එක්තරා ගමක සිටිය අට පහ නොදත් සල්ලාල මිනිසෙක් තනිවම ගැහැණියක් වෙසෙක නිවසකට ගිහින් ඇයට දොර අරින ලෙස බල කරනවා චාටු බසින්. ඒ කෙසේ හෝ දොර ඇරවාගෙන ඇයට බලහත්කාරකම් කිරීමට.
"මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදු රු
බල්ලෙක් ඉඳ බුරයි ඌගේ ගති නපු රු
කෙල්ලක් ඉඳං දොර නාරියි ඇගෙ විය රු
මල්ලක් කදුරු කන්නෙමි විගස දොර හ රු"
රෑත් වෙලා වැස්සත් වහින්න වගේ, මදුරුවොත් කනවා, ගෙදර ඉන්න බල්ලත් මට ඇගට කඩා පනිනවා, නපුරු නොවී දොර ඇරලා මාව ගෙට ගන්නවද? නැත්තම් මම කදුරු කාලා මෙතනම මැරෙන්නද?
මේ ගැහැණිය තනිවම නිවසේ සිටියත් හොද ගති පැවතුම් තිබුණ ගැහැණියක්. ඇය මෙහෙම උත්තර දෙනවා!
“අට පහ නොදන්නා තෝ කාගේ කවුද
බසක් නැතුව එන්නට කීවේ කවුද
ගසක් නැතුව දලූ ලියලන්නේ කෙසෙද
මල්ලට දෙ මල්ලක් කාපිය මට මොකද?"
_____________________________________________
මේ කවිය මම ගොඩක් කාලෙකට කලින් අහපු කවියක්.
මේකේ අට සිල් හා පන්සිල් අට පහ විදියට සලකනවා.
හය හතර නොදත් වගේම අට පහත් අපගේ අතීත ව්‍යවහාරයේ එන මිනිසෙකුගේ ගුණවත්කම මනින්න යොදන නිදසුනක්. අට පහ නොදත් කෙනෙක්ගෙන් කිසිම මනුස්සයෙක්ට හොදක්වත් කිසිම මනුස්සයෙක්ට ගරුත්වයක්වත් වටිනාකමක්වත් ලබාගන්න බෑ.
මේකත් අහලා ඇතිනේ,
"පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ"
තෝ මොන අට පහ නොදන්න එකෙක්ද ගැහැණියක් තනියම ඉන්න ගෙදරකට අවසරයක් නැතිව එන්න. තෝ කදුරු මල්ලට මලු දෙකක් කෑවත් මම මේ දොර අරින්නේ නෑ. ආපු අතක් බලං පලයං.
සංවාදයට..
අශේන් ලෙව්දෙනි. ( Ashen Lewdeni)
Copied