සෝලියක් අහමුද?

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එක්තරා ගමක සිටිය අට පහ නොදත් සල්ලාල මිනිසෙක් තනිවම ගැහැණියක් වෙසෙක ⁣නිවසකට ගිහින් ඇයට දොර අරින ලෙස බල කරනවා චාටු බසින්. ඒ කෙසේ හෝ දොර ඇරවාගෙන ඇයට බලහත්කාරකම් කිරීමට.

    "මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදු රු
    බල්ලෙක්‌ ඉඳ බුරයි ඌගේ ගති නපු රු
    කෙල්ලක්‌ ඉඳං දොර නාරියි ඇගෙ විය රු
    මල්ලක්‌ කදුරු කන්නෙමි විගස දොර හ රු"

    රෑත් වෙලා වැස්සත් වහින්න වගේ, මදුරුවොත් කනවා, ගෙදර ඉන්න බල්ලත් මට ඇගට කඩා පනිනවා, නපුරු නොවී දොර ඇරලා මාව ගෙට ගන්නවද? නැත්තම් මම කදුරු කාලා මෙතනම මැරෙන්නද?

    මේ ගැහැණිය තනිවම නිවසේ සිටියත් හොද ගති පැවතුම් තිබුණ ගැහැණියක්. ඇය මෙහෙම උත්තර දෙනවා!

    “අට පහ නොදන්නා තෝ කාගේ කවුද
    බසක්‌ නැතුව එන්නට කීවේ කවුද
    ගසක්‌ නැතුව දලූ ලියලන්නේ කෙසෙද
    මල්ලට දෙ මල්ලක්‌ කාපිය මට මොකද?"

    _____________________________________________

    මේ කවිය මම ගොඩක් කාලෙකට කලින් අහපු කවියක්.
    මේකේ අට සිල් හා පන්සිල් අට පහ විදියට සලකනවා.
    හය හතර නොදත් වගේම අට පහත් අපගේ අතීත ව්‍යවහාරයේ එන මිනිසෙකුගේ ගුණවත්කම මනින්න යොදන නිදසුනක්. අට පහ නොදත් කෙනෙක්ගෙන් කිසිම මනුස්සයෙක්ට හොදක්වත් කිසිම මනුස්සයෙක්ට ගරුත්වයක්වත් වටිනාකමක්වත් ලබාගන්න බෑ.

    මේකත් අහලා ඇතිනේ,

    "පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
    වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
    අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
    ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ"

    තෝ මොන අට පහ නොදන්න එකෙක්ද ගැහැණියක් තනියම ඉන්න ගෙදරක⁣ට අවසරයක් නැතිව එන්න. තෝ කදුරු මල්ලට මලු දෙකක් කෑවත් මම මේ දොර අරින්නේ නෑ. ආපු අතක් බලං පලයං.

    සංවාදයට..

    අශේන් ලෙව්දෙනි. ( Ashen Lewdeni)

    Copied
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මිනි මිනි පොදේ ගණ අඳුරේ අඳුරේ කයි මදුරු. බල්ලෙක් ඉඳන් උඩු බුරලයි උගෙ නපුරු. කෙල්ලක් ඉඳන් දොර නාරී ඇගේ නපුරු.
    මල්ලක් කදුරු කන්නෙමි විගස දුර අරු.

    මෙය උඩරට පළාත්වල ජනප්‍රිය, ජනශ්‍රැතියට(folklore) අයත් ජන කවියෙකි. තනිව නිවසක වාසය කරන කාන්තාවකි. ගෙයින් පිට සිටින පිරිමියෙක් ඇය අමතා කියන කවියෙකි. ගැහැනියගේ පහස පතා පැමිණි පිරිමියා යකෙක් යයි ජනශ්‍රැතියේ සඳහන් වේ. ගෙයින් පිට සිට ඔහු අත්විඳින අපහසුතාවය ඇය වෙත දන්වා සිටී. ඒ අනුකම්පාව/ ආදරය අපේක්ෂාවෙනි. එළයේ වැස්ස පවතී. එය ඔහුට අපහසුවකි. එසේම, මදුරුවො කති. බල්ලාද උඩු බුරමින් නපුරුකම් කරයි. මේ සියලු අපහසුතා ඉවසිය හැකි ය. බරපතලම ප්‍රශ්නය කාන්තාව දොර විවර නොකර සිටීමයි. පිරිමියා අවසානයේ දී කාන්තාවට තර්ජනය කරයි. එසේ තර්ජනය කරන්නේ ගේ අසලම මල්ලක් කදුරු කා දිවි නසාගන්නා බව කියමිනි. පැරණි සමාජයේ දිවි නසාගත්තේ කදුරු කෑමෙන් හෝ නියඟලා අල කෑමෙනි. පිරිමියාගේ මෙම නොහොබිනා කමට අපූරු පිළිතුරක් කාන්තාව විසින් ලබාදෙයි. එය මෙසේය.

    අට පහ නොදන්නා තා කාගේ කවුද? බහක් නැතුව එන්නට කීවේ කවුද?
    ගසක් නැතිව දළු ලියලන්නේ කෙසේද? මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද.

    මේ පැමිණ ඇති තැනැත්තා ඇය හඳුනන්නේ නැත. කාගේ කවුද කියා අසන්නේ එබැවිනි. අනෙක් වැදගත් කරුණ නම් ඔහු අට පහ නොදන්නා කෙනෙකි. අට පහ යනු අටවැදෑරුම් සිල්පද සහ පස්වැදෑරුම් සිල්පදය. එනම් අටසිල් සහ පන්සිල් ය . ගැහැනියගේ පහස පතා පැමිණි යකෙක් මේ කවිය කීවා යැයි කියන ප්‍රවෘත්තිය මෙයින් තහවුරු වේ. දෙවැනි පදයෙන් කියන්නේ බහක් නැතුව එන්නට කීවේ කවුද කියාය. කලින් කතිකා කරගෙන, නොඑසේ නම් බහක් ඇති ව මෙබඳු සම්බන්ධකම් සඳහා පැමිණිය හැකි යැයි මෙයින් කිය වේ. ඊළඟ පදය වඩාත් රූපකාර්ථවත් ය. ගසක් නැතිව දළු ලියලන්නේ නැත. ගසක් යනු ඇටයක් පැල වී කල්ගත වී අතු බෙදී වැඩෙන්නකි. ආදරේද එසේ විය යුතුය.හිටි ගමන් පැමිණ දොරට ගැසුවාට දොර අරින්නට ගැහැණු සූදානම් නොවන්නේ එබැවිනි. අනුදැනුමකින් තොරව මෙසේ පැමිණි අට පහ නොදන්නා කදුරු කන්නේ යැයි කියන විට ගැහැනිය එඩිතර වෙයි. මල්ලට දෙමල්ලක් කාපිය යනුවෙන් ඇය සදය උපහාසයෙ යුතුව ඔහු ප්‍රතික්ෂේප කරයි. ඉන්පසු කියවෙන

    "සසර සරන සියලු සතුට මහලු වයස පැමිණුන කළ ගතද ඇකිල වතද මැලව සෙල වෙතේ දතා"

    යන දීර්ඝ විරිතක් සහිත කවිය සසර දුක ලෙස නම් කළ නම් කළ ජනකවි වර්ගයට අයත් කවියකි. වියපත්වීම මහල්ලෙකුගේ උච්චාරණ දුර්වලතා මේ කෙටි වචන තුළ නින්නාද වේ. මුල් ජනකවිය සමග මෙහි සම්බන්ධයක් නැතත් නව නිර්මාණ කරුවා එය උචිත පරිදි අපූරු ලෙස බද්ධ කොට තිබේ.ඒ යකා කල්පනා කරන ආකාරයයි. වියපත් නිසා දොර නොඅරින්නේ යැයි යකා උපකල්පනය කරයි. මෙය වෙනස් ආකාරයක සංකලනයකි.

    පැහැදිලි කිරීම

    ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න

    Copied
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්තරා ගමක සිටිය අට පහ නොදත් සල්ලාල මිනිසෙක් තනිවම ගැහැණියක් වෙසෙක ⁣නිවසකට ගිහින් ඇයට දොර අරින ලෙස බල කරනවා චාටු බසින්. ඒ කෙසේ හෝ දොර ඇරවාගෙන ඇයට බලහත්කාරකම් කිරීමට.

    "මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදු රු
    බල්ලෙක්‌ ඉඳ බුරයි ඌගේ ගති නපු රු
    කෙල්ලක්‌ ඉඳං දොර නාරියි ඇගෙ විය රු
    මල්ලක්‌ කදුරු කන්නෙමි විගස දොර හ රු"

    රෑත් වෙලා වැස්සත් වහින්න වගේ, මදුරුවොත් කනවා, ගෙදර ඉන්න බල්ලත් මට ඇගට කඩා පනිනවා, නපුරු නොවී දොර ඇරලා මාව ගෙට ගන්නවද? නැත්තම් මම කදුරු කාලා මෙතනම මැරෙන්නද?

    මේ ගැහැණිය තනිවම නිවසේ සිටියත් හොද ගති පැවතුම් තිබුණ ගැහැණියක්. ඇය මෙහෙම උත්තර දෙනවා!

    “අට පහ නොදන්නා තෝ කාගේ කවුද
    බසක්‌ නැතුව එන්නට කීවේ කවුද
    ගසක්‌ නැතුව දලූ ලියලන්නේ කෙසෙද
    මල්ලට දෙ මල්ලක්‌ කාපිය මට මොකද?"

    _____________________________________________

    මේ කවිය මම ගොඩක් කාලෙකට කලින් අහපු කවියක්.
    මේකේ අට සිල් හා පන්සිල් අට පහ විදියට සලකනවා.
    හය හතර නොදත් වගේම අට පහත් අපගේ අතීත ව්‍යවහාරයේ එන මිනිසෙකුගේ ගුණවත්කම මනින්න යොදන නිදසුනක්. අට පහ නොදත් කෙනෙක්ගෙන් කිසිම මනුස්සයෙක්ට හොදක්වත් කිසිම මනුස්සයෙක්ට ගරුත්වයක්වත් වටිනාකමක්වත් ලබාගන්න බෑ.

    මේකත් අහලා ඇතිනේ,

    "පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
    වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
    අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
    ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ"

    තෝ මොන අට පහ නොදන්න එකෙක්ද ගැහැණියක් තනියම ඉන්න ගෙදරක⁣ට අවසරයක් නැතිව එන්න. තෝ කදුරු මල්ලට මලු දෙකක් කෑවත් මම මේ දොර අරින්නේ නෑ. ආපු අතක් බලං පලයං.

    සංවාදයට..

    අශේන් ලෙව්දෙනි. ( Ashen Lewdeni)

    Copied

    මට නම් මතක විදිහට ඔය කව් ඔක්කොම ''ගජමන් නෝන'' එක්ක සම්බන්ධ කවි...
     
    • Like
    Reactions: Heshan Daminda