හරි. අනතරේ ගැනම ෆෝකස් කරන එක ගැන මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බෑ. ඒත් ඔය මෝටිවෙෂන් එකෙන් නම් මේ පනත ගැන ඔපීනියන් එකක් හදාගන්නෙ, ඒකෙ අවුලක් තියෙනව.
ශිෂ්‍ය සංගම් කිව්වම වාමාංශික ව්‍යාපාර විතරක් නෙවේ ඒකට අහුවෙන ලොකු පදාසයක් තියෙනව. ජෙප්පො නැති තැන් වලත් ස්ටුඩන්ට් බෝඩ්ස්, කවුන්සිල්ස්, යූනියන් තියෙනව. අපි අන්තරේ, පෙරෙට්ටොන්ට අකමැතියි, ඒ නිසා විශ්ව විද්‍යාල වලට military-like administration එකක් ගේමු...එහෙමද? පුදුම ඕවර්කිල් එකක් නෙව. ඕකම තමයි මෙතන ලීගල් පොයින්ට් එකත්. මිනිස්සු පරමාදර්ශී ලෙවල් එකකින් මේ වගේ "පිළිවෙල කරන" ක්‍රියාමාර්ග ඉන්ටර්ප්‍රිට් කරාට ඇත්තට ඒ විදිහට ඔය වගේ බිල් ෆන්ක්ෂන් වෙලා තියෙනවනෙ මීට කලින්. ඇරත් පනතෙ ශිෂ්‍ය සංගම් විතරක් නෙමේ වෙන කරනා ගොඩක් කවර් කරනව. උඹ කියෙව්වද ඔක්කොම?
කොහොම හරි මෙතන බොහෝ විට වෙන්නෙ මේකයි. මේ ප්‍රශ්නෙ ගැන KDU එකේ උන් කතා කරන්නෙ නෑ ඒ අයගෙ ශිෂ්‍යභාවයට ප්‍රෙෂර් එකක් එන නිසා, සමහර අය නම් පාසැල් මාතාව ලෙවල් එකෙන් මේක ඩිෆෙන්ඩ් කරන්නෙ දැනටත්. ප්‍රයිවට් යුනි වල ඉන්න අයට උනන්දුවක් තිබ්බත් උන් ආර්ථිකව ටිකක් හිරවුන පරිසරේක ඉන්න නිසා මේව ගැන කතා කරන්න මෝටිවේෂන් එකක් නෑ. මේගැන ස්වභාවයෙන්ම කතා කරන්නෙ ස්ටේට් යුනි වල කොටසක් විතරයි. අන්තිමේදි මේකත් ප්‍රයිවට්-ස්ටේට් යුනි ප්‍රශ්නයක් විදිහට ලඝු කරල තමයි නවත්තන්නෙ. ඔය වාගෙ බෙදීම් නොවෙන එක තමා වැදගත්ම දේ.