සෝවියට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ


දෙනෝදහක් ජනතාව විවේකයෙන් විනෝදයෙන් සිටින අවස්ථාවක,ක්‍රෙම්ලීනයේ උයනක වටා බැඳි තාප්පයක් උඩට නැගුනු රුසියානුවෙක් “අපේ ජනාධිපති පිස්සෙක්!අපේ ජනාධිපති පිස්සෙක් ...” කියමින් හඬ නැගීය.වහා එතැනට පැමිණි සිවිල් පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේ ප්‍රසිද්ධ ස්ථානයක අසංවර ලෙස පොදු ජනතාවට හිරිහැරයක් වීම හේතුවෙනි.රුසියාවේ රහස් පොලිසිය හෙවත් KGBය ඔහුට නැගූ චෝදනාව වූයේ ජනාධිපති පිස්සෙක් යයි ප්‍රසිද්ධියේ කියා රාජ්‍ය රහසක් එළිදරව් කර තිබීමයි.
# # # # #
# # # #
රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ යූරි අන්ද්‍රපෝව් දිනක් සිය කාර්යාලයේ රාජකාරි කරමින් සිටින අතර, සිය අත් ඔර්ලෝසුව නැති වූ බවට KGBය දැනුවත් කලේය.එය කැරට් 24 රත්තරං ROLEX අත් ඔර්ලෝසුවක් වගේම රූබල් ලක්ෂ ගණනක් වටිනා දුර්ලභ ගණයේ භාන්ඩයක් වීම පැමිණිල්ලට හේතුව විය.එහෙත් කෙටි කාලයක් තුල නැතිවූ භාන්ඩය, මේස ලාච්චුවක තිබී ජනාධිපති තුමාම සොයා ගත්තේය. එහෙත් ඒ වන විටත් KGBය පස්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබින.තිදෙනකු සැක පිටය.දෙදෙනකු අත් ඔර්ලෝසුව හොරකම් කල බව පිළිගෙන තිබින.
මෙම යාංහෑලි කියවා තම තමා කැමති රටක් හා නායකයන් එයට ආදේශ කර රස විඳින්න.


W.J.Column
 
  • Like
Reactions: WhiteWalker