චයිනීස් ගැන මගේ අත්දැකීමක් කියන්න හිතුනා...
සෝලා වලට සම්බන්ධ නැති උනත් මේ හා සමාන දෙයක් වෙන්න පුළුවන් ඉන්වර්ටර් එකේ කොලිටි අඩුවෙන්න..
මේකයි විස්තරේ,
මම ගත්ත extension cord එකක් usb port 02 ක් එක්ක plug points 08 ක් තියෙන. MyDeal.lk එකෙන් ගත්තෙ. අරගෙන හරියටම මාස 06 යි දවස් ගාණෙන් භාණ්ඩෙ වැඩ කරන්නෙ නැතුව ගියා.
මම ඉතින් අළුත්ම භාණ්ඩෙ නිසා රෙපෙයාර් කරගන්න දෙහිවල තියෙන පරණම ඉලෙක්ට්‍රොනික් රෙපෙයාර් කරන ප්ලේස් එකට ගෙනිච්චා.
එතන ඉන්න අංකල් සිරාම ඩයල් එකක් එහෙට මෙහෙට කරලා, වයර් කෝඩ් එක හරහ පවර් යන්නෙ නෑ, පිච්චිලා කිව්වා. මම ඇහුවා පිච්චිලා??? ඒ මොකෝ ඒ, මම හැබැයි එකපාර ගොඩක් කේබල් ගහනවා කියල. පොර කිව්වා මේක චයිනීස් නෙ, කේබල් එකේ තඹ නෑ උඩින් පාට ගාලා තියෙන්නෙ.. මේ බලන්න කියල පොඩි බ්ලේඩ් එහෙකින් සූරලා පෙන්නුවා, තනිකර සුදු පාටයි ඇතුළෙ කම්බිය. මට ඕනි ප්‍රමාණයක දිග තියෙන ලෝකල් කේබල් එකක් ලග හාඩ්වෙයර් එකෙන් ගේන්න සෙට් කරලා දෙන්නම් කියලා. මම ACL Fireguard කේබල් එකක් අරන් දුන්නා සෙට් කරන්න අදට අවු. 02 ක් වගේ වෙනවා ගින්දර වගේ වැඩ....