්ක් එකෙයි ඩීටේල්ස් ෆිල් කරන්න තියෙනවා.. ඒවා ෆිල් කරලා තමයි ගෙනියන්නේ)
කන්සියුමර් අයිඩී කොපි
කන්සියුමර්ගේ ගෙදරට එන බිල

ඔය ටික අරන් අදාල ප්රදේශයේ සියීබී ඔෆිස් එකට යන්න ඕනේ රැ. 2000කුත් අරගෙන.. ගිහින් උන්ට ඩොකියුමන්ට් එකත් දීලා රැ 2000ත් පුජ කරලා වැදලා එහෙම ආපහු එන්න ඕනේ.. ඊට පස්සේ දවස් කීපයක් ඇතුලත උන් කන්සියුමර්ට කෝල් කරනවා හාර්මොනික් ටෙස්ට් එකක් කරන් එනවා කියලා.. කලින් ඔය මගුලේ ටෙස්ට් එක කලේ නෑ.. දැන් දැන් තමයි ඔය නීතී ඔක්කොම.. ඊට පස්සේ එයාලා ඇවිත් හාර්මොනික් ටෙස්ට් එක කරලා යනවා.. දවස් 2 කින් විතර කන්සියුමර්ටයි ප්රොවයිඩර් ටයි ලියුමක් එවනවා ටෙස්ට් එක ෆේල් ද පාස් ද කියලා.. හැබැයි ඉතින් උන්ට කොල් කරලා අහපුවමත් කියනවා.

එතකොට ඊලග ස්ටෙප් එකට තියෙන්නේ මීටර් ඉන්ස්ටලේෂන් එක..

හාර්මොනික් ටෙස්ට් එක කවුරැ හරි දෙවි කෙනෙක්ට පිහිට වෙන්න පාස් නම් උන් කියනවා කොල් කරලා කන්සියුමර්ට මෙන්න මේ දවසේ සීයීබී එකට එන්න ඇග්රිමන්ට් සයින් කරන්න කියලා.. කන්සියුමර් ගෝ දෙයාර් ඇන්ඩ් සයින් ද ඩොකියුමන්ට් දෙන් උන් තව වවුචර් එකක් දෙනවා මීටර් එක මාරැ කරන්න. රැ. 5000 සිට රැ. 12000 දක්වා ගෙවන්න වෙනවා ඔය ඩිජිටල් මීටරේට.. හුගක් වෙලාවට සින්ගල් ෆේස් එකකට ගෙවන්න වෙන්නේ 5000 - 7000 අතර ගානක් .. තීපේස් වලට තමා 12750 ක් ද කොහෙද ගෙව්වේ.. වාාාටට්ට්ට්.. ඔව් මචන් අපේ ගෙදර තියෙන පරණ මීටර් එක ගලවල ඒකට ඩිජිටල් මීටරයක් හයිකරනවා සෝලා සිස්ටම් එකක් දැම්මට පස්සේ.. ඒකේ තියෙනවා.. ඔක්කොම විස්තර කොච්චිර ජෙනරේට් කරනවාද සිස්ටම් එකෙන් කොච්චර ග්රිඩ් එකට යනවාද සිස්ටම් එකෙන් බ්ලා බ්ලා...

මීටර් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඉතින් කථාව ඇත්තටම ඉවරයි. ඊට පස්සේ අවුරැද්දකට සැරයක් වගේ කන්සියුමර් ස්ර්විස් ප්රොවයිඩර්ට රිමයින්ඩර් එකක් දුන්නම ඒගොල්ලෝ ඇවිත් හෝස් එකක් ගහලා පැනල් ටිකට වතුර ටිකක් අල්ලලා අනන් මනන් තියෙනවා නම් ඒවා අයින් කරලා යනවා.. ඒ අරෙදී ඉන්වර්ටර් එකේ මොකක් හරි ඉෂු එකක් ආවොත් ඒගොල්ලන්ට කථා කරන්න පුලුවන්..

පහලින් ලින්ක්ස් දාලා තියෙනවා ඉමේජ් හොස්ටින් සයිටි එක්කට අපි කරපු 5 කිලෝ වොට් සයිට් එකක් කුරැණැගල වාරියපොල එ්රියා එකේ..

https://ibb.co/j1h11G
https://ibb.co/bsGTgG
https://ibb.co/fp9QTw

ඔය තියෙන්නේ හාර්මොනික් ටෙස්ට් එකක ඉන්ඩිකේෂන් කීපයක්...
https://ibb.co/bBiS8w

ඔන්න ඕක තමයි ස්ටෝරිය පීපල්.. තව මොනාහරි දැන ගන්න තියෙනවා නම් අහන්න.. දන්න විදියට උත්තර දෙන්නම්.. වැරදි ඇති ත්රේඩ් එක බම්ප් කරපු රෙප් දීපු හැමෝටම ගොඩක් සතූතියි... ඔයාලගේ චොදනා බැනුම් අදහස් හැමදේම බාරගන්න කැමතියි..

උඹලා හැමෝටම ජය වේවා..!!!!
එස්. එච්..
 

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    මේ ක්‍රමයේදී වෙන්නේ ඔයා ගෙදර හයිකරපු සෝලාර් සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන කරන්ට් එක ඔයාගේ පාවිච්චියට භාවිතා වෙන ගමන් වැඩි කොටස ඒ කියන්නේ ජෙනරේට් වෙලා පාවිච්චි නොවුන කොටස ග්රිඩ් එක හරහා සීයීබී එකට යනවා. එතකොට අපිට ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය හෝ ලෙකෝ එකෙන් පළමු අවුරුදු 7ට රු. 22 ගානෙත් ඉතුරු අවුරුදු 15 ට රු.15 ගානෙත් ගෙවනවා. මේ අවුරුදු විසි දෙකෙන් පස්සේ ගෙවීම කොහොමද කියලා තාම රජයෙන් තීරණය කරලා නෑ මම දන්න විදිහට.

    bro is this inflation adjusted amount? after 15 years 15 rupees would worth nothing
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    43.gif

    Rep +6