සෞඛ්‍යාරක්ෂිත_ආහාර

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සෞඛ්‍යාරක්ෂිත_ආහාර

    සෞඛ්‍යාරක්ෂිත ආහාර

    එදිනෙදා ජිවිතයේදි.. අපි අනුභවයට ගන්නා ආහාර මිලදි ගැනිමේදි, සෞඛ්‍යාරක්ෂිත ආහාර තොරා බේරා ගැනිම ගැන දැන හදුනා ගෙන ඉන්න එක අපේ ශරිර සෞඛ්‍යයට බෙහෙවින් උපකාරි වෙනවා.. ඒ හින්දාම තමයි මං අපේ සහෝදර සහෝදරියන් සමග මේ ගැන තොරතුරු බෙදා ගන්නට හිතුවේ..


    *********

    සෞඛ්‍යාරක්ෂිත මාළු හදුනාගන්නා හැටි

    • දුගදක් නොතිබිය යුතුය.

    • කොරපොතු පහසුවෙන් ගැලවිය නොහැකි විය යුතුය.

    • ඇස් දීප්තිමත් ව තිබිය යුතුය. අදුරු සහිත හා ගිලා බැස නොතිබිය යුතුය.

    • කරමල තද රතු පැහැ විය යුතු අතර, කලු පැහැ ගැන්වී නොතිබිය යුතුය.

    • අතින් එබු පසු ක්ෂණිකව යථා තත්ත්වයට පත්විය යුතුය.

    • මාළු ගොඩ ගැසු පසු විසිරි යා යුතුය.

    • පළිබෝධ නාශක (ෆෝමලින්) නොයොදා තිබිය යුතුය. ( මෑස්සන් නොවසන්නේ නම් ෆෝමලින් ගසා තිබේ )


    සෞඛ්‍යාරක්ෂිත මස් හදුනාගන්නා හැටි



    • දුගදක් නොතිබිය යුතුය.

    • නරක් වු පිළිකුල් ස්වභාවයෙන් තොර විය යුතුය.

    • අපැහැදිලි වර්ණයක් නොතිබිය යුතුය.

    • පණුවන් වැණි සතුන්ගෙන් තොර විය යුතුය.

    • පිටතින් වර්ණ ආලේප කර නොතිබිය යුතුය.


    නරක් වු බිත්තර හදුනා ගැනීම



    • බිත්තර කටුවේ දිලිසෙන පැහැය නොතිබිම.

    • ජලයට දැමු විට බිත්තරය ජලය මත පාවෙන ස්වභාවය.

    • බිත්තර කටුවේ කුකුල් අසුචි තැවරි තිබේනම් විෂබිජ බිත්තරය තුළට යෑමට ඉඩ ඇත. ( සැල්මනෝලා )

    • බිත්තරය සොලවන විට අසාමාන්‍ය ලෙස ඇතුලත සෙලවීම.

    • බිත්තරය කැඩු විට දුගද හැමීම සහ කහ මදය දියවී ගොස් තිබීම.


    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..


    ​
    මෙය උපුටා ගත්තේ
    වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
    (ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
    මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )

    ​
    ​
     
    Last edited: