බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලබපු කෙනෙක් මේ ආත්මේ උපරිම අවුරුදු හතක් හරියට මහන්සි උනොත් අඩුම සෝවාන් වෙනවා කියල. එක බොරු වෙනද බා නේ.
තව කියල තියෙනවා දිවිහේතුක කෙනෙක් එහෙම මහන්සි උනොත් ලබන ආත්මේ අඩුගානේ දර්මය අහපු දෙවියෝ අතර හරි ඉපදිලා සොවන්න් වත් වෙනවා කයල.
එක නිසා මේ ආත්මේ මහන්සි වෙන එක කොහොමත් අපතේ යන්නේ නා කාටවත් .
මේ කතාව හරි මගේ දැනුවත් බාවයත් එක්ක.
පොඩි දැනුවත් වීමක් කරන්නම් කස්ටියටම
මහා කල්පයක් කියල හැම තැනම කියලා තියනවනේ කට්ටිය අහලත් ඇතිනේ.
මේකේ වටිනාකම් ඒ කියන්නේ කාලයත් එක්ක ගතහොත් (මනුෂ්‍ය වර්ෂ) ප්‍රමනාත්මකවත් සන්ක්යත්මකවත් විස්තර කරලා තියනව.
ප්‍රමනාත්මකවත් ගත්තොත් උපමා කරල තියනව
"දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"
"දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය"
සන්ක්යත්මකවත් ගත්තොත්
මහා කල්පයක් කියන්නේ = අසංඛ්‍ය * 86,40,000 * 64 * 4 අවුරුදු ගණනකට ( අවුරුදු = 360 දින)
අසංඛ්‍ය අගයක් ලෙස ගත්තොත් 10^140 කියල කියනවා මේකේ නිවැරදිම අගය ආසන්නයි කියල තමයි කියන්නේ අසංඛ්‍ය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
මේක මන් තව විස්තර කරන්න යන්නේ නැ එක ටිකක් සන්කිරණයි.
මේක ගොඩක් දීර්ග සංඛ්‍යවක් නිසා තමයි කට්ටියට පොඩ්ඩක් හරි අවබෝදයක් ගන්න දැම්මේ. මේකෙන් කියන්න හදන්නේ අඩුම තරමේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිත පුරද්දීත් අපි මේ සක්වලේ හිටියනම් තාමත් එහෙමම ඉන්නවනම් අපේ මේ ගෙවන ආත්මයේ අවුරුදු (80 අවුරුදු) ගාණත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඔබටම තේරෙයි ආ දුර කොපමණද කියල