සෝවාන් වෙන්න පෙරුම් පුරන්න ඕනද..

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    බුදු ,පසේ බුදු, අරහත් කියන පදවි

    සැරියුත් මුගලන් හාමුදුරුවෝ දෙනම ගැනනේ ඔය කියන්නේ? උන්වහන්සේලා දෙනම පෙරුම් පිරුවේ බුදුරජානන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වහන්සේලා වීමටයි, ඒකට වෙනමම පෙරුම් පුරන්න ඕනේ. හැබැයි ඕනේ නම් උන්වහන්සේලා දෙදෙනාටම ගෝතම බුදුන් වහන්සේගේ කාලයට කලින් වෙන බුදු කෙනෙකුගේ කාලෙක ඕනේ නම් අරිහත් වෙන්න හැකියාව තියෙන්න ඇති, ඒත් අර පෙරුම් පිරීම නිසා ඒක පරක්කු වුනා ගෝතම බුදුන් ගේ කාලයට ම.

    ත්‍රිහේතුක පටිසන්ධියක් ඇති ඕනෑම අයෙකුට මේ දැන් වුනත් මාර්ගය හරියට වැඩුවොත් සෝවාන් වෙන්න පුළුවන් :yes:, හැබැයි chance එක miss කරගත්තොත් බෑ :no:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    thrihethuka patisandhiya kiyanne manasa usas thathwayaka diyunu karanna awashya sadaka upathedi labila thiyena eka neda...tikak pahadili karahakida mea gana..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලබපු කෙනෙක් මේ ආත්මේ උපරිම අවුරුදු හතක් හරියට මහන්සි උනොත් අඩුම සෝවාන් වෙනවා කියල. එක බොරු වෙනද බා නේ.
    තව කියල තියෙනවා දිවිහේතුක කෙනෙක් එහෙම මහන්සි උනොත් ලබන ආත්මේ අඩුගානේ දර්මය අහපු දෙවියෝ අතර හරි ඉපදිලා සොවන්න් වත් වෙනවා කයල.
    එක නිසා මේ ආත්මේ මහන්සි වෙන එක කොහොමත් අපතේ යන්නේ නා කාටවත් .
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ත්‍රිපිටකේ තියන්නෙ ඔය ජාතක කතා අනම් මනම් නේද.., මට එහෙම නැතුව බුද්දාගමේ ෆන්ඩමෙන්ටල්ස්, ලොජික් එක තියන පොතක් ඔනෙ.

    ජාතක කතා තියෙන්නේ පන්සිය පනස් ජාතක පොතේ.බුදුන් වහන්සේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කල ධර්මායයි ත්‍රිපිටකයේ තියෙන්නේ.ත්‍රිපිටකය කියවලා අවබෝධ කරගෙන තමයි ස්වාමීන්වහන්සේලා ග්‍රන්ථ රචනා කරන්නේ.
    පටන්ගන්නනම් රේණුකානේ චන්ද්‍රවිමල ස්වාමීන් වහම්සේගේ බෞද්ධයාගේ අත්පොත කියවන්න.ධර්ම දේශනා කියවන්න.වහරක,සමන්ත,මීවනලාගේ බණ අහලා කෙලව ගන්න එපා.මම කියපු පොත කියවලා හොදින් තේරුම් ගන්න.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලබපු කෙනෙක් මේ ආත්මේ උපරිම අවුරුදු හතක් හරියට මහන්සි උනොත් අඩුම සෝවාන් වෙනවා කියල. එක බොරු වෙනද බා නේ.
    තව කියල තියෙනවා දිවිහේතුක කෙනෙක් එහෙම මහන්සි උනොත් ලබන ආත්මේ අඩුගානේ දර්මය අහපු දෙවියෝ අතර හරි ඉපදිලා සොවන්න් වත් වෙනවා කයල.
    එක නිසා මේ ආත්මේ මහන්සි වෙන එක කොහොමත් අපතේ යන්නේ නා කාටවත් .

    මේ කතාව හරි මගේ දැනුවත් බාවයත් එක්ක.
    පොඩි දැනුවත් වීමක් කරන්නම් කස්ටියටම
    මහා කල්පයක් කියල හැම තැනම කියලා තියනවනේ කට්ටිය අහලත් ඇතිනේ.
    මේකේ වටිනාකම් ඒ කියන්නේ කාලයත් එක්ක ගතහොත් (මනුෂ්‍ය වර්ෂ) ප්‍රමනාත්මකවත් සන්ක්යත්මකවත් විස්තර කරලා තියනව.

    ප්‍රමනාත්මකවත් ගත්තොත් උපමා කරල තියනව

    "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"

    "දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය"

    සන්ක්යත්මකවත් ගත්තොත්
    මහා කල්පයක් කියන්නේ = අසංඛ්‍ය * 86,40,000 * 64 * 4 අවුරුදු ගණනකට ( අවුරුදු = 360 දින)
    අසංඛ්‍ය අගයක් ලෙස ගත්තොත් 10^140 කියල කියනවා මේකේ නිවැරදිම අගය ආසන්නයි කියල තමයි කියන්නේ අසංඛ්‍ය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    මේක මන් තව විස්තර කරන්න යන්නේ නැ එක ටිකක් සන්කිරණයි.
    මේක ගොඩක් දීර්ග සංඛ්‍යවක් නිසා තමයි කට්ටියට පොඩ්ඩක් හරි අවබෝදයක් ගන්න දැම්මේ. මේකෙන් කියන්න හදන්නේ අඩුම තරමේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිත පුරද්දීත් අපි මේ සක්වලේ හිටියනම් තාමත් එහෙමම ඉන්නවනම් අපේ මේ ගෙවන ආත්මයේ අවුරුදු (80 අවුරුදු) ගාණත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඔබටම තේරෙයි ආ දුර කොපමණද කියල
     
    Last edited:

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    https://youtu.be/8CBVsgENrAc
    Meka ahala balanna........okata hariyana uttarayak meke tiyanawa
    ,
    Thawa oya hamuduruwangema "thaniwa bawana kiyimata upades "kiyana video ekath ahanna.............karanna one de me dekema tiyanawa.........
     
    Last edited: