ස', කළකිරුණු බයියෝ සහ තවත් කතා
==================================
□ ආණ්ඩුව ගැන කළකිරිලද ?
කිසිසේත් නැත. ජනාධිපතිතුමා මෙන්ම ආණ්ඩුව පත්කිරීමට ඡන්දය දීම ගැන ආඩම්බරය. රට මේ තත්වයෙන් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ නිසාය.
□ ස' ෆේල් ද ?
වැලේ වැල් නැති විපක්ෂය විසින් නිර්මාණය කරන ලද මෝඩ ප්‍රශ්නයකි. යහපාලන සමයට වඩා සෑම අතින්ම රට ඉදිරියට පැමිණ තිබේ.
> කොරෝනා වසංගතය හැකි උපරිමයෙන් මර්දනය කර ඇත.
> ජාතික ආරක්ෂාව තහවුරුය.
> සිංහල බෞද්ධයන්ට තිබූ කෙණහිලිකම් අවසන්ය. උතුරු නැගෙනහිර පන්සල් ඩෝසර් වෙන්නේ නැත.
> රණවිරුවන් තවදුරටත් සිරගත කෙරෙන්නේ නැත.
> ජාත්‍යන්තරය හමුවේ යුද විරුවන් පාවා දෙන්නේ නැත.
> ඇත්තේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනමතයට හිස නමන ආණ්ඩුවකි.
> පාතාලය මත්කුඩු උවදුර මුලිනුපුටා දමමින් පවතී.
> දේශීය ව්‍යවසායකයන්ට ඉහල අවස්ථා ලැබෙයි...
ආදී වශයෙන් අප බලාපොරොත්තු වූ කරුණුවලින් 90% කට වඩා ඉටුවී/ඉටුවෙමින් පවතී. ඉතින් ස' හිතුවටත් වඩා පාස්ය. මෙච්චර කරලත් බුකි බයියෝ අඬාවැටෙති !
□ කළකිරුණු බයියන් බුකිය පුරා දක්නට ලැබේ. ඒ ගැන අදහස ?
කළකිරුණු හෙවත් අඬවැඩියා බයියන් කොටස් දෙකකි. පලමු කොටස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී වසරක් යනවිට ලංකාව කේතුමතී පුරයක් වනු ඇතැයි සිතා සිටි සුරංගනා බයියන්ය. එහෙම අවුරුද්දකින් අවුරුදු 5 කින් රටක් සුරපුරක් කිරීමට බැරිය. රට සංවර්ධනයට අඩිතාලමක් දැමීමට අවශ්‍ය පියවර මේ කෙටි කාලය තුල ගෙන තිබීම ප්‍රශංසනීයය.
අනෙක් කොටස ඇරියස් බයියන්ය. මොවුන් ආණ්ඩුවෙන් විවිධ තනතුරු බලාපොරොත්තු වී නොලැබුණු තැන ගෝඨාභයට බනිමින් තැන තැන ඇවිදින පිරිසකි. ගත යුත්තක් නැත. බුකියේ ප්‍රසිද්ධ එක්තරා ලියන්නෙක් අමනාප වී ඇත්තේ ඔහු ලංකාවට ගොඩබෑ අවස්ථාවේ ගෝඨාභය ඔහුට ලන්ච් එකකට ආරාධනා නොකිරීමය
□ ආණ්ඩුව විවේචනය කිරීම වැරදි ද ?
කිසිසේත් නැත. වැරදි විවේචනය කලයුතුය. ආණ්ඩුවක පැවැත්මට සාධනීය විවේචන ඉතා වැදගත් වේ. එහෙත් සාධාරණ විවේචන සහ පන්න පන්නා පහරදීම යනු පැහැදිලිවම දෙකකි. බුකියේ දැන් බහුතරයක් ඇත්තේ ඇරියස් කවර් කිරීමය
□ පමණ ඉක්මවා පහර දීමේ ප්‍රතිපලය කුමක් විය හැකිය ?
දැක්ක ගමන් තේරෙන ප්‍රශ්නයකි. වැලේ වැල් නැතුව හිටි අනුර කුමාරලා චම්පික රණවකලා ෆෝම් වූයේ මේකෙන්ය. මැතිවරණයෙන් 3% වැටී කුල්ල කුජීත වී සිටි ජවිපෙ මේ ඕවඩෝස් ගිය විවේචන මැදින් නැවත පිටියට අවතීර්ණ විය. පෝට් සිටියෙන් කළුගල් ඉවර වෙනවා යැයි කියූ අනුර නැවත හරබර කථිකයෙක් ලෙස රඟපෑමට පටන් ගෙන තිබේ.
රනිල් රටටම කෙලවන තුරු නිදිවැදී සිටි චම්පික රණවක නැවත මහා කලු සිංහලයාගේ චරිතයට පණ දීමට සැරසේ. අවසන් ප්‍රතිඵලය ඉන්දියාවේ ද සහයෙන් 2015 මෙන් රූකඩයක් රජවීමට උත්සාහ දැරීමයි. ඉන්පසු අඬන බයියන්ට උතුරු නැගෙනහිරත් වෙන්කර වරායත් විකුණා බෝම්බත් කමින් ජීවත්විය හැක.
□ ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩු වෙලාද ?
එහෙම අඩු වෙලා නැත. බුකියේ සුරංගනා කතා කෙස් පැලෙන තර්ක ගමේ නැත. එහෙත් සැබෑ ජාතික අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු වේ.
ඊයේ පෙරේදා සාදාගත් පේස්බුක් ගිණුම්වලින්
දමා ආණ්ඩු පෙරලීමට නොහැකිය !
ඇවැසි තැන සාධනීය විවේචන සහිතව මේ ආණ්ඩුව රැකගැනීම අපේ වගකීමකි. මෙතරම් වෙහෙස වී ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ විශාල අරමුණු ඇතුවය. මෙවැනි ජාතිකවාදී ජනතාවාදී පාලනයක් නැවත අපට ලැබෙන්නේ නැත.
Sambhavya S Prathibhanath