සෞඛ්යාරක්ෂිත_ආහාර
සෞඛ්යාරක්ෂිත ආහාර
එදිනෙදා ජිවිතයේදි.. අපි අනුභවයට ගන්නා ආහාර මිලදි ගැනිමේදි, සෞඛ්යාරක්ෂිත ආහාර තොරා බේරා ගැනිම ගැන දැන හදුනා ගෙන ඉන්න එක අපේ ශරිර සෞඛ්‍යයට බෙහෙවින් උපකාරි වෙනවා.. ඒ හින්දාම තමයි මං අපේ සහෝදර සහෝදරියන් සමග මේ ගැන තොරතුරු බෙදා ගන්නට හිතුවේ..
*********
සෞඛ්යාරක්ෂිත මාළු හදුනාගන්නා හැටි

- දුගදක් නොතිබිය යුතුය.
- කොරපොතු පහසුවෙන් ගැලවිය නොහැකි විය යුතුය.
- ඇස් දීප්තිමත් ව තිබිය යුතුය. අදුරු සහිත හා ගිලා බැස නොතිබිය යුතුය.
- කරමල තද රතු පැහැ විය යුතු අතර, කලු පැහැ ගැන්වී නොතිබිය යුතුය.
- අතින් එබු පසු ක්ෂණිකව යථා තත්ත්වයට පත්විය යුතුය.
- මාළු ගොඩ ගැසු පසු විසිරි යා යුතුය.
- පළිබෝධ නාශක (ෆෝමලින්) නොයොදා තිබිය යුතුය. ( මෑස්සන් නොවසන්නේ නම් ෆෝමලින් ගසා තිබේ )
සෞඛ්යාරක්ෂිත මස් හදුනාගන්නා හැටි
- දුගදක් නොතිබිය යුතුය.
- නරක් වු පිළිකුල් ස්වභාවයෙන් තොර විය යුතුය.
- අපැහැදිලි වර්ණයක් නොතිබිය යුතුය.
- පණුවන් වැණි සතුන්ගෙන් තොර විය යුතුය.
- පිටතින් වර්ණ ආලේප කර නොතිබිය යුතුය.
නරක් වු බිත්තර හදුනා ගැනීම
මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..
- බිත්තර කටුවේ දිලිසෙන පැහැය නොතිබිම.
- ජලයට දැමු විට බිත්තරය ජලය මත පාවෙන ස්වභාවය.
- බිත්තර කටුවේ කුකුල් අසුචි තැවරි තිබේනම් විෂබිජ බිත්තරය තුළට යෑමට ඉඩ ඇත. ( සැල්මනෝලා )
- බිත්තරය සොලවන විට අසාමාන්‍ය ලෙස ඇතුලත සෙලවීම.
- බිත්තරය කැඩු විට දුගද හැමීම සහ කහ මදය දියවී ගොස් තිබීම.
මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..
මෙය උපුටා ගත්තේ
වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
(ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
(ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
Last edited: