සෞදියේ~කුමරු~මියයයි
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන සුල්තාන් බින් අබ්දුල් අසීස් මිය ගිය බව විදෙස් ප්රවෘත්ති සේවා අද (22) වාර්තා කළා. 86 හැවිරිදි සුල්තාන් අබ්දුල් අසීස් මිය ගොස් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින විටයි. ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබියේ ඔටුන්න හිමි සුල්තාන් අබ්දුල් අසීස් එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ ප්‍රථම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුන් අතුරින් මුලින්ම සිටි ඔහු සුන්නි මුස්ලිම් භක්තිකයෙක්.