හඬන වැලපෙන අය වෙනුවෙන්
හැඬුම යනු අප ආවේග පිට කරන එක ක්රමයකි. ඉන් බොහෝ අය සැනසුමක් ලබන බව අප දන්නා කාරණයකි. වෛද්‍ය වරුන්ගේ මෑත කාලීන සොයා ගැනීමක් වන්නේ කඳුළු අපගේ හිත පමණක් නොව සිරුර ද සුව කරන්නට සමත් බවයි. මේ හැඬුම ගැන 2008 නොවැම්බර් 11 දින The Independent පුවත්පතේ Roger Dobson පලකළ ලිපියකින් පරිවර්තනය කරන ලද්දකි. මෙය සම්පූර්ණ ලිපියම නොවන බව සලකන්න. මගේ පරිවර්තනයකි.
හැඬුම යනු බොහෝ දෙනෙකුට සැහැල්ලුවක් ගෙන දෙන, රතු ඇස්, හොටු බේරීම, සහ තෙත ලේන්සු හැරුන විට වෙනත් අතුරු ආබාධ නැති ක්‍රියාකාරකමකි. මෙය ඉතා වටිනා ඖෂධයක් නොවුනද ඉන් අපගේ සිරුර සුව කරන බව වෛද්‍යවරුන්ගේ සොයා ගැනීමයි. එය කොතරම් වැදගත් ද යත් අවශ්‍ය විටෙක හඬන්නට නොහැකි අය හඬවන්නට උපකාරී වන ක්‍රමයක් සොයන්නට තරම් එහි ඇති සුව ගුණය වැදගත් ය.
වෛද්‍යවරුන් ට අනුව හැඬීම මිනිස් පරිනාමය සමඟ මෙතෙක් දුර එන්නට එහි ඉතාම වැදගත් ජීව විද්‍යාත්මක ගුණයක් තිබිය යුතුය. එමෙන් ම එය ශරීර තුල පරිනාමය සමඟ සමගාමීව මිනිසාගේ පැවැත්ම සඳහා ප්‍රයෝජනවත් වී තිබිය යුතුය. උදාහරණයක් ලෙස සිනහව යනු ලේ ගමනා ගමනය වැඩි කරන, දෝමනස්ස හෝමෝන අඩු කරන, ප්‍රතිජීවක ගුණය වැඩි කරන ක්‍රියාවක් බව අප දනිමු. එසේ නම් හැඬීම තුල ඇත්තේ මොනවාද? ආවේගයක් නිසා අප ඇස් වලින් එන කඳුළු තුල ඇසට ආරක්ෂාව දෙන පටලයක් සාදන දියරයක් අඩංගුය. ඒ තුලින් ඇස් ආරක්ෂා වෙයි.
හැඬීම මගින් ඇති ප්‍රයෝජනය පෙන්වන තවත්සොයා ගැනීමක් වන්නේ ආවේගයක් නිසා එන කඳුළු සහ වෙනත් හේතු නිසා (ළූණු කැපීම වැනි ) එන කඳුළු වල ඇති සංඝටක වෙනස් බවයි. තවද ආවේගයක් නිසා එන කඳුළු වල proteins, manganese, potassium සහ prolactin වැනි හෝමෝන වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. Prolactin යනු ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය හෝමෝනයකි.
University of South Florida, Tilburg University in The Netherlands, Bunka Women's University and Nagano College in Japan යන විශ්ව විද්‍යාල මේ සම්බන්ධව බොහෝ නිරීක්ෂණ සහ පරීක්ෂණ කටයුතු කරති.
කඳුලින් බර සොයා ගැනීම් :
20% ක් පමණ හැඬුම් අවස්ථා විනාඩි 30 ට වඩා පවතී.
8% ක් පමණ පැයකට වැඩි කාලයක් පවතී.
70% ක් පමණ දෙනා තමා ගේ හැඬීම සඟවන්නට උත්සාහ නොකරති.
77% ක් පමණ අප හඬන්නේ ගෙදරදීය.
15% ක් පමණ හැඬුම් සේවා ස්ථානයේදී හෝ වාහන වලදී හෝ සිදු වෙයි.
40% ක් පමණ දෙනා තනිව වැලපෙති.
39% ක් පමණ හැඬුම් ඇති වන්නේ සවස්(සන්ධ්‍යා) කාලයේදීය. උදේ දහවල් සහ රාත්‍රී පිලිවෙලින් 16%, 29%, 17% වේ.
සවස 6-8 දක්වා කාලය වැඩිපුරම හඬන කාලයයි.
88.8% දෙනා හඬා අවසානයේ ඉන් සැනසුමක් ලබති.
ගැහැනියක් වසරකට සාමාන්‍යයෙන් 47 වරක් පමණ හඬයි (සාමාන්‍යය).
පිරිමියෙක් වසරකට 7 වරක් පමණ හඬයි.
(මේවා බූට් කෑ එලකිරියන් සම්බන්ධව බොහෝ වෙනස් විය හැක.)