මතු දිනෙක ග්‍රන්ථයෙකැ මෙසේ දැක්වේ....
ඒකල්හි සිරිලක් දේසයේ රජයේ නායකයා ගමින් ගම ඇවිදිමින් ප්‍රශ්ණ විචාරණ්නෝය.
ජනයාට ආතල් දෙන්නෝය. රජයේ නිලදරුවන් භයින් ත්‍රස්ත කරන්නෝය.
නායකයාගේ පරිවාර පිරිස මහා වනස්පතීන් බිම දැමීමට පිඹුරුපත් සකසන්නෝය.
ඒ්වා බිම හෙලන්නෝය.
පසුව ජල මූලාශ්‍ර සිඳී ගියෝය. බීමට දිය පොදක් සොයමින් ජනයා තැන තැන කරක් ගසන්නෝය.
හුස්ම ගත්තා වූ ඔක්සිජැන් නම් වූ වායුව හීන වී ගියෝය.
ශ්වසන ගැටළු ඇති වන්නෝය.
පරිසර උණුසුමෙන් කුඩා දරුවන් විජලනයට පත්වී මිය ඇදෙන්නෝය.
පසු කළෙකැ මරණයෙන් ගැළවුණ ජනයා තම අතීත නායකයින් හට සාප කරමින් ජීවත් වන්නෝය.....