කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට අද(12) සිට පත් කර තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඊයේ(11) දිනයේදී පමණක් දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 6482ක් සිදුකර ඇති බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව සඳහන් කළා.
