ජනාධිපතිවරයා විදිහට රටේ තත්ත්වය පහදලා දෙන එක තමයි මේ කරන්නේ. රටක් වහන් හිටියොත් රාජ්ය සේවකයාට මාසේ පඩිය කොහොමත් ලැබෙනවා. පුද්ගලික අංශයේ සේවකයාටත් කීයක් හරි ලැබෙයි. ඒත් ඔය වගේ පොඩි පොඩි කඩ අටවන් ඉන්න එදා වේල හොයාගන්න මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒක නිසා රට වහලා ආර්ථිකය විනාශ වෙන්න දෙන්න බැහැ. ඔන්න ඕක තමයි ඔය උදාහරණ දීලා කියන්නේ.