Dumudu Abedeera අපි නන් කැමති. හැබැයි වැඩ කරන පැය සේරටම ගෙවන්න ඕන. ගාමන්ට් එකකත් එහෙමනේ නේද? පිනට වැඩ කරන්නේ නැනේ ඒ දුක් විදින කාන්තාවන්. දැන් මගේ වෝඩ් එකේ මාත් ඇතුලුව දොස්තරලා තුනයි. මාසෙකට මට දවස් දහයක් අනිවාර්ය පැය 24 සේවා මුර 10. එතකොට අනික් දවස් 20න් ඉරිදා තුනක් මට නිවාඩු. ඒ කියන්නේ මම මාසේකට දින 27ක් අනිවාර්යෙන්ම වැඩ. ඒ අනිකුත් දවස් 20 තුල මම පැය හයක් අනිවාර්යෙන්ම සේවය කරන්න ඕන. නමුත් ලෙඩ්ඩු අමාරු වෙන අවස්තා වල, හදිසි ඔපරේෂන් වලට ගියාම ඔය පැය හයක් වැඩ කරලා ගෙදර යනවා වගේ කතා විහිලු. එතකෝ අපි අනුමාන කරමු දවසට එක ඩොක්ටර් කෙනෙක්ට අමතරව පැය 6ක් සේවය වැඩිපුර කරන්න වෙනවා කියලා. ඔන්න දැන් ගණිතමය සෙල්ලමක් තියෙනවා ඔයාට තේරුම් ගන්න.
පැය 24 අනාවාර්ය ඔන්කෝල් දවස් 10ට අමතර රාජකාරි පැය ගණන —( 24-6) x 10 =180. අනික් දවස් 20ට අමතර රාජකාරි පැය ගණණ — (6 x 20) =120. එතකොට මට රජය මාසේකට අවම පැය 300 අමතර සේවය සදහා ගෙවන්න ඕන. හැබැයි ගෙවන්නේ උපරිම පැය 120 දක්වා පමණයි. අනික් පැය 180 ම පිනට වැඩ. අන්න ඒ සේරටම ගෙවනවා නන් මට මාසෙකට මිලියන භාගෙකට එහා පඩියක් ලේසියෙන්ම හම්බෙනවා. ඉතින් මම කැමති ඇගිලි සලකුණු තියන්න දෙනවා නන්. මගේ වාට්ටුවේ නන් මට මාසේකට අමතර පැය 250කට එහා කරන්න පුලුවන් දොස්තරලා මදි නිසා. ඉතින් තවත් හොදයි. ඕක ඔයාලා තේරුම් අරන් නෑ. නලින්ද දන්න නිසා කපටිකමට සෞඛ්‍යට ඇගිලි සලකුණු ගේන්කේ නෑ මලාට. ගේනවා නන් ඉස්සෙල්ලාම කැමති වෙන්නෙ අපි දොස්තරලා සහ හෙදියෝ. ඩුබායි වලට කිට්ටු පඩියක් ලංකාවේ ඉදන්ම ගන්න පුලුවන් නිසා.