සෞරග්‍රහ_මණ්ඩලය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සෞරග්‍රහ_මණ්ඩලය

    28-20_sunrise_in_space.jpg



    හැඳින්වීම


    සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යයා, පෘථීවිය හා සෙසු ග්‍රහ ලෝක අටයි. සූර්යයා ඇතූළු සෞර ග්‍රහ මණ්ඩල‍යේ සාමාජිකයන් වන ග්‍රහ ලෝක හා චන්ද්‍රයන් මීට අවුරුදු බිලියන 4.6කට පෙර තිබී නැත. එලෙසම වසර බිලියන 14කට පෙර සෞර ග්‍රහ මණ්ඩලය පිහිටා ඇති ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂීර පථය ද තිබී නැත. එය සෑදී ඇත්තේ මීට අවුරුදු බිලියන 12කට පමණ පෙරදී බව සැලකේ. මීට අවුරුදු මිලියන 10-100ත් අතර කාලයේදී විශ්වයේ පැවති ද්‍රව්‍යවලින් සෞර ග්‍රහ මණ්ඩලය සෑදී ඇති බව විශ්වාස කරනු ලැබේ.



    සෞර ග්‍රහ මණ්ඩලයේ සැකැස්ම


    සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම සාමාජිකයා සූර්යයා අහසේ දක්නට ලැබෙන විශාලතම තාරකාව ද ‍වේ. සැමගේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ද වන සූර්යයා වටා සෙසු ග්‍රහලෝක විවිධ කක්ෂවල ගමන් කරනු ලබයි. මෙසේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක නවයකි.එනම්,


    1.බුධ
    2.සිකුරු
    3.පෘථිවිය
    4.අඟහරු
    5.බ්‍රහස්පති
    6.සෙනසුරු
    7.යුරේනස්
    8.නෙප්චූන්
    9.ප්ලූටෝ


    vakaplanet_050903.jpg
    [/CENTER] [/LEFT]

    ග්‍රහ ලෝක ප්‍රවර්ගයන්

    ප්‍රධාන ග්‍රහලෝක නවය ඒවායේ ප්‍රමාණය හා ඝනත්වය මුල් කරගෙන ප්‍රවර්ගයන් දෙකකට බෙදනු ලැබේ.එනම්,

    අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක
    භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක

    අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක

    අභ්‍යන්තර ග්‍රහලෝකවල ඝනත්වය වැඩිය. බාහිර ග්‍රහලෝකවල ඝනත්වය අඩුය. එයට හේතුව ඒවායේ වැඩිපුර වායු තිබීමය.

    අභ්‍යන්තර ග්‍රහලෝක- බුධ, සිකුරු, පෘථිවි, අඟහරු බාහිර ග්‍රහලෝක - බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ

    භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක

    භෞමික ග්‍රහලෝක යනු බුධ ග්‍රහයාගේ සිට පෘථිවිය තරම් විශාල ග්‍රහලෝක වේ. මේවා බොහොමයක්ම සෑදී ඇත්තේ සිලිකේට් පාෂාණයෙනි. යෝධ ග්‍රහලෝක සූර්යයාගෙන් ඈත්ව පිහිටා ඇත. මෙම යෝධ ග්‍රහයන් ඇති වීමේ දී ඒවා වටා තිබූ වායු ගෝලවල ආධාරය ද ලැබී ඇත.

    භෞමික ග්‍රහලෝක -බුධ, සිකුරු, පෘථිවි, අඟහරු යෝධ ග්‍රහලෝක -බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්



    සෞර ග්‍රහ මණ්ඩලය




    සූර්යයා


    The_Sun.JPG


    සූර්යයා සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ. ඉන් පිටවන ආලෝකය මිනිත්තු අටක් තුළ පෘථිවියට ළඟා වේ. විෂ්කම්භය කි.මී.1,391,400 (මිලියන 1.3) ක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝකවල බර මෙන් 743 ගුණයක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම වස්තුව වේ.

    සූර්යයා මතුපිට ලප විශේෂයක් දකිනට ලැබෙන අතර එය සෑම දිනකම එකම ස්ථානයක දක්නට නොලැබේ. ඒ අනුව සූර්යයා ද තමා වටා භ්‍රමණය වේ.එම එක් වටයක් සම්පූර්ණ වීමට දින 25ක් ගත වේ. සූර්යයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000ක් වේ. එවැනි අධික උෂ්ණත්වයක් යටතේ කිසිඳු ඝන ද්‍රව්‍යවක් හෝ ද්‍රවයක් තිබිය නොහැකි නිසා සූර්යයා නිර්මාණය වී ඇත්තේ වායුවලිනි.

    සූර්යයා සතුව සුවිශාල බලයක් පවතින බව 1871දී හර්මන් වොන් හෙල්ම්(HERMON VON HELM) විසින් පෙන්වා දුනි. එනම් ගල් අඟුරු රාත්තල් 1500ක් පැයක් දහනය කළ විට පිටවන ශක්ති ප්‍රමාණය සූර්යයාගෙන් සෑම මොහොතකම එහි වර්ග අඩියකින් පිටවන බවයි. සූර්යයා සතුව ග්‍රහයින් 09ක් ද චන්ද්‍රයන් 66ක් ද සිටී.

    බුධ

    Mercury.JPG


    ග්‍රීකයෝ මීට අවුරුදු 5000කට පෙර සුමේරියන් යුගයේ දී බුධ ග්‍රහයා හදුනා ගනි. මෙහි විෂ්කම්භය කි.මී.4,878කි. සූර්යයා ආසන්නයේම පිහිටා ඇති ග්‍රහලෝකය බුධ වේ. මෙහි විශාලත්වය පෘථිවියෙන් 40% ක් වන අතර චන්ද්‍රයාට වඩා 40%ක් පමණ විශාලය.

    නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත. සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් මෙහි උෂ්ණත්වය වැඩිය.එය දිවා කාලයේ කෙල්වින් 673ක් වන අතර රාත්‍රී කාලයේ දී කෙල්වින්175කි. බුධ ග්‍රහයා මතුපිට චුම්භක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි. එයට හේතුව බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීමය.

    බුධ ග්‍රහයා සූර්යයා වටා ගමන් කරනුයේ ඉලිප්සාකාර කක්ෂයකය. බුධට තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ.


    සිකුරු

    Venus_1.JPG


    සෞර ග්‍රහ මණ්ඩලයේ අලංකාරවත්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය "ඉරබටු තරුව" හා "උදාන තරුව" ලෙසින් ද හඳුන්වයි. මෙහි විෂ්කම්භය කි.මී.12,104කි. එය පෘථිවියේ විෂ්කම්භයෙන් 95%කි. එසේම සිකුරු ග්‍රහයා පෘථිවියේ බරින් 82% වේ. එය පෘථිවියට ඉතා ළඟින් පිහිටි ග්‍රහයා ද වෙයි.

    බුධ වැනි ග්‍රහයින් තම අක්ෂයේ භ්‍රමණය වන්නේ බස්නාහිර සිට නැගෙනහිරට වන අතර සිකුරු නැගෙනහිර සිට බස්නාහිරට භ්‍රමණය වේ.

    මෙහි මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළය. එය කෙල්වින් 750ක් වේ. එබැවින් ජලය හෝ ජීවීන් නොමැත. එම නිසා මෙය ද බුධ මෙන්ම කාන්තාර ග්‍රහයෙක් ලෙස හඳුන්වයි. එහි මතුපිටින් 80%ක් පවතින්නේ තැනිතලා බිම්ය.
    .
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy


    පෘථිවිය

    200px-Earth.jpg


    ග්‍රහලෝක අතරින් ජීව පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය වේ. විෂ්කම්භය කි.මී.12,756කි. එය මතුපිටින් 2/3ක් ඇත්තේ ජලයයි. ජීවීන් දක්නට ලැබෙන අතර එක් චන්ද්‍රයෙක් ඇත.

    පෘථිවිය තම අක්ෂය වටා සෑම පැය 24කටම වරක් බස්නාහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ. මෙය "පෘථිවි දිනක්" නමින් හැඳින්වේ. පෘථිවියට සූර්යයා වටා යාමට දින 365.25ක් ගත වේ. මෙම දින 0.25 වසර 4ක් පුරා එකතු කිරීම නිසා වමර 4නට පසු එළ‍ඹෙන වසර අධි වසරක් ලෙස සැල‍කේ.
    පෘථිවිය ස්ථර කිහිපයකින් නිර්මාණය වී ඇත. එහි ඇතුළතින්ම ඇත්තේ අභ්‍යන්තර මදය වේ. ඊට පිටතින් ඇත්තේ පිටත මදයයි. ඊට පිටතින් වැස්ම නම් කොටසක් ඇත. ඊට පිටතින් බාහිර වැස්ම නම් කොටසක් ඇත. පිටතින්ම ඇත්තේ පිට කුෂ්ටලයයි.

    පෘථිවියට එක් චන්ද්‍රයෙක් සිටින අතර එය පෘථිවියට කි.මී. 3,80,000ක් දුරින් පිහිටා ඇත. මෙය සූර්යයාට ආසන්නම ග්‍රහ වස්තුව වේ. එමගින් බල පවත්නා ආකර්ෂණ බලය නිසා පෘථිවියේ ඇති මුහුදු හා සාගරවල වඩදිය හා බාදිය ඇති කරනු ලබයි. පෘථිවියේ උසම ස්ථානය එවරස්ට් කඳු මුදුන(8,850m) වන අතර ගැඹුරුම ස්ථානය මරියානා ආගාධය (11,520m) වේ.


    අඟහරු

    Mars1.JPG


    සෞර ග්‍රහ මණ්ඩලයේ රතු පැහැයෙන් දිස්වන එකම ග්‍රහලෝකය අඟහරුය. එබැවින් මෙය රතු ග්‍රහයා ලෙස ද හැඳින්වේ. පෘථිවියට සිකුරු හැර ළඟින්ම පිහිටා ඇති ග්‍රහලෝකය අඟහරුය. මෙහි විෂ්කම්භය කි.මී.6794කි.

    අඟහරු ග්‍රහයාගේ ඍතු ඇති වීම් සොයා ගෙන ඇති අතර ඒවායේ කාලය පෘථිවියේ ඍතුවලට වඩා දෙගුණයකි. අඟහරුට ඉතාමත් තුනී වායුගෝලයක් පවතින අතර එහි ඇත්තේ භූමි කම්පා නිසා එකතු වූ කාබන් ඩයොක්සයිඩ්ය. මෙහි රාත්‍රී කාලයේ උෂ්ණත්වය කෙල්වින් 187ක් වන අතර දිවා කාලයේ දී කෙල්වින් 244කි.

    දැනට සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම ගිනි කන්ද සොයා ගෙන ඇත්තේ අඟහරු මතිනි. එය සොයා ගෙන ඇත්තේ 1971 දී අඟහරු කරා ගිය මැරිනර් නම් අභ්‍යවකාශ යානයෙනි.

    අඟහරුට චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින අතර එය හඳුනා ගනු ලැබුවේ ඇමරිකානු ජාතික එසාප් හෝල් විසිනි. අඟහරු ආසන්නයේම ඇති චන්ද්‍රයා "‍පොබෝස්" (Phobos)ලෙස ද එයට පිටතින් ඇති චන්ද්‍රයා ඩයිමෝස් (Deimos) ලෙස ද නම් කර ඇත. මේ වන විට අඟහරු මත ජලය සහ ජීවීන් පවතීද යන්න පිළිබඳ පර්යේෂණවල නිරත වේ.


    බ්‍රහස්පති


    Jupiter.JPG


    සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහයා බ්‍රහස්පති වේ. සෙසු ග්‍රහලෝකවල මුළු බරෙන් 71%ක ස්කන්ධයකින් යුක්ත මෙය සියලුම ග්‍රහලෝකවල පරිමා එක් කළ විට ඒවා මෙන් 2.5ක ගුණයකින් යුක්ත වේ. බ්‍රහස්පතිගේ විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 10 ගුණයකට ආසන්නය.එය කි.මී.1,42,984කි.

    බ්‍රහස්පති මත තද පැහැති පටි (Belt) වැනි ප්‍රදේශ ද දීප්තිමත් ප්‍රදේශ ද දැක ගත හැක. ඒවා පෘථිවියට ද වඩා විශාල ව්‍යුහයන් වේ. එම පටිවල වර්ණ කොළ, රතු හෝ දුඹුරු වේ. මෙහි දක්ෂිණ ධ්‍රැවයේ ආසන්නයේ තද රතු පැහැ ලප දක්නට ලැබේ.

    ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලය ඇත්තේ බ්‍රහස්පතිටය. බ්‍රහස්පති සතුව චන්ද්‍රයින් 16ක් පවතී. බ්‍රහස්පති සතුව වළලු පවතින අතර ඒවා ඉතා දුර්වල ලෙස බ්‍රහස්පති අසළ පවතී.


    සෙනසුරු


    Saturn.JPG


    සෞර ග්‍රහ මණ්ඩලයේ දර්ශනීයම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නේ සෙනසුරුය. සෙනසුරු වටා දර්ශනීය වළලු පද්ධතියක් පිහිටා තිබීම නිසා මෙම විරුදාවලිය ලබා ඇත. ගල්, පර්වත හා අයිස්වලින් නිර්මාණය වූ වළලු තුනක් මේ වටා පවතී. එහි වර්ණ ප්‍රධාන ලෙස කළු හා දුඹුරු වේ. මේවා විවිධාකාර දුරවලින් එකම තලයක පිහිටමින් සෙනසුරු වටා භ්‍රමණය වේ.

    විෂ්කම්භය කි.මී. 1,20,660ක් වන මෙය දෙවන විශාලතම ග්‍රහයා වේ. සෙනසුරුගේ මධ්‍යයේ ඇති පාෂාණ ඝනත්වය ඉතා අඩු බැවින් මෙය ඝනත්වය අඩුම ග්‍රහයා ලෙස සැලකේ. මෙයට චන්ද්‍රයන් 23ක් සිටින අතර වැඩිම චන්ද්‍රයන් හිමි ග්‍රහලෝකය වේ.


    යුරේනස්


    Urenus.JPG


    මෙය 1781 දී විලියම් හර්ෂල් (William Herschel) විසින් සොයා ගෙන ඇත. යුරේනස් සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති තුන්වන විශාලතම ග්‍රහයා වේ. මෙහි විෂ්කම්භය කි.මී.50,800කි.

    යුරේනස් වටා වර්ණ වළලු 10ක් පවතින අතර ඒවා සෙනසුරු හා බ්‍රහස්පතිගේ වළලුවලට වඩා පටුය. සූර්යයා වටා යුරේනස් ගමන් කරනුයේ ද සිකුරු මෙන් වාමාවර්තවය. සූර්යයා වටා වසරක් යාමට යුරේනස්ට පෘථිවි වසර 84ක් ගත වේ.

    සූර්යයා වටා යුරේනස් ගමන් කිරීමේ දී ඇති වන අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා ඍතු ඇති වේ. යුරේනස් සතුව චන්ද්‍රයන් 15ක් පවතී.


    නෙප්චූන්


    Neptune.JPG


    ප්‍රංශ ජාතික ලැවේරියල් හා ඇඩම්ස් විසින් සොයා ගෙන ඇත. මෙහි විෂ්කම්භය කි.මී.48,600කි. නිල් පැහැතිය.

    නෙප්චූන්හි ආරුක්කු හැඩැති වළලු දෙකක් දැක ගත හැක. සෙසු ග්‍රහලෝක වටා ඇති ඒවා වෘත්තාකාර අතර මෙහි වළලු ආරුක්කු හැඩැති(U)ය. ඒවා සෙනසුරු වටා ඇති වළලුවලට වඩා පටුය.

    නෙප්චූන් සතුව චන්ද්‍රයන් 8ක් පවතින අතර සෞර ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන්ගෙන් විශාලතම චන්ද්‍රයෙක් වන ටයිට්‍රන් එය සතුය.


    ප්ලූටෝ

    Pluto_2.JPG



    මෙය ක්ලයිඩ් විලියම් ටොම්බෝ(Clyde William Tombaugh) විසින් සොයා ගන්නා ලදී. මෙහි විෂ්කම්භය කි.මී.2,300කි. ප්ලූටෝ සෙසු ග්‍රහලෝකවලට වඩා ප්‍රමාණයෙන් කුඩාය. එය චන්ද්‍රයා මෙන් 63%ක් වන අතර බුධ මෙන් 47%කි.

    ප්ලූටෝ සියලුම ග්‍රහලෝකවල කක්ෂයට ඉතා ඈතින් පිහිටන අතර විටෙක නෙප්චූන්ගේ කක්ෂයට ද ඇතුළු වේ. වෙනත් ග්‍රහලෝකවල කක්ෂයට ඇතුළු වන එකම ග්‍රහලෝකය මෙය වේ.
    ප්ලූටෝ සතුව එක් චන්ද්‍රයෙක් පවතින අතර එය අනෙක් ග්‍රහලෝකවල චන්ද්‍රයින් මෙන් නොව සාපේක්ෂව විශාලය. එය ප්ලූටෝගේ ප්‍රමාණයෙන් 57%කි. ප්ලූටෝ හැර අන් සියලුම ග්‍රහයින් එකම තලයක ගමන් කරන අතර ප්ලූටෝ ඒ සෑම එකකටම ඉහළින් තනිව ගමන් කරයි. එබැවින් එය අන්තර් ග්‍රහ වස්තුවක් ලෙස ද හඳුන්වයි. ප්ලූටෝගේ කක්ෂය සෙසු ග්‍රහලෝකවල කක්ෂය මෙන් නොව බො‍හෝ දුරට ඉලිප්සාකාරය.

    මෙතෙක් කල් සෞර ග්‍රහ මණ්ඩලයේ නව වන ග්‍රහලෝකය ලෙස හැඳින්වූ ප්ලූටෝ සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝකයක් ලෙස පිළිගත නොහැකි බව අන්තර් ජාතික තාරකා සංගමය 2006.08.24 දින ප්‍රකාශ කර ඇත.ප්ලූටෝ ආසන්නයෙහි තවත් ග්‍රහ වස්තූන් රාශියක් තිබීමත් ප්ලුටෝගේ ගුරුත්වාකර්ෂණ බලය අඩුවීමත් නිසා කක්ෂ මාර්ගය පැහැදිලිව තබා ගත නොහැකි බව ඔවුන් දක්වයි. මේ අනුව ප්ලූටෝ 2003UB 313 හෙවත් ෂෙනා(Xena) සෙරස්(Ceres) යන වස්තූන් වාමන ග්‍රහයන් ලෙස හඳුන්වා ඇත. මේ පිළිබඳව විවිධ මත පළ වී ඇත.

    >>>>>
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මෙතෙක් කල් සෞර ග්‍රහ මණ්ඩලයේ නව වන ග්‍රහලෝකය ලෙස හැඳින්වූ ප්ලූටෝ සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝකයක් ලෙස පිළිගත නොහැකි බව අන්තර් ජාතික තාරකා සංගමය 2006.08.24 දින ප්‍රකාශ කර ඇත.ප්ලූටෝ ආසන්නයෙහි තවත් ග්‍රහ වස්තූන් රාශියක් තිබීමත් ප්ලුටෝගේ ගුරුත්වාකර්ෂණ බලය අඩුවීමත් නිසා කක්ෂ මාර්ගය පැහැදිලිව තබා ගත නොහැකි බව ඔවුන් දක්වයි. මේ අනුව ප්ලූටෝ 2003UB 313 හෙවත් ෂෙනා(Xena) සෙරස්(Ceres) යන වස්තූන් වාමන ග්‍රහයන් ලෙස හඳුන්වා ඇත. මේ පිළිබඳව විවිධ මත පළ වී ඇත.


    ප්ලූටෝ ග්‍රහ ලෝකයක් නෙවෙයි කිව්ව කතාව වැරදිද?අන්තිම තීරනය මොකක්ද කියල දන්නව ද?

    Thanks for sharing machan
    I must spread some reps around
     
    Last edited: